ජනපතිධුර කාලය අවසන් වීම මාස 6 ක් පමණක් තිබියදී කාර්සායි ජනපතිවරයා නේටෝ මෙහෙයුම් දැඩි ලෙස විවේචනය කර ඇත.
ඇමරිකාව හා බ්‍රිතාන්‍ය මෙහෙයුම්වලින් රටේ ජනතාවට ඇතිවූ යහපතක් නැති බවත් ඇෆ්ගනිස්‌ථානය තවදුරටත් අවුලකට ඇද වැටුණු බවත් කාර්සායි පවසා ඇත.
පුරා වසර 12 ක් තුළ ඇෆ්ගනිස්‌ථානයේ කළ මෙහෙයුම් නිසා ඇමරිකන් හමුදා භටයන් 2200 ක් හා බ්‍රිතාන්‍ය භටයන් 4400 ක් මරණයට පත්වී ඇත.
ඇමරිකන් හමුදා ඇෆ්ගන් ගම්මානවල මෙහෙයුම් කළත් අසල්වැසි පාකිස්‌තානයේ තලෙබාන් කඳවුරු විනාශ කිරීමට කටයුතු නොකළ බව ජනාධිපතිවරයා කියයි.
බී. බී. සී. රූපවාහිනිය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී කාර්සායි පවසා ඇත්තේ නේටෝ මෙහෙයුම් නිසා ඇෆ්ගනිස්‌ථානය ආරක්‌ෂිත වූයේ නැති බවයි.
http://www.divaina.com/2013/10/19/forign04.html
0 comments:
Post a Comment