Pages

Monday, October 28, 2013

මෙරට ජාතික ආරක්‍ෂාව සම්බන්ධව ක්‍රියා කිරීමට විග්නේශ්ට අයිතියක්‌ නෑ - ගෝඨා

මෙරට ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට උතුරු පළාත් සභා මහ ඇමැති විග්නේශ්වරන්ට හිමිකමක්‌ නැතැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ද්‍රවිඩ මාධ්‍යවේදීන් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ක්‍රියාකරන්නේ ජනාධිපති, ආරක්‍ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිසිය හා ආරක්‍ෂක මණ්‌ඩලය බව ඒ මහතා අවධාරණයෙන් පළ කළේය.

විග්නේශ්වරන් මහතා ක්‍රියා කළ යුත්තේ රටේ අනිකුත් මහ ඇමැතිවරුන් ක්‍රියාකරන අන්දමට යෑයිද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

මේ අතර උතුරේ මහ ඇමැති විග්නේශ්වරන් පොලිස්‌ බලතල ඉල්ලීම රජය ඊයේ ප්‍රතික්‍ෂේප කළේය.

විග්නේශ්වරන්ට අවශ්‍ය ලෙස පොලිස්‌ දෙපාර්තමේන්තුව කැබැලි 24 කට කැඩීමට රජය සූදානම් නැතැයි ද රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය.

උතුරට පොලිස්‌ බලතල දුන්නොත් පොලිසිය කැබැලි වන බව පොලිස්‌පති නලින් ඉලංගකෝන් මහතාද රජයට අනතුරු අඟවා ඇත.

කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන
http://www.divaina.com/2013/10/26/news02.html

සබැඳි ලිපි -
[
උතුරු පළාත් සභාවේ මංගල සැසිය අමතමින් විග්නේශ් ප්ලෑන කියයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_27.html
]

0 comments: