Pages

Wednesday, October 30, 2013

රාජසිංහ මාලිගයේ නටබුන් මතුවේ

සීතාවක බලකොටුව ආශ්‍රිතව කෙරෙන පුරාවිද්‍යා කැණීම්වලදී පළමුවැනි රාජසිංහ රජුගේ රජ මාලිගයේ නටබුන් යැයි අනුමාන කළ හැකි සාක්කි හමුවී තිබේ. කළුගල්වලින් තනන ලද පාදමක කොටස් සහ ගල් ඇතිරුමක් සහිත ගල්  පඩිපෙළක නටබුන් මේ වන විට මතු කරගෙන ඇතැයි සබරගමුව පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ තිස්ස මදුරප්පෙරුම මහතා පැවැසීය. සීතාවක බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි සීතාවක රාජසිංහ රජුගේ මාලිගය සහ ලන්දේසි බලකොටුව තිබූ බව කියැවෙන ස්ථානයේ මෙම කැණීම් ආරම්භ කර ඇත. 
හමුවූ නටබුන් රාජසිංහ රජුගේ මාලිගයේ නටඹුන් ද යන්න පිළිබඳව මතෛක් නිශ්චිතව තහවුරු වී නැති බවත් තවදුරටත් කැණීම් ආශ්‍රිතව පරීක්ෂණ කටයුතු කෙරෙමින් පවතින බවත් මදුරප්පෙරුම මහතා කීය. සීතාවක ඉතිහාසය පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමේ අරමුණින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම කැණීම් කටයුතු අරඹා ඇති අතර තිස්ස මදුරප්පෙරුම මහතාගේ අධීක්ෂණය යටතේ එම කැණීම් කටයුතු සිදුකෙරෙයි.

ගයාත්‍රි ගීගනආරච්චි 
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=20226:2013-10-28-03-10-55&catid=34:news&Itemid=62

0 comments: