Pages

Sunday, March 29, 2015

නොමිලේ වයි-ෆයි සඳුදා සිට

නොමිලේ රැහන් රහිත අන්තර්ජාල පහසුකම් (වයි-ෆයි) ලබාදීමේ පළමු අදියර ලබන සඳුදා (30දා) කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයෙන් ආරම්භ කරනු ලැබේ. ඒ අනුව ලබන සඳුදා (30දා) පෙරවරු 9.30ට කොළඹ කොටුව දුම්රිය ස්‌ථානය අසලදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නොමිලේ වයි-ෆයි ලබාදීමේ පළමු අදියර ආරම්භ කෙරේ. මීට අමතරව රටේ තෝරාගත් ස්‌ථාන දහසක පමණ මෙම වයි-ෆයි කලාප ස්‌ථාපිත කරනු ලබයි. විශ්වවිද්‍යාල, වෙනත් වෘත්තීය අධ්‍යයන ආයතන, ප්‍රධාන පෙළේ දුම්රිය ස්‌ථාන, බස්‌නැවතුම්පළවල්,...

අන්තවාදී පිරිස්‌ නිසා නැගෙනහිර මුහුදේ මසුන් අල්ලන දකුණේ ධීවරයන්ට දුෂ්කරතා

අන්තවාදී පිරිස්‌වල ක්‍රියාවන් හේතුවෙන් නැගෙනහිර මුහුදේ මසුන් අල්ලන සංක්‍රමණික දකුණේ ධීවරයන් විශාල පිරිසක්‌ දැඩි දුෂ්කරතාවකට මුහුණ දී ඇතැයි වාර්තා වේ. ධීවර පවුල් 400 - 500 ත් අතර ප්‍රමාණයකට නැගෙනහිර මුහුදේ මසුන් ඇල්ලීමට ඉඩ නොදීම නිසා මෙම තත්ත්වය හට ගෙන ඇතැයි සඳහන් වේ. කාලයක්‌ තිස්‌සේ හලාවත හා මීගමුව ප්‍රදේශවල සංක්‍රමණික සිංහල ධීවරයන් නැගෙනහිර මුහුදේ මසුන් ඇල්ලූ බවත්, දැනට දින කිහිපයක්‌ තිස්‌සේ නැගෙනහිර ක්‍රියාත්මක අන්තවාදී පිරිස්‌වල විරෝධතා හේතුවෙන්...

ඉවත්කළ නාමය යළි බැබළීම - සරත් ෆොන්සේකා

ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයට නව පිටුවක්‌ එක්‌කරමින් ප්‍රථම වරට යුද හමුදා නිලධාරියකු වෙත ෆීල්ඩ් මාර්ෂල් නිලය ප්‍රදානය කිරීම පසුගියදා සිදුවිය. මෙතෙක්‌ මෙරට යුද හමුදා නිලධාරියකු දරන ඉහළම නිලය ලෙස තිබූ ජෙනරාල් නිලය අභිබවා ප්‍රථම වරට ෆීල්ඩ් මාර්ෂල්  නිලයෙන් පිදුම් ලැබූ සරත් ෆොන්සේකා ලොව සිටින සීමිත ෆීල්ඩ් මාර්ෂල්වරුන් කීපදෙනා අතරට පැමිණියේ ශ්‍රී ලංකාවට ගෞරවයක්‌ සහ කීර්තියක්‌ද අත්කර දෙමිනි. එතෙක්‌ තරු හතරේ ජෙනරාල් නිලය දරමින් සිටි ජෙනරාල් සරත්...

පොහොර වර්ග තුනක්‌ ආනයනය තහනම්

මෙරට කෘෂිකාර්මික කටයුතුවලට යොදා ගැනෙන පොහොර වර්ග 03 ක්‌ ආනයනය කිරීම රජය විසින් තහනම් කර තිබේ. ප්‍රමිතියෙන් තොර මෙම පොහොර පසට මිශ්‍රවීමෙන් වකුගඩු වලට ඇති විය හැකි රෝග කාරක ඇති බවට අනුමාන කෙරේ. ආනයනික තවත් පොහොර වර්ග දෙකක්‌ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්‍ෂණ ආරම්භ කර ඇති බැවින් එම පොහොර පිළිබඳවද ඉදිරියේදී තීරණයක්‌ ගන්නා බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ දිවයිනට පැවැසීය. මේ අතර ඉදිරි යල කන්නය සඳහා සහනාධාර මිලක්‌ යටතේ ගොවීන්ට පොහොර ලබාදීමේ වැඩසටහන සීමා සහිත ලංකා...

ඒකීය රාජ්‍යයෙන් දෙමළ ජනතාවට සෙතක්‌ වෙන්නේ නෑ - විග්නේෂ්වරන්

ඒකීය රාජ්‍යය තුළින් දෙමළ ජනතාවට යහපතක්‌ සිදුවන්නේ නැතැයි උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා යාපනයේදී ප්‍රකාශ කර ඇත. උතුරු පළාතේ පළාත් රජයක්‌ ඇති බව පවසා ඇති විග්නේෂ්වරන් මහතා එම රජයට තම අභිමතය පරිදි කටයුතු කිරීමට ඉඩ දෙන්නේ නැතැයි ද සඳහන් කර තිබේ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළින් සමාන්තර පාලන දෙකක්‌ රට තුළ ක්‍රියාත්මක වීම නිසා ප්‍රශ්න ඇතිවී තිබෙන බවද දක්‌වන විග්නේෂ්වරන් මහතා ඒකීය රාජ්‍යය තුළින් බෞද්ධාගමට හා සිංහල භාෂාවට මුල් තැන දී ඇති බවට...

Saturday, March 28, 2015

සඳුදා සිට නොමිලේ ‘වයි ෆයි‘ - ලබා දෙන ප්‍රදේශ මෙන්න...

රටම ආවරණය වන අන්දමින් නොමිලේ අන්තර්ජාල පහසුකම් සැපයීමේ වැඩසටහන යටතේ ‘වයි ෆයි‘ කලාප කිහිපයක් ලබන සතියේ සඳුදා සිට ආරම්භ කිරීමට සුදානම් බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ වැඩසටහන් කළමණාකරු ගවස්කාර් සුබ්‍රමනීයම් මහතා පවසා ඇති බවට වාර්ථාවේ. තවද ලබන සඳුදා මෙහි සමාරම්භක නිල උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විමට නියමිත බවත් සුබ්‍රමනීයම් මහතා පැවසු අතර එම උත්සවයට සමගාමීව ‘වයි ෆයි‘ කලාප 26ක් ඇරැඹීමට සුදානම්...

මනාප ක්‍රමය අහෝසිකර මහ මැතිවරණය කොට්ඨාස ක්‍රමයට

ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණය මනාප ක්‍රමය අහෝසි කර කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන අතර පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 255ක් දක්වා ඉහළ යනු ඇති බවට වාර්ථාවේ. කොට්ඨාස ක්‍රමය ආසන 160ක්ද දිස්ත්‍රික් 22න් සමානුපාතික ක්‍රමය යටතේ ආසන 70ක්ද ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු 20 ක්ද තෝරාපත්කර ගැනීමට නියමිතය. ජාතික ලැයිස්තුවේ එම 20 දෙනාගෙන් 5ක් අනිවාර්යයෙන් කාන්තාවන් විය යුතුය.මෙම මැතිවරණ සංශෝධනය 20 වැනි සංශෝධනය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවට වාර්ථාවේ.මේ...

ලොව ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන මෙහෙයුම්කරු ආසියාවයි – ජනපති

ලොව ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන මෙහෙයුම්කරු ආසියාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත. ලොව ජනගහනයෙන් 60% ක් ජීවත් වන ආසියානු කලාපය දුප්පත්කම අතින්ද බලපෑමට ලක්ව ඇති බව ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවට වාර්ථාවේ. චීනයේ ශැංහයි නගරයේ පැවැත්වෙන ආසියානු බෝආ සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළකර ඇති බවට වාර්ථාවේ. පොදු ඉරණමක් කරා ගමන් කරන ආසියානු කලාපය සහ අනාගතය යන්න මෙවර බෝආ සමුළුවේ තේමාව වෙයි.මෙම සමුළුව සදහා ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව,...

යුරෝපා සංගමය එල්ටීටීය යලි තහනම් කරයි

මේ වන විට යුරෝපා සංගමය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත වරක් තහනම් කර ගැනීමට හැකි වු බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. මෙය මෑත කාලීනව ලද විශිෂ්ටතම රාජතාන්ත්‍රාක ජයග්‍රහණයක් බව ඒ මහතා සඳහන් කර ඇති බවට වාර්ථාවේ. මෙම ජයග්‍රහණයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇති බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත හිස එසවීම වැලැක්වීම සඳහා ප්‍රඥා‍වන්තව කටයුතු කරන වර්තමාන ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය තහවුරුවීමක් මෙමගින් සිදුවන බවත්, හෙතෙම...

ජීවිතය යන ප්‍රශ්නාවලියට පූර්ණ පිළිතුර... මහරහතුන් වැඩි මග ඔස්‌සේ ...

උතුම් පැවිදි ජීවිතය ගතකරන අපි, පාංශකූල චීවරය, පිණ්‌ඩපාතයෙන් යෑපීම, කැළයේම හුදෙකලාව ජීවත්වීම, එකවේලක්‌ යෑපීම කියන කාරනා නිවන් මාර්ගය මෝදුකොටගැනීමට, සත්තිස්‌ බෝධිපාර්ශ්වික ධර්මයන් වැඩීමට උපකාරක ධර්මයන් බවටයි පත්කොට ගතයුත්තේ. එසේ නැතිව එම උපකාරක ධර්මයන් නිවන් මාර්ගයේ ඵලයක්‌ හැටියට ගැනීමට නොවෙයි. මොකද භික්‍ෂුව දැකලා තිබෙනවා, සමහර පිංවත් ස්‌වාමීන්වහන්සේලා එකවේලක්‌ පිණ්‌ඩපාතයෙන් යෑපීම නිසා තමාගේ පැවිදි දිවියේ අරමුණු ඉටුවුණාය කියලා සතුටු වෙනවා. පංශකූල...

"මහරජ ගැමුණු" නොබැලූ දෑස කුමටද?"

මම වෘත්තීය චිත්‍රපට විචාරකයකු නොවෙමි. එබැවින් මා ඔබ හමුවේ මෙම සටහන තබනුයේ හුදු කලා රසිකයකු හා දේශප්‍රේමියකු වශයෙන් එය නැරැඹීමෙන් ලත් ආශ්වාදය ඔබ ඉදිරියේ දිගහැරීම සඳහා ය.  1956 න් පසු පසුගිය දශකයේ යළිත් මේ රට තුළ ඇති වූ ජාතිකත්වය, දේශමාමකත්වය හා ආගමික පුනරුද ප්‍රබෝධයේ එක්‌ වැදගත් පැතිකඩක්‌ වශයෙන්ද, සිංහල සිනමා කලාවේ එක්‌තරා කූඨ ප්‍රාප්තියක්‌ වශයෙන්ද මම මෙය දකිමි. සිංහල දේශයේ අභිමානවත් හා සාඩම්බර ඉතිහාස කතාවේ හර පද්ධතීන් ආරක්‍ෂා කරමින්, ප්‍රබලව...

ජාතික ගීය දෙමළින් ගැයීමේ අර්බූදය

ඒ 2016 වසරේ නිදහස් සමරු උළෙලයි. කවුරුත් සීරුවෙන් සිටින්නේ ජාතික ගීතය ගායනා කිරීමටයි. ජනපති සිරිසේන “ශ්‍රී ලංකා මාතා“ ලෙස ජාතික ගීතය ගායනා කරන විට ප්‍රධාන ඇමති විග්නේශ්වරන් එය ගයනු ඇත්තේ “ශ්‍රී ලංකා තායේ“ යනුවෙනි. සමහරවිට අගමැති වික්‍රමසිංහ එය “මදර් ශ්‍රි ලංකා“ ලෙස ද ගැයීමට ඉඩ තිබේ. 2016 දී නිදහස් උළෙල මගේ සිතේ මෙසේ මැවුණේ දෙමළ බසින් ජාතික ගීතය ගායනා කිරීමට නිල පිලිගැනීමක් ලබා දීමට රටේ ඉහළම පාලන අධිකාරිය වන ජාතික විධායක සභාව තීරණය කළ බව මාධ්‍ය වාර්තා...

ජාතික ආණ්‌ඩුවක්‌???

ජාතික ආණ්‌ඩුවක්‌ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට පිහිටුවා තිබේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‌ෂ එය තුළ නොමැති බැවින් මෙය සැබෑවටම ජාතික ආණ්‌ඩුවකටත් වඩා සභාග ආණ්‌ඩුවකි. එහෙත් මෙරට ප්‍රධානතම දේශපාලන පක්‌ෂ දෙක වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය හා එක්‌සත් ජාතික පක්‌ෂය ඉතිහාසයේ පළමු වරට එක්‌ව තිබෙන නිසා මෙය ඓතිහාසික අවස්‌ථාවකි. මෙතෙක්‌ පාර්ලිමේන්තුව තුළ සුළුතරයක්‌ වූ ආණ්‌ඩුව නව ජාතික රජයත් සමඟ ශක්‌තිමත් වී තිබේ. කෙසේ වෙතත් ජාතික ආණ්‌ඩුව බිහිවීමත් සමඟ ඇමති...

Friday, March 27, 2015

යළි ඉතිහාසය ඉගැන්වීම - නිවැරදි පෙළ පොත් සම්පාදනයක අවශ්‍යතාව

තම රටේ ඉතිහාසය ඉගැන්වීම ලෝකයේ බොහෝ රටවල පාසල් අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක්‌ වෙයි. එක්‌ කලෙක ලක්‌දිව පාසල්වල මෙන් ම සරසවිවල ද අනිවාර්ය නො වුව ද ඉතිහාසය ඉතා ජනප්‍රිය විෂයක්‌ බවට පත්ව තිබිණි. එහෙත් ඇතැම් අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණවලින් විශ්වවිද්‍යාල පාඨමාලාවෙන් ඉතිහාසය කප්පාදු වී ගිය අතර එය උගැන්වීම පිළිබඳව පාසල්වල තිබූ උනන්දුව ද ක්‍රමයෙන් හීන වී ගොස්‌ අන්තිමේ දී පාසල් විෂය ධාරාවෙන් එය සහමුලින්ම තුරන් වී ගියේ ය. මෙය නිවැරදි කළ යුතුබවට නො කඩවා ගෙන ගිය අරගලයේ...

Tuesday, March 24, 2015

ධීවර ගමක් සුපිරි රටක් කළ සොඳුරු ආඥාදායකයා - ලී ක්වාන් යූ

ලෝකයේ අති සාර්ථක ආර්ථික කතාන්දරයක් ලෙසින් සැලකිය හැකි සිංගප්පූරුව ලෝකයේ සුපිරිතම ආර්ථිකයක් බවට හැරවූ අසාහය නායක ලී ක්වාන් යූ අවුරුදු 91 ක් ආයු වළදා පරලෝ සැපත්විය. සිංගප්පූරුවට මෙම වාසනාව ගෙන දුන්නේ ලී විසින් නිර්මාණය කළ අවංක මෙන්ම ප්‍රායෝගික ආණ්ඩුව හේතුවෙනි. ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරමින් ඉදිරියට යෑමට දඟලන අපිටද මෙම ප්‍රායෝගික නායකයාගේ ජීවිතයෙන් ඉමහත් ආදර්ශයක් ලබාගත හැකිය. 1959 දී සිංගප්පූරුව නැමති ධීවර ගම්මානයේ අග්‍රාමාත්‍යවරයා බවට පත්වී වසර 31...