Pages

Tuesday, March 10, 2015

අත්අඩංගුවට නොගත්තානම් ඔබාමාගේ හිසට වෙඩි තියනවා

වොෂින්ටනයට ගොස් ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කෙන්ටකි සිරගෙදර රඳවා සිටින සිරකරුවකු විසින් අනාවරණය කර ඇතැයි වාර්තා වේ.

ඔහායෝ ප‍්‍රාන්තයේ සින්සිනාටි නගරයේ වැසියකු වන ක‍්‍රිස්ටෝපර් ලී කෝර්නල් ත‍්‍රස්ත ප‍්‍රහාරයකට සැලසුම් කිරීමේ වරදට ජනවාරි මසදී අත්අඩංගුවට ගනු ලැබිණි.  20 හැවිරිදි කෝර්නල් පවසා ඇත්තේ තමන් ISIS ආධාරකරුවකු බවයි.

ඉරාකයේ ISIS ඉලක්ක වෙත ඇමරිකාව විසින් ගුවන් ප‍්‍රහාර එල්ලකිරීමට පළිගැනීම සඳහා ඇමරිකානු බලධාරීන් ඝාතනය කිරීමට සැලසුම් කළ බව සිරගෙදර සිට මාධ්‍ය අමතමින් ඔහු පවසා තිබේ.

ඔබාමාගේ හිසට වෙඩි තැබීමෙන් පසු සෙනෙට් සහ කොංග‍්‍රස් මණ්ඩල නියෝජිතයින් කිහිපදෙනෙකු ඝාතනය කිරීමට සිතා සිටි බවත් ඊශ‍්‍රායල තානාපති කාර්යාලය ඇතුළු ගොඩනැගිලි කිහිපයකට පහරදීමට සූදානම්වූ බවත් කෝර්නල් පවසා ඇත.

ඇමරිකාව විසින් තමන් ත‍්‍රස්තවාදියකු ලෙස හැඳින්විය හැකි වුවත් තම ජනතාව ජීවත් වන භූමිය ආක‍්‍රමණය කර සම්පත් කොල්ලකන, ජනයා ඝාතනය කරන හා ගැහැණුන් දුෂණය කරන ඇමරිකානු හමුදාවද ත‍්‍රස්තවාදීන් බව ඔහුගේ අදහසයි.

සිරියානු රජය අස්ථාවර කිරීමේ සැලසුමක් ලෙස 2012දී ජෝර්දානයේදී පුහුණු කරනු ලැබූ ISIS සංවිධානය පසුගිය වසරේදී ඉරාකයේ හා සිරියාවේ විශාල භූමි ප‍්‍රදේශයක් අල්ලා ගත් අතර මෑතකාලයේදී ඇමරිකානුවන් තිදෙනෙකු ඇතුළු විදේශිකයින් බොහෝ ප‍්‍රමාණයක් ඝාතනය කරන ලදී.

https://lankacnews.com/sinhala/foreign-news/129197/

0 comments: