Pages

Friday, March 6, 2015

මහ ඡන්දය නව මැතිවරණ ක්‍රමයට

නව මැතිවරණ ක්‍රමය මෙම මස අවසන් වීමට පෙර සැකසීමට හැකි වනු ඇති බව කැබිනට්‌ ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (5 වැනිදා) සඳහන් කළේය.

ඒ අනුව මීළග මහ මැතිවරණය නව ක්‍රමය යටතේ පැවැත්වෙනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.

මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය යන මහත්වරුන් හා නීතිපතිවරයා මැනුම්පති සමගද සාකච්ඡා කළ බවත් එහිදී ඉතා කඩිනමින් මෙම කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමසාරිස්‌වරයා ප්‍රකාශ කළ බවත් හෙතෙම කීය.

මිශ්‍ර හා සමානුපාතික යන බද්ධ ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වෙන බව කියා සිටි හෙතෙම මෙහිදී දිනේෂ් ගුණවර්ධන මැතිවරණ ක්‍රමයට යම් යම් වෙනස්‌ කම් එක්‌වනු ඇති බවත් පැවසීය. 

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2015/03/06/news03.html

Pic Source

0 comments: