Pages

Monday, March 16, 2015

අහමඩ්, ඉල්ෂාඩ්, අබ්දුල් ගවාර්, සබීර්, තාජුඞීන්.... සිට සිම්සාන් දක්වා, මූසලු කුඩු බූවල්ලන් නිසා වැනසෙන සිංහල තාරුණ්‍යය

'හෙරොයින්' රටේ ප්‍රධාන මාතෘකාවක්‌ බවට පත්වී හමාරය. එය එසේ සිදුවුණේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු ලෙස සැලකෙන වෙලේ සුදා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

වෙලේ සුදාගේ ප්‍රකාශ මත පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ද රහස්‌ පොලිසියට යන්නට සිදුවුණේය. හිටපු පොලිස්‌පතිවරයකුගේ නමද මේ ජාවාරමට ඈඳී තිබිණි. වෙලේ සුදා අල්ලා ගැනීමෙන් පසු ඔහුගේ ප්‍රධානතම ගෝලයකු වූ සුරාඡ් අහමඩ්ද පොලිසියට කොටු වුණේය. මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී රටේ ප්‍රභූන් ලෙස සිටින ජාවාරම්කාරයන් ගැන වැදගත් තොරතුරු හෙළිවන්නට පටන් ගත්තේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයද නව ජවයක්‌ ඇතිව සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවක්‌ පෙනෙන්නට තිබෙයි. මත්ද්‍රව්‍ය නාශක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ලෙස පූජිත ජයසුන්දර මහතා රාජකාරි භාර ගැනීමෙන් පසු නව ජීවය ඊට ලැබුණා විය හැකිය. හෙරොයින් භාවිතයට ඇබ්බැහිවූවන්ට ඒවා සිල්ලරට විකුණන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන හිර ගෙවල්වල ගාල් කිරීම නිෂ්ඵල ක්‍රියාවක්‌ බව මත්ද්‍රව්‍ය නාශක අංශය භාරගත් පසු පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබුණේය.

හෙරොයින් ලෝකයේ තෝරුන් මෝරුන් පසු පස ලුහුබඳින්නට මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වැඩි වශයෙන් යෙදවීමට පූජිත් ජයසුන්දර මහතා මෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්‌පති රවී සෙනෙවිරත්න මහතා ද හැමවිටම කටයුතු කළහ.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කමල් සිල්වා මහතා ද මේ භාරදූර කාර්යයට විශාල දායකත්වයක්‌ ලබාදී තිබුණේය. හෙරොයින් ජාවාරමේ මහා දළකාරයන් කෙසේ හෝ අල්ලාගෙන රටටම පිළිලයක්‌ව තිබෙන මේ ජාවාරම මර්දනය කිරීම ඔවුන්ගේ මූලික අභිප්‍රාය විය.

මොහොමඩ් සිම්සාන් නමැති මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරු පිළිබඳ තොරතුරු රැසක්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත ලැබී තිබුණේය. වසර 20 කට උඩදී සිම්සාන් මුලින්ම හෙරොයින් තොගයක්‌ සමඟ පොලිසියට කොටු වූ බව පැරණි පොලිස්‌ වාර්තා පරීක්‍ෂා කිරීමේදී සොයා ගැනීමට හැකි විය. 

'සිම්සාන්' නැවතත් හෙරොයින් ජාවාරමේ මහා දළකාරයකු බවට පත්ව සිටින බව මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සොයා ගත්හ. සිම්සාන් කෙසේ හෝ නීතියේ රැහැනට නතුකර ගැනීමේ මෙහෙයුම මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ආරම්භ කරනු ලැබුවේ මීට මාස දෙකකට පමණ ඉහතදීය.

මොහොමඩ් සිම්සාන් පදිංචිව සිටියේ මීගමුව ප්‍රදේශයේය. 90 දශකය මුල භාගය වන විට මොහු ධනවතකු බවට පත්ව සිටියේය. අත දිගහැර මුදල් වියදම් කිරීම නිසා සිම්සාන් මීගමුව ප්‍රදේශයේ මහා බල පුළුවන්කාරයකු බවට පත්ව සිටියේය.

'වෙල්කම්' ජුවලර්ස්‌ නමින් රන් ආභරණ අලෙවි සල් දෙකක්‌ ඔහුට අයිතිව තිබුණේය. ඊට අමතරව පාලවිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අක්‌කර 15 ක්‌ පමණ භූමි ප්‍රමාණයකින් යුතු ඉස්‌සන් ගොවිපොළකි. මේ ව්‍යාපාර හරහා සිම්සාන් මහා ධනයක්‌ එදා උපයා ගත්තේය.

එහෙත් මේ සියලු ව්‍යාපාරවලට අමතරව සිම්සාන් මහා පරිමාණ ජාවාරම් කීපයක්‌ද කරගෙන ගියේ මීගමුවට පමණක්‌ නොව මුළු රටටම හොර රහසේය.

මහා පරිමාණයෙන් හෙරොයින් අලෙවි කිරීම හෝ සිගරට්‌ තොගපිටින් ගෙන්වා බෙදා හැරීම වැනි නීති විරෝධී ව්‍යාපාර තුළින් ඔහු ඉපයූ ධනය අති විශාලය.

මේ කාලවකවානුව වන විට කොළඹ පාතාලයේ මහ මොළකාර යන් කීප දෙනා අතර මොහොමඩ් නවුෆර් නොහොත් පොට්‌ට නවුෆර්ට හිමිවී තිබුණේ ප්‍රමුඛ ස්‌ථානයකි. නවුෆර් සිම්සාන්ගේ සමීපතම හිතවතෙකි.

සිම්සාන් හොර සිගරට්‌ ජාවාරම මෙන්ම හෙරොයින් ජාවාරමද කරගෙන ගියේ පොට්‌ට නවුෆර් සමඟය.

1995 වර්ෂයේදී සිම්සාන් පොලිසියට කොටුවුණේය. ඒ හෙරොයින් ග්‍රෑම් 900 ක්‌ ද සමඟය. මෙකල බස්‌නාහිර උතුර පළාතේ රාජකාරි කළ එක්‌තරා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ සිම්සාන් සමඟ සමීප සබඳතා පැවැත් වූවේය. ඒ හරහා ඔහු විශාල වශයෙන් මුදල් මෙන්ම වෙනත් වටිනා දේපළ ඔහුගෙන් ලබාගත් බව ප්‍රසිද්ධ රහසක්‌ බවට පත්ව තිබුණේය.

සිම්සාන් හෙරොයින් තොගයක්‌ සමඟ අත්අඩංගුවට ගත් පුවත සැලවීමෙන් මේ පොලිස්‌ ලොක්‌කාගේ ඉහමොළ රත්වුණේය. තමන් සිම්සාන් සමඟ සම්බන්ධතා නොපැවැත්වූ බව පෙන්වීමට ඔහු උපායක්‌ යෙදවූවේය.

සිම්සාන් මීගමුව ප්‍රදේශයේ හන්දියක්‌ හන්දියක්‌ ගානේ රැගෙන ගොස්‌ ඔහුට ප්‍රසිද්ධයේ පහර දීමට මේ පොලිස්‌ ලොක්‌කා කටයුතු කළේය.

කෙසේ වෙතත් සිම්සාන් අවසානයේ මේ හෙරොයින් චොද්නාවෙන් නිදහස්‌ වුණේය. එයද උසස්‌ පොලිස්‌ නිලධාරීන්ගේ ඇතැම් ක්‍රියාවන්වල ප්‍රතිඵලයක්‌ නිසා සිදු වූ බව එවකට රාජකාරි කළ පොලිස්‌ නිලධාරීහු දැන සිටියහ.

බන්ධනාගාරයෙන් නිදහස ලබා පැමිණි සිම්සාන් නැවතත් මීගමුවට වී සිය ජාවාරම් ක්‍රියාත්මක කළේය. පොට්‌ට නවුෆර් අතහැර තනිවම ජාවාරම් ක්‍රියාත්මක කිරීමට පටන් ගැනීම නිසා සිම්සාන් නවුෆර්ගේ උදහසට ලක්‌වුණේය.

එහි ප්‍රතිඵලය වූයේ සිම්සාන්ට මරණ වරෙන්තු නිකුත් කිරීමය. නඩරාජා විඡේපාලන් එදා පොට්‌ට නවුෆර්ගේ පාතාල කල්ලියේ ප්‍රබලම සාමාජිකයෙකි. විඡේපාලන් මීගමුව පීරමින් සිම්සාන් සොයන්නේ ඔහුට ලැබී තිබූ මරණ වරෙන්තුව ක්‍රියාත්මක කිරීමටය.

1996 වර්ෂයේදී සිම්සාන් වෙඩි කෑවේය. නඩරාජා විඡේපාලන් ඇතුළු සගයන් මීගමුව නගරයේදී සිම්සාන්ට වෙඩි තබා නිරුපද්‍රිතව කොළඹට පැන ගත්තේය.

වෙඩි ප්‍රහාරයට ලක්‌වුවද සිම්සාන්ට තවදුරටත් ජීවත්වීමේ වාසනාව හිමිව තිබිණි. විඡේපාලන් තැබූ වෙඩි ප්‍රහාරය ඔහුගේ පිට ප්‍රදේශයට වැදී තිබුණේය. කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගත් සිම්සාන් පසුව ඉන්දියාවේ ඇපලෝ රෝහලට ගොස්‌ වැඩිදුර ප්‍රතිකාර ලබා ගත්තේය.

මේ සියලු සිදුවීම්වලින් පසු සිම්සාන් මීගමුවට වී තරමක හුදකලා ජීවිතයක්‌ ගත කරන්නට විය. වෙල්කම් ජුවලර්ස්‌ රන් ආභරණ වෙළෙඳසල වැසී ගොස්‌ තිබුණේය.

ඉස්‌සන් ගොවිපළ පවා අලාභ ලබන තත්ත්වයකට පත්ව තිබුණේය. නවුෆර් ඇතුළු කල්ලිය කොයි මොහොතක හෝ තමන් මරාදමනු ඇතැයි සැකයෙන් සිටි සිම්සාන් රහසිගත ජීවිතයක්‌ ගත කරන්නට පටන් ගත්තේය.

මොහොමඩ් සිම්සාන් නැවතත් කරලියට එන්නේ 2001 වර්ෂයේ දීය. ඒ මහමැතිවරණය සඳහා වන්නි දිස්‌ත්‍රික්‌කයට තරග කරමින්ය. එවකට එක්‌සත් ජාතික පක්‍ෂයේ වන්නි දිස්‌ත්‍රික්‌ අපේක්‌ෂකයකු ලෙස මහ මැතිවරණයට තරග කළ සිම්සාන් ඉන් පරාජය වුණේය. දේශපාලනඥයකු වීම හරහා තම ජීවිතයට රැකවරණයක්‌ ගැනීමට ඔහු කළ උත්සාහයද ව්‍යර්ථ විය.

මැතිවරණ පරාජයෙන් පසු තවදුරටත් ශ්‍රී ලංකාවේ සිටීම අනතුරුදායක බව සිතූ සිම්සාන් ඉන්දියාවට පලා ගියේය. ඒ තම වැඩිමහල් පුත්‍රයාද සමඟය. පුත්‍රයා උසස්‌ අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළු කළ සිම්සාන් කිසියම් ව්‍යාපාරයක්‌ කිරීම සඳහා ඉව අල්ලන්නට වුණේය. ශ්‍රී ලංකාවේ නම් දැරූ සුපිරි පංතියේ හෙරොයින් ජාවාරම්කාරයන් කීප දෙනෙකුම ඒ වන විට ඉන්දියාවේ සැඟවී සිටියහ. මොවුන් සමඟ සමීපව කටයුතු කරන්නට සිම්සාන්ට අවස්‌ථාව ලැබුණේය.


ඉතාම කෙටි කාලසීමාවක්‌ තුළදී සුපිරි ධනවතකු බවට පත්විය හැකි හෙරොයින් ජාවාරම සිම්සාන්ගේ ප්‍රධානතම ව්‍යාපාරය වන්නේ ඉන්පසුවය.


තමිල්නාඩුවේ සැඟවී සිටි කිඹුලාඇළේ ගුණා, කොට ගාමිණී, තෙල්බාලා වැනි පාතාල අපරාධකාරයන්ගේ ඇසුර ලබමින් සිටි සිම්සාන් ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු බවට පත් වන්නේය.

තමිල්නාඩුවේ සිටින ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කාරයන් සමඟ සමීප සබඳතා ගොඩනඟා ගන්නට සිම්සාන්ට එතරම් කාලයක්‌ ගත වුණේ නැත.

එහෙත් මේ සබඳතා කෙළවර වන්නේ සිම්සාන් ඉන්දීය පොලිසියට කොටුවීමෙන් පසුවය. ඉන්දීය ජාතික හෙරොයින් ජාවාරම්කාරයන් කීප දෙනෙකු සමඟ හෙරොයින් කිලෝග්‍රෑම් 40 ක්‌ රැගෙන යද්දී සිම්සාන් එරට පොලිස්‌ අත්අඩංගුවට පත්වන්නේ 2002 වර්ෂයේදීය.

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් සිම්සාන් වසර 10 කට සිරගත කෙරිණි. තමිල්නාඩු සිර කඳවුරේ ගෙවී ගිය කාලය ඉතාම කටුක එකක්‌ විය. සිම්සාන් හෙරොයින් පාවිච්චියට ඇබ්බැහිවන්නේද තමිල්නාඩු සිර කඳවුරේදීය.

ගත කරන කටුක ජීවිතය ගෙවා දැමීම අපහසු නිසා සිම්සාන් තමිල්නාඩු බන්ධනාගාරයෙන් පලා යන්නට උත්සාහ කළේය. එහෙත් ඒ උත්සාහය සාර්ථක වුණේ නැත. පලායැමට උත්සාහ කිරීමේ වරදට බන්ධනාගාරයෙන්ම ඔහුට ලබාදී තිබුණේ අපූරු දඬුවමකි. සිම්සාන් අඩි 6 කට ආසන්න උසකින් යුත් දේහධාරී පුද්ගලයෙකි. බන්ධනාගාරයෙන් පලා යන්නට උත්සාහ කිරීමෙන් පසු සිම්සාන්ට ලැබුණේ අඩි 5 කටත් වඩා අඩු උසක්‌ ඇති සිර මැදිරියකි.

ඒ තුළ සිම්සාන්ට කෙළින් හිටගෙන සිටිය නොහැකි විය. ඔහු සැමවිටම සිර මැදිරිය තුළ සිටියේ එක්‌කෝ නිදාගෙන නැත්නම් බිම ඉඳගෙනය.

මේ දඬුවම වසර 4 කට ආසන්න කාලයක්‌ විඳ දරාගෙන සිටින්නට ඔහුට සිදු විය. 2012 වර්ෂයේදී දඬුවම් කාලය සම්පූර්ණ වුණේය. සිරෙන් නිදහස්‌ වූ සිම්සාන් එක මොහොතක්‌ හෝ ඉන්දියාවේ සිටියේ නැත.

සිම්සාන් ශ්‍රී ලංකාවට නැවත එන්නේ 2012 වර්ෂයේදීය. තමිල්නාඩුවේ ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කාරයන් සමඟ පැවැත්වූ සමීප සම්බන්ධතා ඒ අයුරින්ම පවත්වාගෙන යන්නට ඔහු අමතක කළේ නැත. රාජු තමිල්නාඩුවේ සිටි ප්‍රධානතම පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු විය. ඔහු සිම්සාන් සමඟ එකම ව්‍යාපාරය කළේය. මීගමුවට පැමිණි සිම්සාන් නැවතත් සුපුරුදු ලෙස හෙරොයින් ජාවාරමට අත ගැසුවේය. රාජුගේ මාර්ගයෙන් හෙරොයින් තොග පිටින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සිම්සාන්ට හැකිවිය.

ධීවර බෝට්‌ටු හරහා මීගමුව වෙරළට හෙරොයින් තොග ගෙන්වා ගත් සිම්සාන් තම විශ්වාසවන්ත ගෝලබාලයන් යොදවා ඒවා අලෙවි කළේය.

හෙරොයින් කිලෝ ග්‍රෑමයක්‌ ඉන්දියාවේදී මිලදී ගත්තේ රුපියල් ලක්‍ෂ 32 ක මුදලකටය. ඒ කිලෝග්‍රෑමය රුපියල් කෝටියකට ශ්‍රී ලංකාවේදී අලෙවි කිරීමට සිම්සාන් කටයුතු කළේය. හෙරොයින් අලෙවියෙන් ලැබෙන ලාභයෙන් හරි අඩක්‌ රාජුට ලැබුණේය.

මේ ආකාරයට සිම්සාන් රාජු හවුල වසර දෙකහමාරක්‌ තිස්‌සේ ජයටම හෙරොයින් ජාවාරම කරගෙන ගියහ.

ඉතාම රහසිගත ජීවිතයත් ගත කළ නිසා සිම්සාන් ගැන කිසිවකුත් දැන සිටියේ නැත. හෙරොයින් අලෙවියෙන් ලැබෙන ලාභය රැගෙන යැමට මාසයකට දෙතුන් වතාවක්‌ ශ්‍රී ලංකාවට පැමිණීම රාජුගේ සිරිතක්‌ විය.

එක්‌වරකට රුපියල් කෝටියක පමණ මුදලක්‌ රාජු ඉන්දියාවට රැගෙන යන්නේ රේගු ඇසටත් වැලි ගසමින්ය.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක්‌ සිම්සාන් කොටුකර ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණේය.

වික්‌ටර් තදින්ම හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූවෙකි. අලුත්කඩේ ලොකට්‌ ලේන් හි පදිංචි වික්‌ටර් දිනපතාම හෙරොයින් පානය කළේය.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු වික්‌ටර් සමග මිතුදමක්‌ ගොඩනගා ගත්තේය. හෙරොයින් අලෙවි කරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ඇති හොඳම මාර්ගය ඊට ඇබ්බැහි වූවන් හරහා බව පොලිස්‌ නිලධාරීන් දැන සිටියහ.

"සර් ලොකට්‌ ලේන් එකේ හෙරොයින් බිස්‌නස්‌ කරන අය 30 ක්‌ විතර ඉන්නවා. මේ හැම කෙනාටම හොරොයින් දෙන්නෙ රාගම ආනියාකන්ද පැත්තෙ කෙනෙක්‌. මම දන්නව මිනිහා ඉන්න තැනත්..."

වික්‌ටර් පොලිස්‌ නිලධාරියාට කීවේය. හෙරොයින් අහේනියෙන් සිටින එකකුට කුඩු පැකට්‌ටුවක්‌ දුන් විට ඔහුගෙන් ඕනෑම වැඩක්‌ කරගත හැකිය. ඕනැම තොරතුරක්‌ ද ලබාගත හැකිය.

මේ සූක්‍ෂම උපායවල් භාවිතා කළ පොලිස්‌ නිලධාරීන් වික්‌ටර් සමග රාගම ආනියාකන්දට යන්නේ ලොකට්‌ ලේන් එකට හෙරොයින් සපයන පුද්ගලයා සොයාගෙනය.

"සර් අර තියෙන්නේ මිනිහගේ ගේ. මාව යවන්නෙ නැතිව සර්ල ඕනෙ දෙයක්‌ කරගන්න."

අදාළ ස්‌ථානය පොලිස්‌ නිලධාරීන්ට පෙන්වූ වික්‌ටර් හෙමිහිට එතැනින් මාරු වුණේය.

වික්‌ටර් පෙන්වූ නිවස සුවිසල් එකක්‌ විය. නිවස වටා විශාල තාප්පයකි. ඇතුළුවීමට තිබූ විශාල ගේට්‌ටු දෙක වසා දමා තිබුණේය. ඒ මදිවාට තාප්පය හතර අත කැමරා ද සවිකර තිබුණේය.

"අපි ගේට්‌ටු ඇරගෙන ඇතුළට යන්න හැදුවොත් මිනිහා පනිනවා. ඒ නිසා අපි මේ ගෙදර මිනිස්‌සු ගේට්‌ටු ඇරගෙන එනකල් බලාගෙන ඉමු." පොලිස්‌ නිලධාරීන් රැය පහන් වන තුරුම නිදි වර්ජිතව ඒ සුවිසල් නිවස වටා රැකවල්ලාගෙන සිටියහ.

පසුදා අලුයම 5.30 ට පමණ නිවසේ ප්‍රධාන ගේට්‌ටුව විවෘත වුණේය. ඒ සැණින් ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් සුවිසල් නිවසට කඩාපැන්නෝය.

"කියපන් ඇත්ත උඹට කිසිම ගැලවීමක්‌ නැහැ. කෙහෙද හෙරොයින් හංගලා තියෙන්නෙ."

පොලිස්‌ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ සෑහෙන වේලාවක්‌ මුණිවත රකිමින් සිටි නිවෙස්‌ හිමියා අවසානයේ සත්‍ය හෙළිකරන්නට පටන් ගත්තේය.

"සර් මම තමයි ලොකට්‌ ලේන් එකට බඩු සප්ලයි කරන්නෙ. මේ වෙනකොට හෙරොයින් ග්‍රෑම් 14 ක්‌ තියනවා. ඒක මම කඳානෙ ගෙදරක තියලා තියෙන්නෙ."

ජාවාරම්කරුවා ප්‍රියන්ත විය. ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාම ජීවිකා වෘත්තිය ලෙස කළේ හෙරොයින් ජාවාරමය.

ප්‍රියන්තගේ මව හෙරොයින් ජාවාරම් සඳහා වැරදිකාරියක වී ජීවිතාන්තය දක්‌වා දඬුවම් විඳිමින් සිටින තැනැත්තියකි. ප්‍රියන්තගෙන් ප්‍රශ්න කරද්දී සිම්සාන් පිළිබඳව තොරතුරු හෙළිවන්නට පටන් ගත්තේය.

සිම්සාන්ව මම අඳුන ගත්තේ හිරගෙදරදි. ඒ ඇඳුනුම්කම නිසයි එයා මට බිස්‌නස්‌ කරන්න බඩු දෙන්නෙ. විශ්වාස නැති කිසි කෙනකුට එයා බඩු දෙන්නෙ නැහැ. හැබැයි සිම්සාන් කොහෙ ඉන්නවද කියලා මම දන්නෙ නැහැ.

ප්‍රියන්ත සියලු තොරතුරු වමාරන්නට වුණේය. ඒ අතරතුර කිහිපවරක්‌ම සිම්සාන්ගෙන් ප්‍රියන්තගේ ජංගම දුරකථනයට ඇමතුම් ලැබුණේය.

පොලිස්‌ නිලධාරීන්ගේ උපදෙස්‌ මත ප්‍රියන්ත ක්‍රියාකරන්නට වුණේය.

"උඹ කියපං බඩු ටිකක්‌ දැන්ම එවන්න කියලා. සිම්සාන්ව අල්ලගන්න උදව් කළොත් උඹට පොඩි චාන්ස්‌ එකක්‌ අපි දෙනවා." පොලිස්‌ නිලධාරීන්ගේ උපදෙස්‌ මත ප්‍රියන්ත සිම්සාන්ට ඇමතුමක්‌ ලබාගත්තේය.

සිම්සාන් අයියා ලොකු ඕඩර් එකක්‌ ආවා මට දැන්මම බඩු ටිකක්‌ එවනවද ප්‍රියන්ත කීවේය. අදාළ හෙරොයින් තොගය ඒ මොහොතේම ප්‍රියන්ත වෙත ලබාදෙන්නට සිම්සාන් පොරොන්දු වුණේය.

"සර්... දැන් බඩු අරගෙන එයි මාව බේරලා ඕනෙ දෙයක්‌ කර ගන්න."

ප්‍රියන්ත බැගෑපත් වුණේය.

හෙරොයින් තොගය රැගෙන එන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ නිලධාරීන් ප්‍රියන්තගේ නිවස සහ ගෙමිදුලේ සැඟවී සිටියහ.

පැයක්‌ ගතවන්නට පෙර සුඛෝපභෝගී මෝටර් රථයක්‌ ප්‍රියන්තගේ නිවසට ආවේය. රථයෙන් බැසගත් පුද්ගලයා කෙලින්ම නිවසට ගොඩවුණේය. සැඟවී සිටි පොලිස්‌ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වූහ.

පොලිස්‌ අත්අඩංගුවට පත්වීමත් සමගම ආගන්තුකයා අන්දමන්ද වුණේය. 

"සර් මෙයා සිම්සාන්ගෙ ලොකු පුතා. මට බඩු අරගෙන නිතරම එන්නෙ එයා තමයි."

ප්‍රියන්තගෙන් ලැබුණු පිළිතුරෙන් පොලිස්‌ නිලධාරීන් පස්‌වනක්‌ ප්‍රීතියෙන් පිනා ගියහ. තමන්ට අවශ්‍ය කරන පුද්ගලයා වෙත යන්නට සුදුසුම කෙනා අල්ලා ගැනීමට හැකි වීම විශාල ජයග්‍රහණයක්‌ විය.

මල්ලි තමුසෙ තාම පොඩි කොල්ලෙක්‌ හිරේ විලංගුවෙ වැටිලා දුක්‌විඳින්න ඕනෙ නැහැ. තාත්තා ඉන්න තැන අපට කියනවා. මොකද එයාට හිර ගෙවල්වල ලැගලා හොඳට පුරුදුයිනෙ තමුසෙව බේරලා අපි එයාව ගන්නම්. පොලිස්‌ නිලධාරීන් සූක්‍ෂම උපායක්‌ යොදාගෙන සිම්සාන්ගේ පුත්‍රයා තමන් වෙත නම්මවා ගත්තේය.

"සර් මම පදිංචිවෙලා ඉන්නෙ වෙනම. තාත්තා ඉන්න තැන මම කියන්නම්. තාත්තා ඉන්නෙ මීගමුව ජයරත්න ලේන් එකේ තියන ගෙදර. ගේ ඉස්‌සරහ කළුපාට කැබ් එකක්‌ නතර කරලා තිබුණොත් තාත්තා ගෙදර ඉන්නවා." සිම්සාන්ගේ පුත්‍රයා පොලිස්‌ නිලධාරීන්ගේ ඇම ගිල්ලේය. ඔහුගෙන් ලැබුණු තොරතුරු අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් මීගමුව ජයරත්න පටුමගේ සුවිසල් නිවසක්‌ ආසන්නයේ නතර වූහ.

පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු වෙස්‌වලාගෙන ගොස්‌ සිම්සාන්ගේ නිවස අවට පරීක්‍ෂා කරන්නට වූහ. පුත්‍රයා කියූ ආකාරයට කළු පැහැති කැබ් රථයක්‌ නිවස ඉදිරිපිට නතර කර තිබිණි.

"සිම්සාන් ගෙදර ඉන්නවා. හැබැයි මිනිහට නොදැනෙන්න අපි ඇතුළට යන්න ඕනෙ. පොලිසියෙන් ආව කියලා දැනගත්තම මිනිහා ළඟ තියන හෙරොයින් ටික විනාශ කරන්න පුළුවන්."

සිම්සාන්ගේ නිවසට සූක්‍ෂමව ඇතුළුවෙන ආකාරයක්‌ ගැන පොලිස්‌ නිලධාරීන් සිතන්නට වූහ.

"පුතා උඹ අම්මට කෝල් කරපං හදිස්‌සියකට ගෙදර ආවා කියලා දොර අරින්න කියපං."

පොලිස්‌ නිලධාරීන් සිම්සාන්ගේ පුත්‍රයාට උපදෙස්‌ දුන්නේය. පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු සිම්සාන්ගේ පුත්‍රයා පැමිණි මෝටර් රථයේ පිටුපස අසුනේ යට සැඟවුණේය. ඔවුන්ගේ අරමුණ වී තිබුණේ කාටත් හොර රහසේ සිම්සාන්ගේ නිවසට ඇතුළු වීමටය. ප්‍රධාන ගේට්‌ටුව විවෘත කරනවාත් සමගම පොලිස්‌ නිලධාරීන් ගමන් ගත් කැබ් රථයද නිවසට එකවරම ඇතුළු කිරීමට සැලසුම් කරගෙන සිටියහ.

සිම්සාන්ගේ පුත්‍රයා තම මවට දුරකථනයෙන් කතාකර ගේට්‌ටුව විවෘත කරවා ගත්තේය. මෝටර් රථය නිවසට ඇතුළු කරනවාත් සමගම පොලිස්‌ නිලධාරීන් රැගත් කැබ් රථයද එකවරම එහි ඇතුළු කළේය. මිනිත්තු කීපයක්‌ ගතවන්නට පෙර සිම්සාන් පොලිස්‌ අත්අඩංගුවට පත් වුණේය. සිම්සාන් සිටියේ අන්දුන්කුන්දුන් වූ පුද්ගලයකු ලෙසය. සිදුවූයේ කුමක්‌ද යන්න ඔහුට සිතාගත නොහැකි විය. සිම්සාන්ගේ කාමරයේ අල්මාරියක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 3 ග්‍රෑම් 750 ක්‌ පොලිසිය සොයා ගත්තේය.

සිම්සාන් ඉතාම සුපිරි ජීවිතයක්‌ ගත කරමින් සිටි බව තේරුම් ගන්නට පොලිස්‌ නිලධාරීන්ට වැඩි වේලාවක්‌ ගත වුණේ නැත. ඔහු සිටි කාමරය සුඛෝපභෝගී ආහාර පානවලින් පුරවා තිබිණි. පොලිසිය කඩාවදින අවස්‌ථාවේදීත් සිම්සාන් හෙරොයින් පානය කරමින් සිටියේය. සිම්සාන්ට බිරින්දැවරුන් දෙදෙනෙකි. ඔවුන් සිටියේ ද මේ සුවිසල් නිවසේමය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු පුත්‍රයාගේ නිවසේ තිබී තවත් හෙරොයින් කිලෝග්‍රෑමයක්‌ අත්අඩංගුවට ගත්තේය. රුපියල් ලක්‍ෂ 50 කට ආසන්න මුදලක්‌ ද ඒවන විට සිම්සාන් අත තිබුණේය. ඒ සියල්ල ද අත්අඩංගුවට පත් විය.

"මම හීනෙන්වත් හිතුවෙ නැහැ සර්ලා මාව අල්ලයි කියලා. ඒතරමටම සූක්‍ෂම විදිහට මම අවුරුදු 2 1/2 ක්‌ තිස්‌සෙ මේ බිස්‌නස්‌ එක කරනවා..."


සිම්සාන් කීවේය.

මීගමුව කුඩු පුරයක්‌ කරමින් ඉතාම රහසිගත ජීවිතයක්‌ ගත කළ සිම්සාන් අත්අඩංගුවට ගැනීමට හැකි වීම පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය ලැබූ විශාල ජයග්‍රහණයක්‌ විය.

සිම්සාන් සමග ඔහුගේ පුත්‍රයා ඇතුළු හයදෙනකු ඒ වන විට පොලිස්‌ අත්අඩංගුවේ සිටියහ.

හෙරොයින් ලෝකයේ තෝරුන් මෝරුන් එකා දෙන්නා අත්අඩංගුවට ගෙන රටේ තරුණයන් ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් පොලිසිය ගෙන යන මෙම උදාර කාර්ය ප්‍රශංසනීය එකක්‌ වන්නේය.

හේමන්ත රන්දුණු
http://www.divaina.com/2015/03/15/feature15.html

Pic Source

සබැඳි ලිපි -
[

කුඩු කිලෝ පහක් සමඟ මූසලු කුඩු රජු ‘සිමිසාන්’ අල්ලයිhttp://denethharinna.blogspot.com/2015/03/blog-post_48.html
දිගු කලක් කුඩු ජාවාරම් කළ මොහොමඩ් මරණ දඬුවම නියම කරද්දී සිහිසුන්ව වැටෙයිhttp://denethharinna.blogspot.com/2015/02/blog-post_20.html
මොහොමඩ් ඉල්ෂාඩ් ගෙන් හෙළි වූ තොරතුරු අනුව අබ්දුල් ගවාර් පාකිස්‌තාන කුඩු කප්පිත්තා දෙහිවලදී දැලේ
http://denethharinna.blogspot.com/2014/09/blog-post_68.html
මොහොමඞ් සබීර් කුඩු රජු ලංකාවේ අංක 1 - වෙලේ සුදා හා සිද්දික්ගේ මත්කඩු ජාරාවමේ මෙරට ප‍්‍රධානියා
http://denethharinna.blogspot.com/2014/08/1.html
ලංකාවේ තුන්වන කුඩු රජා ‘අහමඞ් සබීර් තාජුඞීන්’http://denethharinna.blogspot.com/2014/08/blog-post_32.html
තනුඡ්දීන්ගේ කුඩු කිලෝ 39 ඕස්ට්‍රේලියාවට තේ ලෙස යවන්න හදලා! මූසල කුඩු ප්‍රිති අපනයන මාෆියාවෙන් ශ්‍රි ලාංකීය අපනයනයන්ට දැඩි බලපෑමක්
http://denethharinna.blogspot.com/2014/08/39.html
තවත් මූසල කුඩු රජෙක් (තනුඡ්දීන්) මාට්ටු! මෙවර කිලෝ 59යි
http://denethharinna.blogspot.com/2014/08/59.html
කන්ටේනර් පිටින් ලංකාවට කුඩු එවන්නේ මාළිගාවත්තේ ‘සිද්ධික්’http://denethharinna.blogspot.com/2014/07/blog-post_43.htmlමෙවරත් මුසලුවන්! පෙර වාර්තා බිඳේ. දැවැන්තම හෙරොයින් තොගයක් රේගු අත්අඩංගුවේ! උපවාසය නිසා නීතිය ක්‍රියාත්මක කිරීමට අපහසුයි?http://denethharinna.blogspot.com/2014/07/blog-post_4915.htmlකුඩු කල්ලියේ සාමාජිකයෝ ඩුබායි හා පාකිස්‌තානයේ - එස්‌.ටී.එෆ් අණදෙන නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_1487.htmlකෝටි 68ක කුඩු අල්ලයි - දෙවැනි විශාලම තොගය - සෙල්වරාඡ්, සෙල්වදොරේ දෙසොහොයුරන් දැලේ!http://denethharinna.blogspot.com/2014/06/68.htmlඅල්ලාහු අක්බර් - ලෝකයටම කුඩු බෙදන්නේ මුසලු ඇෆ්ගනිස්ථානයෙන් | මුසලු අඹුසැමි යුවළ ඖෂධ උපකරණ අස්‌සේ ගෙනා හත්ලක්ෂයක කුඩු තොගය මාට්ටුhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9095.htmlමුසලු කුඩු හොරුන්ට නඩු නෑ... කාගේ බලපෑමක්ද?http://denethharinna.blogspot.com/2014/04/blog-post_1335.htmlකුඩු මුසලුවන්ගේ වෘත්තියද? හෙරොයින් ගිල ශ්‍රී ලංකාවට පැමිණි මුසලු දෙසොහොයුරියන් දිවි ඇති තෙක්‌ හිරේhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_30.htmlකුඩු සමඟ මොහොමඩ්ලා! මොහොමඩ් චාලි, මොහොමඩ් අල් සබ්රි, මොහොමඩ්...http://denethharinna.blogspot.com/2014/04/blog-post_14.htmlකෝටි 2 ක කුඩු සමඟ කුඩු උවඉසුත් දැලේ. කුඩු මෙහෙයවන්නන් සාතිශය බහුතරය මුසලුවන්http://denethharinna.blogspot.com/2014/04/2.htmlමෙරටට කුඩු ගෙන්වන සියල්ලන් මුසලුවන්??? හොරොයින් තොගයක් සමඟ පාකිස්තානුවෙක් ගුවන්තොටේදී අල්ලයි!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2568.htmlමේ මුසලු කුඩු ජාවාරමේ එක් දාමයක් පමණි! කුඩු ගෙනාවේ 'මොහොමඩ් චාලි' - බාරගන්න හිටියෙ 'මොහොමඩ් සබ්රි' - බඩු එව්වේ 'සිද්ධික්‌'http://denethharinna.blogspot.com/2014/03/blog-post_3335.html‘බෝල්ට්’ මොහොමඞ් ඩබලම අත්අඩංගුවට. වැඩකරන්නේ ලාංකික කුඩු රජු සිද්දධික් යටතේ! කලින් කුඩු කිලෝ 12ක් ගෙනා සියාමුත් දැලේ...http://denethharinna.blogspot.com/2014/03/12.htmlකළින් 3වතාවක් මහා පරිමාණයෙන් ගෙන්වලා! කුඩු කිලෝ 36 ක්‌ ගෙනා පාකිස්‌තානු කුඩු රජා සහ මෙරට මුසලු කුඩු ප්‍රධානී මොහොමඩ් දැලේhttp://denethharinna.blogspot.com/2014/03/3-36.htmlකුඩු කිලෝ 36 මහ මොළකරුවන් පකිස්ථානු මුසලුවා සහ ලාංකීය කුඩු මුසලුවා දැලේhttp://denethharinna.blogspot.com/2014/03/36_19.htmlමුසළුවන් කපටි මොළයෙන් මෙහෙයවෙන, සිහළුන් බී නැසෙන, ලංකාවේ නම කුඩු කරන, කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_6273.htmlපාකිස්‌තානයෙන් බෝල්ට්‌ ඇණ පෙට්‌ටි දෙකක කෝටි 36ක කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/36_11.htmlමෙරට පකිස්ථානු මුසලුවෙකුගේ නමට පකිස්ථානයෙන් තවත් කිලෝ 36ක කුඩු තොගයක්http://denethharinna.blogspot.com/2014/03/36.htmlස්‌නායු පද්ධතිය අක්‍රීය කරමින්, සිහළ තරුණ පරපුර ගිලගන්නා, මුසලුවන් බෙදාහරින මත 'ටැබා'http://denethharinna.blogspot.com/2013/10/blog-post_9711.html
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම
http://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html
කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_4466.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.htmlමේ වැනසෙන්නේ සිහළ බොදු තාරුණ්‍යයයි. වසරකදී රු. කෝටි 2670 ක කුඩු බොති.http://denethharinna.blogspot.com/2013/10/2670.html
]

0 comments: