Pages

Sunday, March 29, 2015

නොමිලේ වයි-ෆයි සඳුදා සිට

නොමිලේ රැහන් රහිත අන්තර්ජාල පහසුකම් (වයි-ෆයි) ලබාදීමේ පළමු අදියර ලබන සඳුදා (30දා) කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයෙන් ආරම්භ කරනු ලැබේ.

ඒ අනුව ලබන සඳුදා (30දා) පෙරවරු 9.30ට කොළඹ කොටුව දුම්රිය ස්‌ථානය අසලදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නොමිලේ වයි-ෆයි ලබාදීමේ පළමු අදියර ආරම්භ කෙරේ.

මීට අමතරව රටේ තෝරාගත් ස්‌ථාන දහසක පමණ මෙම වයි-ෆයි කලාප ස්‌ථාපිත කරනු ලබයි.

විශ්වවිද්‍යාල, වෙනත් වෘත්තීය අධ්‍යයන ආයතන, ප්‍රධාන පෙළේ දුම්රිය ස්‌ථාන, බස්‌නැවතුම්පළවල්, සියලුම ශික්‍ෂණ, දිස්‌ත්‍රික්‌ හා ඒ ශ්‍රේණියේ මූලික රෝහල්, මහජන උද්‍යාන, මහජන පුස්‌තකාල, මහජනයා බහුල ලෙස පැමිණෙන රජයේ කාර්යාල, දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාල හා කෞතුකාගාර ආදී ස්‌ථානවල මෙම වයි-ෆයි කලාප විවෘත කිරීමට නියමිතය.

ප්‍රභාත් විතාන
http://www.divaina.com/2015/03/28/news04.html

Pic Source

සබැඳි ලිපි - 
[
සඳුදා සිට නොමිලේ ‘වයි ෆයි‘ - ලබා දෙන ප්‍රදේශ මෙන්න...http://denethharinna.blogspot.com/2015/03/blog-post_72.html
]

0 comments: