Pages

Tuesday, March 10, 2015

උන්මත්තක ISIS ත‍්‍රස්තයින් පුරාණ ඇසිරියානු නගරයක් ඩෝසර් කරති

ISIS ත‍්‍රස්තවාදීන් විසින් ඉරාකයේ පිහිටා ඇති පුරාණ ඇසිරියානු නගරයක් ඩෝසර් කර දමා ඇතැයි වාර්තා වේ.

උතුරු ඉරාකයේ මොසුල් නගරය ආසන්නයේ පිහිටා ඇති නිම්රුඞ් නගරයේ ඉතිහාසය ක‍්‍රි.පූ 13වන සියවස තෙක් ඈතට දිව යන අතර එය විශාල යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කරන බිමට සමතලා කර ඇතැයි ඉරාකයේ සංචාරක හා පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර ඇත.

එහි දක්වා ඇත්තේ ISIS ත‍්‍රස්තයින් දිගින් දිගටම ලෝකයේ අරමුණු සහ මිනිසත්බවේ හැගීම් විනාශ කරමින් සිටින බවයි.

මෙයින් සිදුවූ හානියේ ප‍්‍රමාණය පිළිබඳව පැහැදිලි කර නොමැත.

නිම්රුඞ්හි තිබූ ඇසිරියානු රජ මාළිගයක් සහමුලින්ම විනාශ කර දමා ඇති බව ගෝත‍්‍රික ආරංචි මාර්ග අනාවරණය කර තිබේ.

මේ අතර යුනෙස්කෝ සංවිධානය පවසා ඇත්තේ මෙය යුධ අපරාධයක් බවයි.

සංස්කෘතික උරුමයන් විනාශ කරන මේ ක‍්‍රියාකලාපය ඉදිරියේ මුනිවත රැකිය නොහැකි බවත් මෙයට එරෙහිවන ලෙස සියලූ දේශපාලන හා ආගමික නායකයින්ගෙන් ඉල්ලා සිටින බවත් යුනෙස්කෝ අධ්‍යක්‍ෂක ජෙනරාල් ඉරීනා බොකෝවා පවසා තිබේ.

මෙය 2001දී තලේබාන් සංවිධානය විසින් බාමියන් බුද්ධ ප‍්‍රතිමා විනාශ කර දැමීමට සමාන බව ඇතැම් විද්‍යාඥයින් පවසා ඇත.

ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ ඉරාක හා ඇෆ්ගනිස්ථාන උරුමයන් සංරක්‍ෂණය කිරීමේ ප‍්‍රධානි සුසාන් බොට් පවසා ඇත්තේ ඇසිරියානු ශිෂ්ඨාචාරය බටහිර ශිෂ්ඨාචාරයේ තොටිල්ල ලෙස හැඳින්විය හැකි බවයි.

https://lankacnews.com/sinhala/foreign-news/129217/

Pic1 Source
Pic2 Source

0 comments: