Pages

Saturday, August 29, 2015

පළමු ආණ්ඩුව පිහිටුවීම - අතීතයෙන් කතාවක්‌

අපේ රටේ බොහෝ දේ අදට වඩා හොඳින් අතීතයේදී ක්‍රියාත්මක වී ඇති බව ඉතිහාසය පරිශීලනය කිරීමේදී පැහැදිලිය. ආර්ථික, සමාජයීය, සංස්‌කෘතික, සෞඛ්‍යය, මෙන්ම දේශපාලනික වශයෙන්ද අතීත කරුණු සලකා බැලීමේදී ඒ සියල්ල අදට වඩා ගුණාත්මක බවින් දියුණු තත්ත්වයක තිබූ බව අවබෝධ කරගත හැකිය. අද අපේ රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන දේශපාලන තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී අතීතයේද මේ තත්ත්වය මීට වඩා ගුණාත්මකව පැවැති බව පෙනේ. එදාද පක්‍ෂ විපක්‍ෂ එක්‌ව ආණ්‌ඩු කර ඇති අතර "දිය යටින් ගින්දර ගෙන...

ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ බෞද්ධ රටක්‌! දැන්වත් බෞද්ධ නායකයන් රට වෙනුවෙන් එක්‌විය යුතුයි - ෆයිසාල් රශීන්

ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ බෞද්ධ රටක්‌ බවත් රටේ බෞද්ධ නායකයන් එදා සිටම එකාට එකා කුලල් කා ගැනීම හේතුවෙන් බොහෝ ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයන් රැසක්‌ රටට අහිමි වී විනාශව ගිය බවත් රටේ වර්තමාන දේශපාලන වාතාවරණය අනුව බෞද්ධ නායකයන් බුද්ධිමත් තීරණයක්‌ ගත යුතු බවට තමා අවධාරණය කරන බවත් හම්බන්තොට ලොව ප්‍රථම සුනාමි ගමේදී පැවැති විශේෂ උත්සවයකදී එහි නිර්මාතෘ හිටපු ඉරාන තානාපති සාම බළකායේ නායක රශීන් මහතා පැවැසීය. පක්‍ෂ පාට කුමක්‌ වුවත් ලංකාවේ ඉතිහාසය බලන විට බෞද්ධ නායකයන් එකිනෙකා...

Wednesday, August 26, 2015

සම්මුතිය අබියස

තීරණාත්මක මැතිවරණයක්‌ නිමා විය. මැතිවරණයෙන් පසුව ලියන ප්‍රථම සිකුරු දැක්‌ම මෙයයි. ඉකුත් මැතිවරණ සමයේදී දේශපාලන වේදිකාවල මෙන්ම තමිල්නාඩු ප්‍රාන්තයෙන්ද වාර්තා වූ සිද්ධීන් කීපයක්‌ ඔබේ අවධානයට යොමු කිරීම මේ ලිපියේ අරමුණයි. එල්. ටී. ටී. ඊ. හිතවාදියකු වූ ශිවාජිලිංගම්, කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් තරග වැදුනේ එජනිස කණ්‌ඩායම් නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිවය. මහින්ද රාජපක්‍ෂ මහතා මනාප ඡන්ද ලක්‍ෂ 4 ක්‌ ද ඉක්‌මවා ජයගනු ලැබුව ද ශිවාජිලිංගම්ට...

රාජ්‍ය සේවාව ජනතා සේවාවක්‌ කිරීමට යහපාලනයටවත් හැකිවේද?

ගෞරී ඉන්දීය මෝදි රජයේ කැබිනෙට්‌ටුවේ අමාත්‍යවරියකි. ඇය පසුගියදා අපේ රටේ කාන්තා සම්මේලනයක්‌ ඇමතීමට පැමිණියාය. මගේ ජීවිතය පටන්ගත්තේ හෝටලයක පිඟන් සෝදන්නියක්‌ හැටියටයි. කොයි වෙලාවකවත් මගේ රස්‌සාව බාල පහත් රස්‌සාවක්‌ හැටියට හිතුවෙ නෑ. එයත් එක්‌ රස්‌සාවක්‌. පිඟන් ටික මම හරියට හේදුවා. පිඟන් බිඳී යන්නේ පිඟන් සෝදන අය අතින් යෑයි කීවත් මගේ අතින් එක පිඟානක්‌වත් බිඳුණේ නෑ. මම එය ඉතා සැලකිල්ලෙන් වගකීමෙන් කරගෙන ගියා. මගේ සේවය ගැන පැහැදුණු හෝටල් හිමියා මගේ පඩිය...