Pages

Saturday, August 8, 2015

මුසලු බහුතර අක්‌කරෙයිපත්තුව, මන්නාරම හා කාන්තන්කුඩි ප්‍රදේශවල නීතියට උඩින් වැඩ!

මෙම මැතිවරණ සමයේදී අක්‌කරෙයිපත්තුව, මන්නාරම හා කාන්තන්කුඩි ප්‍රදේශවල නීතිය අභිභවා ඇතැම් කණ්‌ඩායම් කටයුතු කරමින් සිටින බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා 'දිවයින'ට සඳහන් කළේය.

එම ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන්ට නිසි ලෙස රාජකාරි කිරීමට සුදුසු පරිසරය සකස්‌ කර දිය යුතුව ඇති බවත් හෙතෙම පැවැසීය.

එම වගකීම පොලිස්‌ දෙපාර්තමේන්තුවට පැවරෙනු ඇති බවත් හෙතෙම පැවැසීය.

මෙම ප්‍රදේශවල තත්ත්වය එසේ වුවත් අනෙක්‌ ප්‍රදේශවල තත්ත්වය ඉතා හොඳ යෑයි කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

ඊයේ (06 වැනිදා) දහවල් වනවිට තම සංවිධානයට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි එක්‌දහස්‌ හැටහතරක්‌ (1064) ලැබී ඇතැයි ද හෙතෙම කීවේය.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2015/08/07/news29.html

Pic Source

0 comments: