ජනාධිපතිවරයා එදින අභයගිරිය චෛත්‍යයේ ප්‍රථම ස්‌තූප පූජාවට සහභාගීවීමෙන් අනතුරුව ඊට එක්‌විය.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්‌ඩලයට අයත් සූඛෝපභෝගී බස්‌රථ හතරක් මෙසේ ප්‍රදානය කෙරුණු අතර එම බස්‌රථ ධාවනයේ යොදවමින් පළමු මගී ප්‍රවේශ පත්‍රයද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මිලදී ගනු ලැබිණි.
කිලෝ මීටර් 22 කින් යුත් මෙම සුඛෝපභෝගී බස්‌රථ සේවාව යටතේ අටමස්‌ථාන චාරිකාවට සහභාගීවන එක් මගියෙකුගෙන් අයකරනු ලබන මුදල රුපියල් සියයකි.
මෙම බස්‌රථ සේවාව අටමස්‌ථානය වැඳ පුදාගැනීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා ක්‍රියාත්මක වේ.
මෙම අවස්‌ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න බණ්‌ඩාර සහ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුද සහභාගී වූහ.
ඡායාරූපය සහ සටහන: අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
http://www.divaina.com/2015/08/03/news16.html
0 comments:
Post a Comment