Pages

Tuesday, August 4, 2015

අබ්දුල් කලාම්ට කිසිම දේපළක්‌ නෑ එකම වත්කම ඔහු ලියූ පොත් හා ඉන්දීය තරුණ ප්‍රජාවයි - උපදේශක

පසුගියදා අභාවප්‍රාප්ත වූ ඉන්දීය හිටපු ජනපති අබ්දුල් කලාම්ගේ නමට කිසිම දේපළක්‌ නොමැති බව ඔහුගේ උපදේශකයකු වන වී. පොන්රාඡ් කියයි.

අබ්දුල් කලාම් ජනපතිවරයාගේ වත්කම් වන්නේ ඔහු ලියූ පොත් හා ඉන්දියාවේ වෙසෙන 64 කෝටියක්‌ වන තරුණ ප්‍රජාව බව පොන්රාඡ් කියයි.

පොන්රාඡ් පුරා දශක දෙකකට අධික කාලයක සිට හිටපු ජනපතිවරයා සමඟ කටයුතු කළේය.

අබ්දුල් කලාම් ජනපතිවරයාට රජයෙන් විශ්‍රාම වැටුපක්‌ ලැබුණු අතර ඔහු ලියූ ග්‍රන්ථවල කර්තෘභාගය ලැබිණි.

හිටපු ජනපතිවරයා අභාවප්‍රාප්ත වූයේ ඉකුත් ජුලි 27 වැනිදාය.

චතුර පමුණුව
http://www.divaina.com/2015/08/04/forign01.html

Pic Source

0 comments: