Pages

Sunday, August 2, 2015

දෙරටක්‌ රැවටූ මුසලු කුඩු රජා මුජහදීන්ගේ වෙස්‌ මුහුණ ගැලවෙයි


මෙරට තුළ මත් ද්‍රව්‍ය ලෙස හඳුනාගෙන තිබූ ගංජා අබින් යුගය විශ්‍රාම ගන්වමින් අසූව දශකය ආරම්භයේ පටන් විවෘත ආර්ථිකයේ අනිසි ඵලයක්‌ ලෙස ව්‍යාප්ත වූ හෙරොයින් හෙවත් මත් කුඩු යනු දැනට දශක හතරක පමණ කාලයක සිට ශ්‍රී ලාංකීය සමාජයට වසංගතයක්‌ වී තිබෙන්නකි.

<--- මැලේසියානු නායක මහතීර් මොහොමඩ් අතින් 
මුජහදීන් සම්මාන ලද අවස්‌ථාව..

ශ්‍රී ලාංකීය බෞද්ධත්වය මුළා කළ ඇතැම්හු ඊනියා ධර්මිෂ්ඨ යුග නිර්මාණය කරන්නෙමැයි කියමින් තුච්ඡ වූ දේශපාලන භාවිතාවක්‌ තුළින් ජාතියට "පච්ච්" සංස්‌කෘතියක්‌ හඳුන්වා දෙද්දී මෙකී කුඩු වසංගතයද අප වෙලා ගත්තේ කිසිවකුටත් නොදැනීමය.

එහිදී කුඩු මුදලාලිලා වූයේ ඉහත කී තුච්ඡ දේශපාලනයෙන් බිහිවූ පච්ච හෙවත් පාතාල සංස්‌කෘතියේ උන්ය. මොවුන් රට තුළට පොම්ප කළා වූ කුඩු තොග උරා ජීවිත දියකරගෙන වැනසී ගියේ රටේ අනාගතය ය.

මේ රටට මත් කුඩු ගලා ඒම ආරම්භ වූ හෙවත් මූලික අවධියේදී එහි කම්පනය රටට හා සමාජයට දැනෙමින් තිබුණේ එලෙසිනි. 

එහෙත් එදා එසේ ආරම්භ වුවද මේ පිං බිම විශාලා නුවරක්‌ කළා වූ මිනී මරු ප්‍රභාකරන්ගේ තිස්‌ වසරක යුද්ධය නිමා කෙරුණු මොහොත (ඉකුත් 2009 වසර) වන විට දශක හතරක පමණ ඉතිහාසයකට නෑකම් කියූ මෙරට මත් කුඩු ජාවාරම කොතෙක්‌ දුරට ව්‍යාප්ත වී තිබුණේද?

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්කුඩු ජාලයේ දකුණු ආසියානු කේන්ද්‍රස්‌ථානය බවට පත්කරමින් මත්කුඩුවලින් පෝෂිත මර්මස්‌ථානයක්‌ කරන්නට පෙර කී පච්ච සංස්‌කෘතියේ උන් හෙවත් ජාවාරම්කරුවෝ ඒ වන විට සමත්ව සිටියහ. යුද්ධය නිමා වීමෙන් පසු හෙරොයින් හෙවත් මත්කුඩු පිළිබඳ අපේ මිනිසුන් අතර ඉහළ කතා බහක්‌ ඇති වන්නට මෙම තත්ත්වය හේතු විය.

වෙළේ සුදා, සිද්ධික්‌, කිඹුලාඇළේ ගුණා, මාලු සමන්aත, වැන්නවුන් පිළිබඳ මෙගා ටෙලි නාට්‍ය බඳු කතා මතුවන්නට වූයේද ඒ නිසාය. මේ අතරේ කොළඹ වරාය වෙත පැමිණි නෞකාවල තිබූ කන්ටේනර්වලින් කිලෝ ගණනින් මත්කුඩු තොග මතුවන්නට වූයේ රටම විශ්මිත කරමිනි. 

එහිදී පොලිසිය වෙතද සමාජයේ ඇතැමුන් ඇඟිලි දිගු කරන්නට විය. ඒ මත්කුඩු වසංගතයෙන් රට බේරා ගන්නට පොලිසිය කටයුතු නොකරන්නේ යෑයි යන චෝදනාවද සමගය. එහෙත් කවුරුන් එසේ චෝදනා කළද ශ්‍රී ලංකා පොලිසිය මෙම ව්‍යසනය හමුවේ කිසිත් නොකොට බකන්නිලා සිටින්නට ක්‍රියා කළේ නැත.

කිසිවකුත් නොදැන සිටියද මේ බිම මත් රකුසාගෙන් ගලවා ගන්නේ කෙසේදැයි කල්පනා කරමින් පොලිස්‌ දෙපාර්තමේන්තුව බොහෝ දේ කරන්නට විය. ඉකුත් වසර කිහිපයක සිටම පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ සෘජු උපදෙස්‌ මත පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක්‌ එකී වගකීමට උර දී සිටියහ. ඒ රට වනසන මත්කුඩු ජාවාරමේ මහා මෝරුන් නොව තල්මසුන් කොටු කර ගැනීම සඳහා සියුම් මෙහෙයුමක්‌ ආරම්භ කරමිනි.

එම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් මුහුණ දුන්නා වූ බාධක බොහෝ විය. එහෙත් කුමකින් කුමක්‌ සිදු වුවද නොසැලී ඉලක්‌කය වෙත යැම ඔවුන්ගේ එකම අරමුණ වී තිබිණ. දැඩිව සිත් තුළ තිබූ එම ධෛර්යසම්පන්න බව නිසාම ඉකුත් සතියේ විශේෂයෙන් මෙරට ප්‍රභූ සමාජය අන්දුන් කුන්දුන් කරමින් එකී මෙහෙයුමේ අවසන් අදියර දක්‌වා සාර්ථකව ගමන් කරන්නට ඔවුන්ට හැකි විය.

ඒ මෙරට මත්කුඩු ජාවාරමට සම්බන්ධ ප්‍රබල ජාත්‍යන්තර ජාවාරම්කරුවකු වුවද ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් ඉහළ සමාජය උපක්‍රමශීලීව ආක්‍රමණය කර සිටියා වූ මොහොමඩ් මුජහදීන් නමැත්තාගේ වෙස්‌ මුහුණ ගලවා දමමින් හේ කවරෙක්‌දැයි යන්න ලෝකයට අනාවරණය කරමිනි.

ඉකුත් සතියේ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ශ්‍රවණාගාරයට මාධ්‍ය කැඳවූ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා පොලිසිය සිදු කළ එකී මෙහෙයුමට අදාළ ඇතැම් කරුණුද සමගින් මුල්වරට මෙම අනාවරණය කරනු ලැබීය. එහිදී දැනට මැලේසියාවේ රැඳී සිටින මොහොමඩ් මුජහදීන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගැනීමට රතු නිවේදනයක්‌ නිකුත් කළ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙකී මොහොමඩ් මුජහදීන් යනු කවරෙක්‌ද? මෙරට තුළදී මුල්ම වරට හෙරොයින් මත් කුඩු තොගයක්‌ පොලිස්‌ අත්අඩංගුවට ගනු ලැබූ අවස්‌ථාව වූයේ 2003 වසරේදී කොළඹ වෝඩ් පෙදෙසේ සුවිසල් නිවසක ජීවත් වූ මොහොමඩ් සියාම් නමැත්තා මත් කුඩු කිලෝග්‍රෑම් හයක්‌ සමග පොලිසියට කොටු වීමය. එම මෙහෙයුම එදා කරනු ලැබුවේද පොලිස්‌ මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගිනි.

එම සිද්ධිය හමුවේ මොහොමඩ් සියාම් නමැත්තා මත් කුඩු චෝදනාවට වරදකරු වී මරණීය දණ්‌ඩනයට යටත්ව දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින්නෙකි. ඒ ඔහුගේ බිරිඳද සමගිනි. මොහොමඩ් සියාම් මේ අන්දමින් මත් කුඩු තොගයක්‌ සමඟ පොලිසියට කොටු වීමෙන් පසු ඔහු පිළිබඳ පුළුල් විමර්ශනයක යෙදෙමින් සියාම් යනු කාගේ කවරෙක්‌දැයි සොයන්නටද එදා පොලිසිය අමතක නොකළේය.

එම විමර්ශනයේදී පොලිසිය සොයා ගනු ලැබූ එක්‌ වැදගත් කරුණක්‌ විය. ඒ සියාම්ගේ බිරිඳට මොහොමඩ් මුජහදීන් නමින් සොහොයුරෙකු සිටින්නේ යෑයි යන්නය. නමුත් එම අනාවරණය සිදු වුවද මොහොමඩ් මුජහදීන් යනු ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමට සම්බන්ධ වූවකු බවට වූ කිසිදු සැකයක්‌ ඇති කර ගැනීමට තරම් සාධක කිසිත් එදා පොලිසියට හමු නොවීය. නමුත් පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොත්වල නිකමට මෙන් මොහොමඩ් මුජහදීන් යන නම මුල් වරට සටහන් වූයේ එම සිද්ධියත් සමගිනි.

මේ අන්දමින් වෝඩ් පෙදෙසේ කෝටිපතියකු ලෙස දිවි ගෙවූ මොහොමඩ් සියාම් පොලිසියට කොටු වී වසර නවයක්‌ම ගෙවී ගියේය. ඒ අතරේ දිනක්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් කණ්‌ඩායමක්‌ කැලණිය බියගම ප්‍රදේශයට ළඟා වූයේ රහසිගතව ලැබුණු තොරතුරකට අනුවය.

තොරතුරින් කියෑවී තිබුණේ ඒ දිනවල බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ කුඩු ජාවාරම්කරුවකු ලෙස නම් දරා සිටි "පරයි සුදූ" නමැත්තා මත් කුඩු තොගයක්‌ද රැගෙන බියගමට පැමිණ ඇතැයි යන්නය. ලද තොරතුර මත බියගමට ගිය පොලිසිය සිදු කරනු ලැබූ සාර්ථක වැටලීමකින් පරෙයි සුදූ අත්අඩංගුවට ගනු ලබන්නේ බියගම ප්‍රදේශයට බෙදාහැරීමට රැගෙනවිත් තිබූ මත් කුඩු තොගයද සමගිනි.

එසේ පරයි සුදූ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුව මත්ද්‍රව්‍ය කාර්යාංශයට රැගෙන එන පොලිස්‌ නිලධාරින් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කරනුයේ ජාවාරමේ සුලමුල අනාවරණය කර ගැනීමේ අරමුණ ඇතිවය. එම ප්‍රශ්න කිරීමේදී කිසිදු ආයාසයකින් තොරවම පරයි සුදූ සියල්ල හෙළි කරනුයේ වැදගත් තොරතුරු රැසක්‌ම පොලිසියට හෙළි කරමිනි.

එහිදී පරයි සුදූ හෙළි කළ වැදගත්ම කරුණ වූයේ එකල මෙරට ක්‍රියාත්මකව තිබූ එක්‌තරා ගුවන් සමාගමක සේවය කළ ගුවන් නියමුවකු විසින් තමන්ට මෙම කුඩු තොග ගෙනැවිත් දෙන බවට පවසා සිටීම විය.

පරයි සුදූගෙන් ලැබුණු එකී තොරතුරත් සමග මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් තුවාන් සෙරීෆඩීන් නමැති එම ගුවන් නියමුවා අත්අඩංගුවට ගෙන ඔහු පිළිබඳ පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කළේය. එහිදී ගුවන් නියමුවාගේ බැංකු ගිණුම් පිළිබඳ සිදු කළ පරීක්‍ෂණයකදී ඔහු සිය ගිණුම හරහා මැලේසියාවේ සිටින මුජහදීන් නමැත්තකුට විශාල වශයෙන් මෙරට සිට මුදල් යවා ඇති බව හෙළි කර ගත් පොලිසියට මෙකී මුජහදීන් යනු සියාම්ගේ බිරිඳගේ සොහොයුරා බව හඳුනා ගැනීමට වැඩි වෙහෙසක්‌ අවැසි නොවීය. 

ඒ සියාම් පිළිබඳ සිදු කළ විමර්ශනයේදී මුජහදීන් පිළිබඳ තොරතුරු රැසක්‌ පොලිසිය සතුව තිබූ බැවිනි. මොහොමඩ් මුජහදීන් යනු ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු විය හැකි බවට වූ මුල්ම සැකය පොලිසියට මතු වන්නේ එහිදීය.

එතැන් සිට මුජහදීන් මහා පරිමාණ ජාත්‍යන්තර මත් කුඩු ජාවාරම්කරුවකු බව හඳුනාගන්නාතුරු පොලිසිය මෙතෙක්‌ සිදු කර ඇති විමර්ශනය සැබැවින්ම මෙරට තුළ සිනමා පටයක්‌ තැනීමට තරම් වටිනා අපූරු කතාවක්‌ බව මෙහිදී කිව යුතුය. 

මෙහිදී කිව යුතු තවත් වැදගත් යමක්‌ ඇත. ඒ පොලිසිය මුජහදීන් පිළිබඳ මේ කරුණු අනාවරණය කර ගනු ලැබුවේ වසර තුනක පමණ කාලයක්‌ පුරා සිදු කළ සියුම් මෙහෙයුමකින් මිස මෙරට ඇතැම් ආයතනවලට අලුත පත්ව ආ ඉහළ නිලධාරින් කටින් බතල හිටවන න්‍යායෙන් කරනු ලබන ප්‍රකාශ මෙන් නොවේය යන්නය. 

රාජ්‍ය නිලධාරියකු වුවද ඕනෑම අයෙකුට දේශපාලන මතවාදයක්‌ තිබීම ගැටලුවක්‌ නැත. එහෙත් යමෙකු සිය දේශපාලන මතවාදය හිස්‌මුදුනට ගෙන ඒ වෙනුවෙන් කඩේ යැම සඳහා තමන්ගේ තනතුරු යොදා ගන්නේ නම් එය අමනකමේ ලක්‍ෂණයක්‌ මිස අන් යමක්‌ නොවන්නේය.

කඩේ ගියා මදිවාට පට්‌ටපල් මුසාවාද සමාජගත කර අසවලා අසවලා ආදී ලෙසින් ඇතැමුන් කුඩු වෙළෙන්දන් යෑයි කිසිදු පදනමකින් තොරව පවසා "අනේ බුදු අම්මෝ මෙන්න මාව මරන්න හදනවෝ" කියමින් යමෙකු බෙරිහන් දෙන්නේ නම් ඌ තරම් නිවටයකු නැති බවද සටහන් කළ යුතුය. කොළඹ අනතුරුදායක දේට බර එක්‌තරා රාජ්‍ය ආයතනයක්‌ දෙස බලා අප ඒ ටික මෙහි සටහන් කරනු ලැබුවේ තොප්පිය හරි එකාට හොඳින් තද කර දමා ගන්නටය.

පොලිසිය මුල්වරට මොහොමඩ් මුජහදීන් යනු කුඩු රජකු බව ලොවට හෙළි කිරීමත් සමඟ මේ දිනවල තවත් විලිලඡ්ජා නැති දෙයක්‌ද සිදු වෙමින් තිබෙන්නේය. ඒ අන්තර්ජාලයේ ඇති ඇතැම් හිඟන වෙබ් අඩවි සහ දේශපාලන කණ්‌ණාඩි දමාගෙන වැදි බණ කියන්නට සැරසෙන අපතයන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ මුජහදීන් අතට අත දෙන ඡායාරූපයක්‌ අන්තර් ජාලයට දමා මේ මොහොතේ දේශපාලන වාසි ලබා ගැනීමට සැරසීමය.

සැබැවින්ම හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මුජහදීන් හඳුනාගෙන ඇත්තේ කෙසේද? මුජහදීන් යනු මෙරට ප්‍රභූ සමාජය අතර ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක්‌ ලෙස පෙනී සිටි කපටියකු යෑයි අප අනාවරණය කරනු ලැබුවේ මේ සටහන ආරම්භයේදීමය. 

එසේ ප්‍රකෝටිපතියකු ලෙස මෙරට ප්‍රභූ සමාජයේ පෙනී සිටියදී මුජහදීන් මෙරට සිනමා නළුවකු වූ සංජය ලීලාරත්න සම්බන්ධ කරගෙන "සෙල්වම්" නමින් චිත්‍රපටයක්‌ තැනීය. එකී චිත්‍රපටයෙන් කියෑවුණේ කොටි ත්‍රස්‌තවාදය හා අපේ රණවිරුවන් ලද විජයග්‍රහණය මෙන්ම ඒ සඳහා වූ දේශපාලන නායකත්වයට අදාළ වූ කතාවකි.

කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවති මෙකී චිත්‍ර පටයේ මංගල දර්ශනයේදී ප්‍රධාන ආරාධිතයන් අතර හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාද සිටියේය. මුජහදීන් ගෝඨාභයට අතට අත දෙන්නට තරම් සමීප වන්නේ එහිදීය.

ඒ වන විට මුජහදීන් යනු ජාත්‍යන්තර මත් කුඩු ජාවාරම්කරුවකු බවට පොලිසියද නිවැරදිව හඳුනාගෙන නොතිබිණි. නමුත් අද ගෝඨාබය රාජපක්‍ෂ මහතා මුජහදීන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බව කියමින් ඇතැමුන් අන්තර්ජාල කුණුහරුප පළ කරනුයේ සැබෑ කතාව එසේ වී තිබියදීය. 

මුජහදීන් අතට අත දුන් ලොව රජයකට සම්බන්ධ එකම ඉහළ නිලධාරියා ගෝඨාභය රාජපක්‍ෂද යන්න මෙහිදී මෙකී අන්තර් ජාල සෙප්පඩ විඡ්ජා හමුවේ මතු වන තවත් ගැටලුවකි. මුජහදීන් මෙරට සිනමා අධ්‍යක්‍ෂවරුන් සමඟ සිය කුඩු ධනය වැය කර නිපදවූ එකම සිනමා පටය "සෙල්වම්" නොවේ. ඔහු පරාවර්තනය නමින් තවත් චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කර තිබේ. ඒ වට පිටාව තුළ මුජහදීන්ට මෙරට ප්‍රභූ සමාජයේ බොහෝ දෙනකු ඇසුරු කිරීමට එකල අවස්‌ථාව හිමිව තිබිණි.

ඒ අතරේ පැවති රජයේ බොහෝ ප්‍රබලයෝ සිටිති. එසේම කලා ක්‍ෂෙත්‍රයේ සහ ක්‍රීඩා ක්‍ෂෙත්‍රයේ ඉහළින්ම සිටි චරිතද වේ. නමුත් ඒ කිසිවකුත් මුජහදීන් සමඟ සබඳතා පැවැත්වූයේ ඔහු කුඩු රජකු බව නොදැන බව මෙහිදී විශේෂයෙන් සටහන් කළ යුත්තකි.

ඒ බව තහවුරු කිරීමට මුජහදීන් මැලේසියාවේදී ගත කළ ජීවිතයෙන් ගත හැකි සාක්‍ෂි බොහෝමයකි. ඉන් ප්‍රබලම කරුණ වන්නේ එවකට මැලේසියානු ජනාධිපතිවරයා වූ මහතීර් මොහොමඩ් මහතා අතින් එරටදී සම්මානයට පාත්‍ර වීමට තරම් මොහොමඩ් මුජහදීන් කපටියකු වීමය. 

හේ එම අවස්‌ථාවේදී මැලේසියානු රජයෙන් පිරිනැමෙන ගෞරව නාමයකින්ද පිදුම් ලබා ඇත්තේ මැලේසියානු ප්‍රභූන් රැසකගේ අත්පොලසන් නාදය සමගිනි. මේ හමුවේ අද මුජහදීන් සමඟ සිටින මෙරට ප්‍රභූන්ගේ ඡායාරූප ගෙන අන්තර් ජාලයේ කරනම් ගසන හිඟන වෙබ් අඩවිකරුවන්ගෙන් සහ අනෙකුත් උන්ගෙන් අසන්නට එක්‌ පැනයක්‌ අපට තිබේ. 

අද කුඩු රජකු බවට ශ්‍රී ලංකා පොලිසිය ප්‍රසිද්ධියේ ප්‍රකාශක කරමින් වෙස්‌ මුහුණ ගලවා දැමූ මොහොමඩ් මුජහදීන්ව මැලේසියාවේදී ප්‍රසිද්ධ වේදිකාවකට පැමිණ සම්මානයට පාත්‍ර කළ මැලේසියානු හිටපු ජනාධිපති මහතීර් මොහොමඩ් මහතාත් කුඩු කාරයකු යෑයි කියන්නට තරම් අවලං මානසිකත්වයක්‌ නුඹලාට තිබේද යන්න පමණි.

පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය මුජහදීන්ගේ වෙස්‌ මුහුණ ගැලවු සුපිරි මෙහෙයුම ලබන සතියේ සිට

සමන් ගමගේ
http://www.divaina.com/2015/08/02/feature25.html

සබැඳි ලිපි -[මැලේසියාවේ කුඩු කප්පිත්තා මොහොමඩ් මුබාරක්‌ගේ කුඩු ජාලයhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_59.html70% ලංකා කුඩු වෙළඳපොල අයිති ශ්‍රී ලංකාවට හෙරොයින් එවන කුඩු රජා - මොහොමඩ් මුබාරක්‌ හඳුනාගනී
http://denethharinna.blogspot.com/2015/07/70.html
හෙරොයින් කරල් 34ක්‌ ගිල ඩුබායි සිට පැමිණි මූසලුවා මාට්‌ටු! කුස තුළ හෙරොයින් එළියට ගනිමින් සිටිනවා! - රේගුවhttp://denethharinna.blogspot.com/2015/06/34.html
ශ්‍රී ලංකාවට මත්කුඩු ගෙනා මූසලුවා දිවි ඇති තෙක්‌ හිරේ
http://denethharinna.blogspot.com/2015/05/blog-post_20.html
තැපෑලෙන් කුඩු එවූ පාකිස්‌තානුවාට අනුබල දුන් මොහොමඩ් ෆලීල් සිත්ති පාතිමා ලක්‍ෂ 135 ක ඇපhttp://denethharinna.blogspot.com/2015/04/135.htmlකුඩු සිද්ධික් පාකිස්ථානයේදී කොටු. ලංකාවට එවයි!http://denethharinna.blogspot.com/2015/03/blog-post_57.htmlඅහමඩ්, ඉල්ෂාඩ්, අබ්දුල් ගවාර්, සබීර්, තාජුඞීන්.... සිට සිම්සාන් දක්වා, මූසලු කුඩු බූවල්ලන් නිසා වැනසෙන සිංහල තාරුණ්‍යයhttp://denethharinna.blogspot.com/2015/03/blog-post_60.htmlකුඩු කිලෝ පහක් සමඟ මූසලු කුඩු රජු ‘සිමිසාන්’ අල්ලයිhttp://denethharinna.blogspot.com/2015/03/blog-post_48.htmlදිගු කලක් කුඩු ජාවාරම් කළ මොහොමඩ් මරණ දඬුවම නියම කරද්දී සිහිසුන්ව වැටෙයිhttp://denethharinna.blogspot.com/2015/02/blog-post_20.html
මොහොමඩ් ඉල්ෂාඩ් ගෙන් හෙළි වූ තොරතුරු අනුව අබ්දුල් ගවාර් පාකිස්‌තාන කුඩු කප්පිත්තා දෙහිවලදී දැලේ
http://denethharinna.blogspot.com/2014/09/blog-post_68.html
මොහොමඞ් සබීර් කුඩු රජු ලංකාවේ අංක 1 - වෙලේ සුදා හා සිද්දික්ගේ මත්කඩු ජාරාවමේ මෙරට ප‍්‍රධානියා
http://denethharinna.blogspot.com/2014/08/1.html
ලංකාවේ තුන්වන කුඩු රජා ‘අහමඞ් සබීර් තාජුඞීන්’http://denethharinna.blogspot.com/2014/08/blog-post_32.html
තනුඡ්දීන්ගේ කුඩු කිලෝ 39 ඕස්ට්‍රේලියාවට තේ ලෙස යවන්න හදලා! මූසල කුඩු ප්‍රිති අපනයන මාෆියාවෙන් ශ්‍රි ලාංකීය අපනයනයන්ට දැඩි බලපෑමක්
http://denethharinna.blogspot.com/2014/08/39.html
තවත් මූසල කුඩු රජෙක් (තනුඡ්දීන්) මාට්ටු! මෙවර කිලෝ 59යි
http://denethharinna.blogspot.com/2014/08/59.html
කන්ටේනර් පිටින් ලංකාවට කුඩු එවන්නේ මාළිගාවත්තේ ‘සිද්ධික්’http://denethharinna.blogspot.com/2014/07/blog-post_43.htmlමෙවරත් මුසලුවන්! පෙර වාර්තා බිඳේ. දැවැන්තම හෙරොයින් තොගයක් රේගු අත්අඩංගුවේ! උපවාසය නිසා නීතිය ක්‍රියාත්මක කිරීමට අපහසුයි?http://denethharinna.blogspot.com/2014/07/blog-post_4915.htmlකුඩු කල්ලියේ සාමාජිකයෝ ඩුබායි හා පාකිස්‌තානයේ - එස්‌.ටී.එෆ් අණදෙන නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_1487.htmlකෝටි 68ක කුඩු අල්ලයි - දෙවැනි විශාලම තොගය - සෙල්වරාඡ්, සෙල්වදොරේ දෙසොහොයුරන් දැලේ!http://denethharinna.blogspot.com/2014/06/68.htmlඅල්ලාහු අක්බර් - ලෝකයටම කුඩු බෙදන්නේ මුසලු ඇෆ්ගනිස්ථානයෙන් | මුසලු අඹුසැමි යුවළ ඖෂධ උපකරණ අස්‌සේ ගෙනා හත්ලක්ෂයක කුඩු තොගය මාට්ටුhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9095.htmlමුසලු කුඩු හොරුන්ට නඩු නෑ... කාගේ බලපෑමක්ද?http://denethharinna.blogspot.com/2014/04/blog-post_1335.htmlකුඩු මුසලුවන්ගේ වෘත්තියද? හෙරොයින් ගිල ශ්‍රී ලංකාවට පැමිණි මුසලු දෙසොහොයුරියන් දිවි ඇති තෙක්‌ හිරේhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_30.htmlකුඩු සමඟ මොහොමඩ්ලා! මොහොමඩ් චාලි, මොහොමඩ් අල් සබ්රි, මොහොමඩ්...http://denethharinna.blogspot.com/2014/04/blog-post_14.htmlකෝටි 2 ක කුඩු සමඟ කුඩු උවඉසුත් දැලේ. කුඩු මෙහෙයවන්නන් සාතිශය බහුතරය මුසලුවන්http://denethharinna.blogspot.com/2014/04/2.htmlමෙරටට කුඩු ගෙන්වන සියල්ලන් මුසලුවන්??? හොරොයින් තොගයක් සමඟ පාකිස්තානුවෙක් ගුවන්තොටේදී අල්ලයි!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2568.htmlමේ මුසලු කුඩු ජාවාරමේ එක් දාමයක් පමණි! කුඩු ගෙනාවේ 'මොහොමඩ් චාලි' - බාරගන්න හිටියෙ 'මොහොමඩ් සබ්රි' - බඩු එව්වේ 'සිද්ධික්‌'http://denethharinna.blogspot.com/2014/03/blog-post_3335.html‘බෝල්ට්’ මොහොමඞ් ඩබලම අත්අඩංගුවට. වැඩකරන්නේ ලාංකික කුඩු රජු සිද්දධික් යටතේ! කලින් කුඩු කිලෝ 12ක් ගෙනා සියාමුත් දැලේ...http://denethharinna.blogspot.com/2014/03/12.htmlකළින් 3වතාවක් මහා පරිමාණයෙන් ගෙන්වලා! කුඩු කිලෝ 36 ක්‌ ගෙනා පාකිස්‌තානු කුඩු රජා සහ මෙරට මුසලු කුඩු ප්‍රධානී මොහොමඩ් දැලේhttp://denethharinna.blogspot.com/2014/03/3-36.htmlකුඩු කිලෝ 36 මහ මොළකරුවන් පකිස්ථානු මුසලුවා සහ ලාංකීය කුඩු මුසලුවා දැලේhttp://denethharinna.blogspot.com/2014/03/36_19.htmlමුසළුවන් කපටි මොළයෙන් මෙහෙයවෙන, සිහළුන් බී නැසෙන, ලංකාවේ නම කුඩු කරන, කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_6273.htmlපාකිස්‌තානයෙන් බෝල්ට්‌ ඇණ පෙට්‌ටි දෙකක කෝටි 36ක කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/36_11.htmlමෙරට පකිස්ථානු මුසලුවෙකුගේ නමට පකිස්ථානයෙන් තවත් කිලෝ 36ක කුඩු තොගයක්http://denethharinna.blogspot.com/2014/03/36.htmlස්‌නායු පද්ධතිය අක්‍රීය කරමින්, සිහළ තරුණ පරපුර ගිලගන්නා, මුසලුවන් බෙදාහරින මත 'ටැබා'http://denethharinna.blogspot.com/2013/10/blog-post_9711.html
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම
http://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html
කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_4466.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.htmlමේ වැනසෙන්නේ සිහළ බොදු තාරුණ්‍යයයි. වසරකදී රු. කෝටි 2670 ක කුඩු බොති.http://denethharinna.blogspot.com/2013/10/2670.html
]

0 comments: