Pages

Monday, August 17, 2015

ඉපැරණි ගල් ඔරලෝසුවක්‌ ඓතිහාසික රජගල පුදබිමෙන්

අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පිහිටි රජගල ඓතිහාසික පුදබිමේ කැණීම් ආරම්භ කර අවුරුදූ 03 ක්‌ පිරීම සහ මෙම පුදබිමේ ඉදිකරන ලද ගොඩනැඟිලිවලට ගෙවදීම නිමිති කොටගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඒකාබද්ධව රජගල පුරාවිද්‍යා ව්‍යාපෘතිය මගින් ඓතිහාසික රජගල කන්දේදී සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක්‌ පසුගියදා පවත්වන ලදී. මෙම පරිත්‍රාණ ධර්ම දේශනාව සමග අරියවංශ සුත්‍ර දේශනාවද පැවැත්වීම සිදුවිය . මෙවැනි පරිත්‍රාණ ධර්ම දේශනාවක්‌ පවත්වනු ලැබුවේ වසර 1000 කින් පසුව බවද පැවසේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඒකාබද්ධව රජගල ඓතිහාසික බිමේ කැණීම් ආරම්භ කර අවුරුදු 03 පමණ වෙන අතර මේ වන විට පුරා වස්‌තු රාශියක්‌ හමුවී ඇත. ඓතිහාසික රජගලතැන්න පුණ්‍ය භූමියේ කරන ලද කැණීම් වලදී සහ දාන ශාලා ගොඩනැගිල්ලේ කැණීම් කිරීමේදී ගල් ඔරලෝසුවක්‌ ද හමුව තිබේ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පී. බී. මණ්‌ඩාවල මහතා ඒ පිළිබඳව මෙසේ පවසා සිටියේය. 

ඈත ඉතිහාසයේ ද මෙම රජගල පුදබිමේ ආරියවංශ සුත්‍රය දේශනා කර ඇති බව සඳහන්. ඒ අනුව වසර 1000 කින් පසුව තමයි මේ ආකාරයෙන් පරිත්‍රාණ ධර්ම දේශනාවක්‌ පවත්වනු ලැබුවේ. මේ ආකාරයෙන් දැනට කැණීම් සිදු කරන දාන ශාලා ගොඩනැගිල්ලද ඕවලාකාර හැඩයක්‌ ගන්නවා. මෙම ඔරලෝසුවට සමානවම ඔරලෝසුවක්‌ අභයගිරි කැණීම්වලදී හමුව තිබෙනවා. දැනට කරන ලද කැණීම්වලදී පස්‌වලින් වැසීs ගොස්‌ තිබූ ආසනඝරයක්‌ මතුව ඇති අතර එය සංරක්‌ෂණය කර අවසන් කිරීමටද හැකිව තිබෙනවා. ඒ අසලම තිබු කුඩා චෛත්‍යයක්‌ද නිධන් හොරුන් විසින් හාරා තිබු අතර එම කුඩා චෛත්‍යද කැණිම් කර සංරක්‌ෂණය ආරම්භ කර තිබෙනවා යෑයි මණ්‌ඩාවල මහතා පවසා සිටියේය.

මෙම කුඩා චෛත්‍යය හතර ක්‍රි.පූ. 119 පමණ සද්ධාතිස්‌ස රජතුමාගේ පුත් ලඡ්ජතිස්‌ස කුමාරයා විසින් ආරම්භ කළ බවත් මෙම ඓතිහාසික පුදබිම පිළිබඳව තොරතුරුත් මහාවංශයේ සඳහන් වෙනවා. රජගලතැන්න පුදබිමේම් ඇති ලෙන්වල තිබෙන ශිලා ලේඛන 08 ක පමණ ලඡ්ජතිස්‌ස කුමාරයා පිළිබඳව සඳහන්ව ඇති අතර ලඡ්ජතිස්‌ස කුමාරයා විසින් මෙය ආරම්භ කළ බවට එය පැහැදිලි සාක්‌කියක්‌ බවද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා පවසයි.

පැත්තේම ගලින් කොටන ලද සිරි පතුල් සහ පත්‍ර දඬු තිබීම මෙම දාගැබේ විශේෂත්වය යෑයි මණ්‌ඩාවල මහතා පවසා කියයි.

මෙයට අමතරව ගල් පාත්‍රය අසල තිබූ ගොඩනැඟිල්ලේ සංරක්‌ෂණය ද අවසන් වෙමින් පවතින අතර මෙම ගොඩනැගිල්ල කුමක්‌ සඳහා පාවිච්චියට ගත්තා දැයි නිගමනය කිරීමට නොහැකි බවද මෙහි කැණීම් කටයුතුවල නිරත වෙන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා පැවසුවේය.

මේ වන විට කරන ලද ගවේශන වලදී තව පුරාවිද්‍යා ස්‌ථාන 300 පමණ සොයා ගැනීමට ද හැකිව තිබේ. මේ වන විට සිදු කරන ලද කැණීම්වලදී මුරදම් ගලක්‌ පහණක්‌, පලිඟු කරඬුවක්‌, පැරැණි කාසියක්‌, කොත් කැරැල්ලක්‌ මුට්‌ටියක්‌, වාමන රූපයක්‌, නළඟන රුවක්‌, ඉපැරණි ගඩොල් හමුව තිබේ. මෙයට අමතරව අලුත් සෙල් ලිපි 06 ක්‌ද සොයාගෙන ඇත. 

මෙම පිරිත් සඡ්ජායනයෙන් පසුදින උදේ මහා සංඝයා විෂයෙහි හීල් දානය පිරිනැමීමද සිදුවිය. මෙම පිංකමට සමගාමීව රජගලතැන්න කැණීම්වලදී හමුවු පුරා වස්‌තු ප්‍රදර්ශනයක්‌ද පවත්වනු ලැබිය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියන් විසින් මෙම පිංකම සංවිධානය කර තිබිණි.

සුසන්ත අමරබන්දු - අම්පාර
http://www.divaina.com/2015/08/17/news23.html

සබැඳි ලිපි -
[
සුළං බලෙන් යකඩ හදපු ලෝකෙ එකම රට ශ්‍රී ලංකාව. සමනලවැව ඓතිහාසික යකඩ උඳුන් ක්‍රියාත්මක කර යකඩ ගත්තා!http://denethharinna.blogspot.com/2015/01/blog-post_3.html
අතීත විරුවන් ආයුධ, උපකරණ යකඩින් තනලා! හතරලියද්දේ යකඩ නිෂ්පාදනයේ සාධක මතු වේhttp://denethharinna.blogspot.com/2014/12/blog-post_9.html
ඉතිහාස වංශකථාව අලුතින් ලියූ කෝට්‌ටේ කබොක්‌ ස්‌මාරකයhttp://denethharinna.blogspot.com/2014/11/blog-post_67.html
අභයගිරියේ කැණීම්වලින් පුරාවිද්‍යා නටබුන් රැසක්‌ හමු වේhttp://denethharinna.blogspot.com/2014/11/blog-post_65.html
අනුරාධපුර යුගයේ විදෙස්‌ සබඳතා ගැන බඳගිරියෙන් සාක්‍ෂි මතුවෙයි!
http://denethharinna.blogspot.com/2014/11/blog-post_22.html
රජ කාලෙ සල්ලි මල්ලක් බඳගිරියෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2014/10/blog-post_69.html
සේරුවාවිලට නුදුරුව පොළොන්නරු රජ කාලයේ දියුණු වරාය නගරයක්http://denethharinna.blogspot.com/2014/10/blog-post.html
නීලගිරි දාගැබේ කැනීම්වලින් පුරාවස්‌තු හමුවෙයි
http://denethharinna.blogspot.com/2014/07/blog-post_23.html
මැටි නළ මාර්ග පද්ධතියක්‌ සහිත වැසිකිළි පද්ධතියක්‌ ජේතවන භූමියෙන් සොයාගනීhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_27.html
දුම්මලසූරිය මැටි ඔරු සුසාන ඓතිහාසික යුගයේ බව තහවුරු වේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_5763.html
අතීත හෙළ බිමම බොදු පින් බිමක්! කිලිනොච්චියේ බෞද්ධ නෂ්ටාවශේෂ සොයා ගැනේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4889.html
කල්තොට ඉඩමකින් හමු වූ බුදුරුව අනුරපුර යුගයට අයත් ඓතිහාසික පිළිමයක්. ජනතා බැති පුදට!http://denethharinna.blogspot.com/2014/05/blog-post_12.html
කල්තොට ඉඩමකින් අඩි 6ක්‌ උස ඉපැරැණි බුදුරුවක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2014/05/6.html
අවුරුදු ලක්‍ෂ 7කට පෙර ශ්‍රී ලංකාවේ මානවයින් සිටි බවට සාක්‍ෂි හමුවෙනවා - පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ ගවේෂණ නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/05/7.html
ක‍්‍රි.පූ. 300ටත් වඩා පැරණි ගුහා ආරාම සංකීර්ණයක් යාපහුවෙන්http://denethharinna.blogspot.com/2014/04/300.html
ආදි මානවයා දඩයමෙන් ගොවිතැනට මාරුවුණේ රත්නපුරයේදී - මහාචාර්ය රාජ් සෝමදේවhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_11.html
අවුරුදු 2000ක්‌ පැරණි ලෙන් ලිපියක්‌ සොයාගැනේ
http://denethharinna.blogspot.com/2014/03/2000.html
වව්නියාවෙන් හමුවූ කාසි මුට්ටිය දඹදෙනි යුගයට අයත්. අසලින් සඳකඩ පහණක සහ ගල්කණු වල නටඹුන්! අතීත හෙළ බිම පුරාම එකම පාලනයක් පැවති බවට සනාථයි!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3065.html
වවුනියාවේ කාණුවක්‌ හාරද්දී පැරණි කාසි මුට්‌ටියක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6048.html
හෙළ බිමම අතීත බොදු බිමක් - අහුන්ගල්ල ගල්වෙහෙර මළුවේ ඉපැරණි විහාරයක නටබුන් කැණීම්වලින් මතුවේ!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3076.html
සීගිරිය අවට කැනීම් වලින් සොයාගත් මෙතෙක් හමුවූ විශාලතම මැටි කළයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_1466.html
මුන්නේශ්වරම් කාලි කෝවිල පැරණි බොදු පුද බිමක්. කැණීම් වලින් සඳකඩ පහණක් මතුවෙලා.http://denethharinna.blogspot.com/2014/01/blog-post_6999.html
සෙංකඩගල පැරණි රජ මාලිගාවේ මැදවාසල බිත්තිවලින් පුරාණ චිත්‍ර මතුවේhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_1304.html
සීගිරියේ කැණීම්වලින් ඉපැරණි මැටි මුට්‌ටියක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_4459.html
මහපොළොවෙන් මතුවන හෙළ උරුමය - වසර 2500ක් පැරැණි සොහොන් බිමක් මිනුවන්ගොඩින් මතුවෙයි
http://denethharinna.blogspot.com/2013/10/2500.html
හුනුලාගල ගල් ගුහාවෙන් කාන්තා මූර්තිවල යටිකය හා උඩු කය හමුවෙයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1027.html
පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක්‌ හල්දුම්මුල්ලෙන් හමුවේ

http://denethharinna.blogspot.com/2013/08/blog-post_832.html
උතුරින්-නැගෙනහිරින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 400ක්http://denethharinna.blogspot.com/2013/08/400.htmlඅනුරපුර යුගයේ සිතුවම් එප්පාවලින් මතුවේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8457.htmlහැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...http://denethharinna.blogspot.com/2013/07/blog-post_3244.htmlසතර බුදුවරු පා තැබූ අනුරාධපුරේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.htmlපැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.htmlසීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුවhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_650.htmlගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාවhttp://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.htmlකි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේhttp://denethharinna.blogspot.com/2013/01/200.htmlඅනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයිhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.htmlලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_28.htmlනූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබhttp://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html

0 comments: