Pages

Saturday, August 8, 2015

වසරකට ප්ලාස්‌ටික්‌ බෑග් කෝටි 190 ක්‌ පරිසරයට - ආචාර්ය ජගත් මනතුංග

සෑම ශ්‍රී ලාංකික පවුලක්‌ විසින්ම දිනකට ප්ලාස්‌ටික්‌ බෑගය බැගින් කසළ ගොඩට බැහැර කළහොත් වසරකට දිරාපත්වීම ප්‍රමාද වන විෂ සහිත එවැනි ප්ලාස්‌ටික්‌ බෑග් කෝටි 190 ක ප්‍රමාණයක්‌ පරිසරයට මුදා හැරෙන බවට ඇස්‌තමේන්තු කර ඇතැයි මොරටුව විශ්වවිද්‍යාලයීය සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජගත් මනතුංග මහතා පැවැසීය.

පවුලක්‌ දිනකට පරිසරයට බැහැර කරනු ලබන ප්ලාස්‌ටික්‌ බෑග් සංඛ්‍යාව එකට වඩා වැඩි වන්නේ නම් වසරකට පරිසරයට බැහැර කෙරෙන එම බෑග්වල සංඛ්‍යාව ඉහත කී සංඛ්‍යාවට වඩා කිහිප ගුණයකින් වැඩිවන බව ආචාර්ය මනතුංග කීවේය.


මෙරට පරිසරයට මුදාහැරෙන අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් සියයට 4 ත් 7 ත් අතර ප්‍රතිශතයක්‌ ප්ලාස්‌ටික්‌ බව ඔහු සඳහන් කළේය.


විවිධ රසායන ද්‍රව්‍යයන් අන්තර්ගත ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය පිළිස්‌සීමෙන් ඩයොක්‌සීන් ඇතුළු විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට එකතු වී එමගින් පරිසරයටත්, මිනිසාටත් හානිකර තත්ත්වයක්‌ උදාවන බව ආචාර්ය මනතුංග අවධාරණය කළේය.


ශ්‍රී ලංකාවේ ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය සෙසු අපද්‍රව්‍යයන්ගෙන් වෙන් කර ගැනීමේ නිසි ක්‍රමවේදයක්‌ නොතිබීම හේතුවෙන් එම ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය වර්ෂාවට සේදී යැමෙන් ජලය පවා දූෂණය වන බව හෙතෙම කීවේය.


මෙම තත්ත්වයට ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණය කිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීම අවශ්‍යව ඇතැයි ඔහු සඳහන් කළේය.


මෙරට ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය ප්‍රශ්නය නිරාකරණය කළ හැකි ආකාරය පිළිබඳව 05 දා කොළඹ පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.


ඒමන්ති මාරඹේ

http://www.divaina.com/2015/08/07/news30.html

Pic Source

0 comments: