Pages

Tuesday, January 1, 2013

හලාල්, අල්කයිඩා හා හමාස්‌...

හලාල් තත්ත්ව සහතිකය ලබා ගැනීම සඳහා භාණ්‌ඩ නිෂ්පාදන ආයතනයන්ගෙන් සමස්‌ත ලංකා ජයමතුල්ලා, උලමාවරුන්ගේ සංවිධානය අයකර ගන්නා මුදල් ජාත්‍යන්තර ත්‍රස්‌තවාදීන්ගේ අරමුදල් වෙත බැරවී ඇති බවට බොදු බල සේනා සංවිධානය ඊයේ (31 වැනිදා) චෝදනා කළේය.

අල්කයිඩා හා හමාස්‌ වැනි ජාත්‍යන්තර ත්‍රස්‌තවාදී සංවිධානවලට එම මුදල් ලැබෙන බවත් මේ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහ ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බවත් මෙහිදී අවධාරණය කරනු ලැබිණි.

මෙම තත්ත්වය ජාතික හා ජාත්‍යන්තර ආරක්‌ෂාව සම්බන්ධයෙන් බලවත් ප්‍රශ්නයක්‌ බවත්, හලාල් සහතිකය මගින් ලැබෙන මුදල් පිළිබඳව රහස්‌ පොලිසිය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වහා සොයා බැලිය යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියෝ පැවැසූහ.

කැනඩාවේ ක්‍රියාත්මක පොයින්ට්‌ඩි බේස්‌කල් පර්යේෂණ ආයතනය මේ පිළිබඳව තහවුරු කර ඇති බවත්. සන්විව් රූපවාහිනී නාලිකාව මෙම තත්ත්වය පිළිබඳ දිගින් දිගටම ප්‍රචාරය කර ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

හලාල් තත්ත්ව සහතිකය පිළිබඳව මුස්‌ලිම්වරුන්ට ඇති අයිතිය පිළිබඳව කිසිදු ගැටලුවක්‌ හෝ මුස්‌ලිම්වරුන් ඉලක්‌ක කොට ජාතික හා ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කරන හලාල් සම්බන්ධයෙන් තම සංවිධානයේ කිසිදු විරුද්ධත්වයක්‌ නොමැති බවත් ගැටලුව ඇත්තේ එම මුදල් ත්‍රස්‌තවාදී අරමුදල්වලට බැරවීම පිළිබඳව බවත් උන්වහන්සේ පැවැසූහ.

විතාරන්දෙණියේ නන්ද හිමියෝ එම අදහස්‌ පළ කළේ ඊයේ (31 වැනිදා) තුම්මුල්ල හන්දියේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2013/01/01/news03.html



[
සැබැඳි ලිපි -
හලාල් හරාම්! - 
http://denethharinna.blogspot.com/2012/11/blog-post_11.html
ඇත්තටම මොකටද හලාල්???
http://denethharinna.blogspot.com/2012/12/blog-post_2852.html
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
http://denethharinna.blogspot.com/2012/12/700.html
හලාල් හරාම් (2)! - 
http://denethharinna.blogspot.com/2012/12/blog-post_18.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන 
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]



0 comments: