Pages

Monday, January 14, 2013

කි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේ

හම්බන්තොට ගොඩවාය මුහුදු තීරයෙන් කි‍්‍ර.පූ. 200 වැනි කාලයක යැයි සිතිය හැකි ශී‍්‍ර ලංකාවේ සිට භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමු වූ බව ‘‘මාස්ටර් ඩයිවර්ස්’’ සමාගමේ සභාපති ආරියශීල වික‍්‍රමනායක මහතා පැවැසීය.

පසුගිය ඉරිදා තමන් විසින් කරන ලද කිමිදුම් ගවේශණයකදී මෙම නෞකාවේ නටඹුන් හමුවූ බවත් තඹ, යකඩ, මැටි භාණ්ඩ හා වීදුරු බෝල යනාදිය විදේශ රටවලට ප‍්‍රවාහනය කළ නෞකාවක් බවත් හෙතෙම සඳහන් කළේය.

‘‘මේ නැව හම්බවුණේ හම්බන්තොට නව වරාය ඉදිරිපිට මුහුදේ තිබිලා. අඩි 127 ක් විතර ගැඹුරින් නැව රැඳිලා තිබෙනවා. නැව නිර්මාණය කරලා තිබුණු ලීය දිරාපත් වෙලා තිබුණත් ප‍්‍රවාහනය කරමින් සිටි භාණ්ඩවලට හානියක් වෙලා නෑ. මැටි වළං, තඹ, යකඩ ආදිය ඒ භාණ්ඩ  අතර තියෙනවා.

දැන් නව හම්බන්තොට වරාය හැදෙන්නේ පැරැණි වරාය තිබ්බ තැනම තමයි. කි‍්‍රස්තු පූර්ව කාලේ ලංකාවේ ජනතාව හම්බන්තොට ප‍්‍රධාන වරායක් ලෙස සලකලා විවිධ රටවල භාණ්ඩ හුවමාරු කිරීමේ ප‍්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළේය. මේක ‘‘ලෝක වරාය’’ කිව්වොත් හරි. අද වුණත් අපි හම්බන්තොටට ඒ තත්ත්වය ලබාදෙන්න  ඕනේ. මේ විදියට පුරාණ නැවි කොටස් හමුවීමෙන් එම කාරණය තහවුරු වෙනවා’’ යයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
http://lankacnews.com/sinhala/news/88614/ [Picture is not related with the story]

Picture from - http://www.google.lk/imgres?um=1&hl=en&sa=N&tbo=d&biw=1280&bih=899&tbm=isch&tbnid=yGbptjTSuN-s3M:&imgrefurl=http://www.scubadiving1.com/Sunken%2520Ship%2520Found%2520Treasure.html&docid=ynw_qnQeWpHaWM&imgurl=http://www.scubadiving1.com/Sunken%252520Ship%252520Found%252520Tresure/Sunken%252520Ship%252520Found%252520Treasure%252520Ceramics%252520and%252520Jars%252520from%252520a%252520old%252520chinese%252520Shipwreck%252520in%252520the%252520South%252520China%252520Sea.jpg&w=567&h=378&ei=fg70UPWJF8r-lAW8moAg&zoom=1&iact=rc&dur=407&sig=110640265295672869584&page=1&tbnh=142&tbnw=216&start=0&ndsp=30&ved=1t:429,r:6,s:0,i:97&tx=72&ty=52

0 comments: