Pages

Friday, January 25, 2013

අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති

අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් යන ත්‍රස්‌තවාදී සංවිධාන සමඟ ශ්‍රී ලංකාව තුළ සබඳකම් පවත්වන්නන්ට දෙවසරක සිර දඬුවමක්‌ හා රුපියල් දස ලක්‍ෂයක දඩයක්‌ නියම කිරීමේ නව නීති රීති පෙබරවාරි මාසයේ සිට පැනවීමට රජය තිරණය කර ඇත.

මෙම සංවිධානවලට සම්බන්ධ පිරිස්‌ දැනටමත් උතුරු නැගෙනහිර සිටින බව හෙළිවී තිබේ. මෙම සංවිධාන සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලය සම්මත කරගත් යෝජනාවට එකඟත්වය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය මෙලෙස නව නීති රීති ගෙන ඒමට ඉදිරිපත් වී තිබේ.

මෙතෙක්‌ මෙරට ත්‍රස්‌ත මර්දන නීති රීති තුළ එකී ත්‍රස්‌ත සංවිධාන සම්බන්ධව සඳහන් වී නොතිබුණි.

මෙකී නව නීති රීති ගැන ශ්‍රී ලංකාවේ ජනතාව වෙත තොරතුරු දැන්වීමට නිසි බලධාරියකු ද පත්කෙරේ.

මෙයට අදාළ සංශෝධන පනත් කෙටුම්පතක්‌ පාර්ලිමේන්තුව වෙතද යොමු කෙරෙන අතර පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණු විගස එය ගැසට්‌ නිවේදනයක්‌ මගින් ප්‍රකාශයට පත්කෙරේ.

එසේම අල්කයිඩා සහ තාලිබාන් සංවිධාන සමඟ සබඳකම් පවත්වන්නන් විසින් පවත්වාගෙන යන අරමුදල්ද තහනම් කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාව මෙවන් නව නීති රීති පනවන්නේ මුල්වරටය.

[ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරේ හොල්මන් කරති | කීර්ති වර්ණකුලසූරිය | http://www.divaina.com/2013/01/20/news06.html]

සබැඳි ලිපි - අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී - http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html

0 comments: