Pages

Friday, January 25, 2013

මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි


- බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥණසාර හිමි

මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුව ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥණසාර හිමියෝ පැවැසූහ.

මූලධර්මවාදය පැතිරවීම සඳහා අන්තවාදී දේශකයන් රැසක්‌ නොයෙක්‌ වේශ නිරූපනය කරමින් මෙරටට පැමිණ ඇති බවත් ඔවුන්ගේ කපටි ක්‍රියාවන්ට අපගේ ඇතැම් පුද්ගලයන් රැවටී ඇති බවත් උන්වහන්සේ පැවැසූහ.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥණසාර හිමියෝ එම අදහස්‌ පළ කළේ කොළඹ තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ඉකුත් 22 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ගලබොඩඅත්තේ ඥණසාර හිමියෝ මෙසේද පැවසූහ.

ජාතිය හා ආගම මුහුණදී ඇති උවදුරුවලින් ගලවා ගත යුතුයි. එහිදී ඕනෑම අභියෝගයකට අප මුහුණ දෙන්න සූදානම්. මුස්‌ලිම් අන්තවාදය පිළිබඳ හෙළිදරව් කිරීමෙන් පසු අපේ ජීවිතවලට විශාල අනතුරක්‌ පැමිණේවි. නමුත් අප ජීවින ගැන නොසිතා අපගෙන් මාතෘ භූමියට, ආගමට විය යුතු මෙහෙය ඉටුකරනවා.

රටේ පාලකයන්, ආරක්‍ෂක අංශ මේ පිළිබඳ මුණිවත රකිද්දී අපට ඉතිහාසයෙන් හිමි වුණු මඟ යමින් රට මුහුණදී ඇති අභියෝග ගැන රටට හෙළිදරව් කළා. අපගේ නිහඬතාව විරුද්ධවාදීන් අවියක්‌ කරගෙන තිබෙනවා. තව දුරටත් නිහඬ විය යුතු නැහැ.

අප බොදුබල සේනා සංවිධානය ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ ලෙස පසුගියදා ගල්µa නිවුස්‌ හි පළ කළ වාර්තාවක දැක්‌වුණා. ඊට පසු දින මෙරට µsනැන්සියල් ටයිම් පුවත්පතේ එම ලිපියම පළවුණා. මෙම සිදුවීම් අහඹු සිදුවීම් නොවෙයි. මේ සෑම දෙයක්‌ම ඉතාමත් සංවිධානාත්මකව සිදුවන ක්‍රියාවලින්.

අන්තවාදීන් එසේ කටයුතු කරද්දී අපගේ ජාතිය නසන අලුගෝසුවන් අප අතරම සිටිනවා. ජාතික ගුවන්විදුලි සේවාවේ අරාබි බසින් මුස්‌ලිම් ආගම වැළඳගන්නැයි දැන්වීම් යනවා. දැන්වීම් නිසා ලැබෙන මුදල්වලට ගිජුවී එය නතර කිරීමට බලධාරීන් කටයුතු කර නැහැ.

නැවත කිසිදිනෙක සර්ව ආගමික පුට්‌ටු ඇති කරන්න අප ඉඩ දෙන්නේ නැහැ. අපේ රට ඇµaගනිස්‌ථානයක්‌, සුඩානයක්‌ කරන්න අප ඉඩ දෙන්නේ නැහැ. මේ පිළිබඳව දේශපාලන නායකත්වය සොයා බැලිය යුතුයි.

මෙම අවස්‌ථාවට බොදුබල සේනා සංවිධානයේ ප්‍රධානි කිරම විමලජෝති හිමි, සීලරතන හිමි, විතාරන්දෙණියේ නන්ද හිමි, ලියන්වල ශාසනරතන හිමිවරු ඇතුළු හිමිවරු රැසක්‌ එක්‌වූහ.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2013/01/25/news27.html

0 comments: