Pages

Thursday, January 24, 2013

තුන් ලොවට නයු වූ සම්මා සමිඳුන්ට අපහාස කළ 'බුද්ධ බාර්' හි 'නිර්වාණ' බුෆේ දුන් පාපතරයන් තවමත් නිදැල්ලේ

Dinner - Nirvana Style - cozy Buddha bar lounge |  Buddhha bar longe music & international
Pic copied from - Bodu Bala Sena Jalaya (FB)
පෙරේදා රාත‍්‍රියේ බොදු බල සේනා සංවිධානය විසින් වටලා ඇති බුද්ධ බාර් මාදිලියේ හෝටලය බේරුවල ‘සිනමන් බේ’ යයි අනාවරණය වේ. මෙම හෝටලයේ කෑමට තිබී ඇත්තේ නිර්වාණය.

බොදු බල සේනා සංවිධානයේ භික්‍ෂූන් වහන්සේලා කඩා වදින්නට පෙර ගිහි සාමාජිකයන් පිරිසක් එතුලට යවා ඔත්තු බලවා ඇති අතර එහිදී ඔවුන් දැක ඇත්තේ බුදුන් වහන්සේට ඉටිපන්දම් ගසා බුද්ද බාර් පාටිය ආරම්භ කර ඇති බවකි. වේටර්වරයා පවසා ඇත්තේ ඩිනර් එකට නිර්වාණ බුෆේ එකක් ඇති බවකි.

අනතුරුව භික්‍ෂූන් වහන්සේලා එතුලට කඩා වැදුනු විට හොටල් පාලනාධිකාරිය කිසිත් නොදන්නා අයවලූන් සේ හැසිරී ඇති අතර සිද්ධියේ වගකිව යුත්තන් මේ වන තෙක් පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන නැත.

මූලාශ්‍ර - බුද්ධ බාර් පාටියේ කෑමට නිර්වාණ, හෝටලය බේරුවල ‘සිනමන් බේ’
January 24, 2013 at 1:09 am | lanka C news

සබැඳි ලිපි -

'බුද්ධ බාර්', 'නිර්වාණ', 'අල්ලා බාර්' සහ 'කුරාණ්'
http://denethharinna.blogspot.com/2013/01/blog-post_6491.html
සමාන සිද්ධියකට අදාල පෙර ලිපිය -
හෙළ බොදුනුවන්ගේ මෙත් කරුණාව ගැන තවත් සහතික කුමට අවැසිද?
http://denethharinna.blogspot.com/2012/10/blog-post_15.html

0 comments: