Pages

Tuesday, January 29, 2013

කූරගල මහ පින්කමට කුලු පොලු පොලිස් හමුදාවක් කඩා පනී

කූරගල මහ පින්කමට කුලු පොලු පොලිස් හමුදාවක් කඩා පනී
2013 ජනවාරි මස 26 දුරුතු පුර පසලොස්වක දින  ඓතිහාසික කූරගල දී සැදැහැවත් බෞද්ධ ජනතාවගේ සාභාගිත්වයෙන් ආශිර්වාද පින්කමක් සංවිධානය කරන ලද අතර එම අවස්ථාවට ජනාධිපති උපදේශක පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන් ද වැඩම කරවන ලදී. උදෑසන කිරි ආහාර පූජාව දහවල් බුද්ධපූජාව හා සවස ගිලන් පස පූජාව වශයෙන් මෙම අටවිසි බද්ධ පූජාව සකස් කර ලද අතර කිරි ආහාර පූජාව ඓතිහාසික මාරජී චෙත්‍ය රාජයානන්වහන්සේ අබියසදි සිදු කරන ලදි.
කාලයක් තිස්සේ අන්‍යාගමිකයින් විසින් මෙම ස්ථානයේ නිරන්තරයෙන් කරන ලද සත්ව ඝාතනයන් ලේ වැගිරීම් නිසාද රහතුන් වහන්සේලා වැඩ සිටි ගල්ලෙන් ග්‍රහණයට ගෙන කරන ලද විනාශයන් නිසාද සිදුවූ අවපවිත්‍රතාවයන් ඉවත් කරලීමද  මෙම ස්ථානයේ දැනට බලවත්ව සිටින අබෞද්ධ භුත බලවේග වලින් ස්ථානය නිදහස් කරගැනීමටද කටයුතු කරලීම මෙම පින්කමේ අරමුණ විය.

දශක ගණනාවක් තිස්සේ මෙම ස්ථානයේ අනවසරයෙන් සිටින පිරිස ඉවත් කරලීමට පුරාවිද්‍යා දේපාරතමේන්තුව විසින් පවරන ලද නඩුව දැනට නිමාවට පත් වී ඇති අතර   ඒ සඳහා නියෝගය තවමත් නීතිපතිවරයා විසින් ලබා දි නොමැත.

ආශීර්වාද පින්කමෙන් අනතුරුව රාත්‍රී හතට සෙත්පිරිත් දේශනයක් සහ රාවණ පූජාවක්ද පැවැත්වීමට  පිළිවෙල කර තිබුණි. එය සංවිධානය කරල ලද්දේ පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංශ හිමි ඇතුලු කෝට්ටේ රාවන සංගමයයි. මෙම අවස්ථාවට බුදුගල විල්යාය මාමල් ගහ යන විහාරස්ථාන වල විහාරාධිපතීන් වහණ්සේලා  ඇතුලු භික්ෂූන් වහණ්සේලා රාශියක්ද ජාති හිතෙෂීන් බෞද්ධ පින්වතුන් දහසක් පමණද රැස්වී සිටියහ.

මෙම පින්කම ගැන අසන්නට ලැබී බළන්ගොඩ කල්තොට පනාමුරේ ඇඹිලිපිටිය ඇතුලු පොලිස් ස්ථාන පහකින් කුලු පොලු සහිත පොලිස් නිළධාරීන් පන්සියක් පමණ කූරගලට පැමිණි සිටිනු දක්නට ලැබුණි. සංවිධාකයින් විසින් සධාතුක කරඬුව වඩම්මාගෙන එනු ලැබූ පෙරහැරට පොලිසිය විසින් බාධා එල්ල කරනු ලැබූහ. නමුත් එය නොතකා රහතුන වහණ්සේලා වැඩසිටි ගල්ලෙන් සමීපයෙන් ඉතාමත් සාමකාමීව ගමන් කිරීමට සංවිධායක පිරිස උත්සාහ ගත්හ.

අන්‍යාගමිකයින් විසින් රටපුර බෞද්ධ පුරා වස්තු රාශියක් විනාශ කරන අවස්ථාවල නිද්‍රාවෙන් සිටින ආරක්ෂක අංශ බෞද්ධ සැදැහැවතුන් ගේ පින්කමකට කුලු පොලු සහිත හමුදාවක් ගෙන ඒම සිංහල බෞද්ධයින්ගේ බලවත් සිත් වේදනාවට හේතු වී ඇත. පොලිස් නිළධාරීගේ මෙම ක්‍රියාව බෙහෙවින්ම ලැජ්ජා සහගත යැයි ද පැවසිය යුතුය.

- වසන්ත කලුආරච්චි
http://lankacnews.com/sinhala/main-news/89404/

0 comments: