Pages

Sunday, January 6, 2013

කරෙන් දැනුණ නීති හොරකම ගැන බරක්‌ නොගන්න රටක්‌!


රටේ ජනාධිපතිවරයා වෘත්තියෙන් නීතිඥයෙකි. විපක්‍ෂ නායකවරයාද එසේය. එසේ තිබියදීත් නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව දේශපාලනයේ ඉහළ තලයේ, අවධානය තවම යොමු වී නොමැත. පැතිරී තිබෙන කට කතාවලට අනුව නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගය හැමදාම පාහේ කැලෑ නීතියට යටත් වූවකි. එහි සාධක ඇතිව වැරැද්දක්‌ සිදුවී තිබෙන බව පෙන්වා දිය හැකි තත්ත්වයක්‌ කාලයක්‌ තිස්‌සේම උදාවී තිබුණි. එම කටකතාවල තත්ත්වය කෙසේ වුවත්, මෙම ප්‍රශ්න පත්‍රයේ සැකසීම පිළිබඳව මීට පෙර ද ශේ්‍රෂ්ඨාධි-කරණයට පෙත්සම් ඉදිරිපත් වන මට්‌ටමේ තත්ත්වයක්‌a උද්ගතවී තිබුණි. 2011 නීති ප්‍රවේශ විභාග ප්‍රශ්න පත්‍රය ඇසුරෙන් එසේ ඉදිරිපත් වූ එක්‌ පෙත්සමක්‌ අනුව එහි සිංහල පරිවර්තනය කඨෝර හා දුෂ්කර භාෂා ශෛලියකින් යුක්‌ත වී ඇත. එම අදියරේ සිට අසාමාන්‍ය ලෙස මුස්‌ලිම් ජාතික අපේක්‍ෂකයන් සමත් වන තැන දක්‌වා, නීති ප්‍රවේශ විභාගය "වහතුර්" වී තිබේ.

ප්‍රතිඵල ලේඛනය නිකුත් කරන ක්‍රමවේදයේ සිටම "පුහුල්a හොරා" අසුවන බව පෙනුණත්, නීති විද්‍යාලයීය ප්‍රවේශය සඳහා පෙනී සිටි අපේක්‍ෂකයන් හා ඔවුන්ට සහාය දක්‌වන නීතිඥයන් කිහිපදෙනකු හැරුණු විට ආණ්‌ඩුව මෙම ප්‍රශ්නය ගැන ගැඹුරෙන් අවධානයක්‌ තවමත් යොමු කර නැත. පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා විසින් හෙළි කර තිබෙන අන්දමට සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන් 6295 අතුරින් ප්‍රවේශ විභාගය සමත් වී තිබෙන්නේ 154 දෙනකු පමණි. දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන් 705 අතුරෙන් 138 දෙනකු සමත්වී තිබේ. ඒ අනුව සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ගෙන් 2.44% ක්‌ ද දෙමළ මාධ්‍ය සිසුන්ගෙන් 18.66% ක්‌ ද ප්‍රවේශ විභාගය සමත්වීමේ ප්‍රතිශතයක්‌ පවතී. මෙය හුදෙක්‌ම සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ගේ අදක්‍ෂතාව බවට ලඝූ කළ නොහැක්‌කේ පෙර වාර්තා හා සස¹ බැලීමෙනි. 2010 වසරේ සිංහල මාධ්‍යයෙන් මෙම විභාගයට සිසුන් 6228 ක්‌ පෙනී සිටි අතර එයින් සමත්වූ සංඛ්‍යාව 185 කි. එය ප්‍රතිශතයක්‌ ලෙස 20.9% කි. 2011 දී සිංහල මාධ්‍යයෙන් සිසුන් 5511 ක්‌ පෙනී සිටි අතර එයින් සමත් වූ සංඛ්‍යාව 133 කි. එය ප්‍රතිශතයක්‌ ලෙස 24% කි. එසේ තිබියදී මෙවර සිංහල මාධ්‍යයෙන් සමත් වූ ශිෂ්‍යයන්ගේ ප්‍රතිශතය 2.6% ක්‌ දක්‌වා පහළ බැස්‌සේ, එකවරම සිංහල මාධ්‍යයෙන් මැට්‌ටන් පිරිසක්‌ මෙම විභාගයට පෙනී සිටීම නිසා යෑයි කිව හැකිද?

2010 දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි පිරිස අතරින් 4% ක්‌ ප්‍රවේශ විභාගය සමත් වූ අතර 2011 දී එය 12% ක්‌ විය. 2012 වන විට එය 18.86% ක්‌ දක්‌වා පුදුම සහගත, වැඩි වීමක්‌ පෙන්නුම් කරන්නේ, දෙමළ මාධ්‍යයේ සිසුන්ට විභාග සමත්වීමේ අමුතු දැහැනක්‌ හමුවීමෙන්ද? පැතිරී තිබෙන කතාවක්‌ අනුව දෙමළ භාෂාවට මෙම ප්‍රශ්න පත්‍රය පරිවර්තනය කිරීමේදී සිදුවී තිබෙන කාන්දුවීමක්‌ මගින් වැල්ලවත්ත ප්‍රදේශයේ දෙමළ මාධ්‍යයෙන් පංති පවත්වන නීතිඥවරයකු නිසා සිසුන් අතට මෙම ප්‍රශ්න පත්‍රය පත් වී තිබේ. අ.පො.ස. සා. පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය කාන්දු කර, සිය සිසුන්ට ලබා දුන් ටියුෂන් ගුරුවරයා, රිමාන්ඩ් බන්ධනාගාරයේ යකඩ කූරු ගණන් කරමින් සිටියත්, වැල්ලවත්තේ, නීති ප්‍රවේශ විභාගයට උපකාරක පංති පවත්වන්නා ගැන තවම එවැනි පියවරක්‌වත් ගෙන නැත.

මතු වූ තත්ත්වය අනුව කොතැනක හෝ දොaෂයක්‌ සිදුවී තිබෙන බව පැහැදිලිය. සැකය ඇති තැන් ගැන අපට කිව හැකි මුත් හොරය ඇල්ලිය යුත්තේ එම කටයුත්ත භාරදී තිබෙන බලධාරීනAය. නමුත් තවමත් ඒ සඳහා බලධාරීන් නිහඬය. මෙම තත්ත්වයෙන් බලධාරීන් පසුවුවහොත් සිදුවන්නේ වැරැදි මාර්ගයෙන් පැමිණි පිරිසක්‌ නීති විද්‍යාලයට ඇතුළු වීමය. අගවිනිසුරුවරියගේ දොaෂාභියෝගය හමුවේ සිංහ සෙයHdවෙන් රැස්‌වී තීන්දු තීරණ ගත් නීතිඥ සංගමය, තම වෘත්තියට පිවිසීමට අර අදින්නන් ලක්‌වී සිටින අසාධාරණය ගැන කිසිදු අවධානයක්‌ තවමත් යොමු කර නැත.

මෙම සිද්ධිය අරභයා විභාග කොමසාරිස්‌වරයා වෙත ඉදිරිපත් කරන ලද ප්‍රශ්න පත්‍රයක්‌ ඊමේල් මාර්ගයෙන් හුවමාරු වී තිබෙන අතර එහි තිබෙන ප්‍රශ්න අනුව මෙම සිද්ධිය පිළිබඳ ව යම් අවබෝධයක්‌ ලබා ගත හැකි හෙයින් එයද මෙසේ පළ කිරීමට තීරණය කෙරුවෙමු.

2012 නීති ප්‍රවේශ විභාගය පිළිබඳව

විභාග කොමසාරිස්‌තුමන්ට ප්‍රශ්න පත්‍රයක්‌

ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයිය යුතුයි. කාලය - පුළුවන් තරම් ඉක්‌මනට (පැහැදිලිව ලියන්න)

බහුවරණ ප්‍රශ්න (නිවැරැදි පිළිතුර යටින් ඉරක්‌ අඳින්න)

1. 2012 නීති ප්‍රවේශ විභාගය පවත්වනු ලැබුවේ විභාග දෙපාර්තමේන්තුව මගින්ද? (ඔව්/නැත)

2. එම විභාගයේ ප්‍රශ්න පත්‍රය සැකසුණේ ඔබ විසින් පත් කළ විද්වත් මණ්‌ඩලයක්‌ විසින් නොවේද? (ඔව්/නැත)

3. එම ප්‍රශ්න පත්‍රය සකසනු ලැබුවේ ඉංගී්‍රසි භාෂාවෙන් නොවේද? (ඔව්/නැත)

4. ප්‍රශ්න පත්‍රය අන් භාෂා මාධ්‍යයන්ට (සිංහල/දෙමළ) පරිවර්තනය කරනු ලැබුවේ විභාග දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකයන් විසින් නොවේද? (ඔව්/නැත)

5. ප්‍රශ්න පත්‍රය ඉංගී්‍රසි මාධ්‍යයෙන් දෙමළ මාධ්‍යයට පරිවර්තනය කරනු ලැබීමේදී ඒ සඳහා බාහිර භාෂා පරිවර්තකයකුගේ (විභාග දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නොවන) සේවය ලබා ගත් බව ඔබ පිළිගන්නවාද? (ඔව්/ නැත)

6. එවැනි බාහිර භාෂා පරිවර්තකයකුගේ සේවය ලබා ගැනීමේදී රහස්‍යභාවය නොතකා කටයුතු කළ නිසා දෙමළ මාධ්‍ය ප්‍රශ්න පත්‍රය, වැල්ලවත්ත ප්‍රදේශයේ දෙමළ මාධ්‍යයෙන් නීති ප්‍රවේශ පෞද්ගලික පංති පවත්වනු ලබන නීතිඥවරයා අතට පත් වූ බව සත්‍යයක්‌ ද? (ඔව්/ නැත)

7. එසේ දෙමළ මාධ්‍ය ප්‍රශ්න පත්‍රය කලින් පිටවීම හේතුවෙන් දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි සිසුන් 705 කින් 133 ක්‌ සමත් වූ බව සත්‍යයක්‌ ද? (ඔව්/නැත)

8. සිංහල භාෂා මාධ්‍යයෙන් 6295 ක්‌ පෙනී සිටියත් සමත්ව ඇත්තේ 154 ක්‌ පමණක්‌ය යන්න සත්‍යයක්‌ද? (ඔව්/ නැත)

9. ඒ අනුව මෙවර නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුන් අතුරින් සිංහල මාධ්‍ය සිසුන් 2.44% ක ප්‍රතිශතයක්‌ ද දෙමළ මාධ්‍ය සිසුන් 18.86% ක ප්‍රතිශතයක්‌ ද සමත්ව ඇත. මෙය මින් පෙර ඉතිහාසයේ නොවූ විරූ විකෘති ප්‍රතිඵලයක්‌ නොවේද? ඔව්/නැත

ව්‍යqහගත රචනා ප්‍රශ්න (දීර්ඝ පිළිතුරු අපේක්‍ෂා කෙරේ)

10. මෙවැනි ප්‍රතිඵලයක්‌ ලබා දුන් ඔබතුමාට මෙම විභාගය කිසිදු අක්‍රමිකතාවකින් තොරව පැවැත්වූ බවට සහතිකයක්‌ ලබා දිය හැකිද?

11. එසේම මේ වනවිට නීති විද්‍යාලයේ ප්‍රදර්ශනය කර ඇති 2012 නීති ප්‍රවේශ විභාග ප්‍රතිඵල ලේඛනයේ ඔබගේ අත්සන (විභාග කොමසාරිස්‌ ජනරාල්) යොදා නොමැත්තේ මන්ද?

12. විභාග දෙපාර්තමේන්තුව රන් දෙවොලක්‌ ලෙස අපි විශ්වාස කළෙමු. දිගින් දිගටම සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් එම විශ්වාසය පලුදු වූ අතර මෙවර අ. පො. ස. (සා. පෙ.) විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රය පිටවීමෙන් එම විශ්වාසය බිංදුවට වැටිණි. ඉතිං නීති ප්‍රවේශ විභාගය නිසි ලෙස පැවැත්වූ බවට ඔබ කියන කතාව විශ්වාස කළ හැක්‌කේ කාටද?

අධිකරණය විසින් පරීක්‍ෂණයක්‌ කළ යුතුයි

අපි මෙහිදී ඉදිරිපත් කර තිබෙන, සාක්‍ෂි අනුව මෙතැන වංචාවක්‌ වී තිබෙන බව පැහැදිලියි. සාමාන්‍ය විභාග ප්‍රතිඵලයකට වඩා අස්‌වාභාවික තත්ත්වයක්‌ මෙහිදි පෙන්වනවා. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, මේ සැකය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ සිදු කරන ලෙසයි. මේ සඳහා අවශ්‍ය සියලු තොරතුරු තිබෙන්නේ ඒ අය සතුවයි. අපේ චෝදනාවලට ඔවුන් පිළිතුරු දිය යුතුයි. මේ සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් කරන නැවත සමීක්‍ෂණයත් වැඩක්‌ තිබෙන දෙයක්‌ නෙවෙයි. ඒ ගැන විභාග දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක්‌ කරන එකේ තේරුමකුත් නැහැ. මහජන අර්ථ සිද්ධන කටයුත්තක්‌ ලෙස භාරගෙන අධිකරණය මෙය ඉෂ්ට කළ යුතුයි. මේ තත්ත්වය යටතේ විභාගය නැවත පැවැත්වීමෙන් පලක්‌ වන්නේත් නැහැ.

අනිත් අතින් මේ ප්‍රශ්න පත්‍රය මූලික ලෙස සකස්‌ වන්නේ ඉංගී්‍රසි මාධ්‍යයෙන්. එයයි සිංහලට හා දෙමළට පරිවර්තනය කරන්නේ, එය සිංහලට පරිවර්තනයේදී වන දොaෂ නිසා සිංහල මාධ්‍යය සිසුන් අසහනයට පත් වෙනවා. එයටත් පිළියම් යෙදිය යුතුයි.

- නීතිඥ ප්‍රියදර්ශන ගමගේ
මනෝඡ් අබයදීර - http://www.divaina.com/2013/01/06/feature16.html


වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න...

නීති විභාගය ‘හලාල්’ කරලා. සාක්ෂි අපි සතුයි – චම්පික
http://denethharinna.blogspot.com/2013/01/blog-post_6.html
නීති විභාගයටත්, හලාල් මුදල් ගනුදෙනුවටත් මම සම්බන්ධ නෑ!!! - හකීම්
http://denethharinna.blogspot.com/2013/01/blog-post_3.html
හකීම්ගේ අන්තවාදයේ නිරුවත... නීති විදුහලේ කතාවේ දෙවන කොටස... සාමදාන විනිසුරුවන්ගේ පත්වීම්...!
http://denethharinna.blogspot.com/2013/01/blog-post_8807.html
ඉතා සූක්ෂමව මේ දැමෙන්නේ අනාගත නසරිථානයේ සවිමත් පදනමයි!
http://denethharinna.blogspot.com/2012/12/blog-post_7470.html
නීති විභාගයත් හලාල් ක්‍රමයට!
http://denethharinna.blogspot.com/2012/12/blog-post_29.html
නීති ප්‍රවේශ විභාගය පිටුපස අධිකරණ ඇමැති හකීම් ඉන්නවා...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_3609.html
නීති ප‍්‍රවේශ අක‍්‍රමිකතාවයක් නෑ - වි.කො | දත්ත සංඛ්‍යාන විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනියි! දමිළ මාධ්‍ය සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්?
http://denethharinna.blogspot.com/2012/12/blog-post_1255.html
නීති විදුහලට අවනීතිය
http://denethharinna.blogspot.com/2012/12/blog-post_19.html
හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_21.html
නීති විදුහලේ අවනීතියට එරෙහිව නීති ප්‍රවේශ සිසුහු නීතිය යදිති
http://denethharinna.blogspot.com/2012/12/blog-post_25.html
නීති විභාගය ජාතිවාදී වුණැයි රවුෆ් හකීම්ට එරෙහිව නඩු
http://denethharinna.blogspot.com/2012/12/blog-post_5792.html

0 comments: