Pages

Monday, January 28, 2013

ජාතික ගීය රී-මික්ස් කිරීමේ ගැටළුව

ජාතික ගීය වෙනස් කිරීමේ ප‍්‍රයත්නය ඩොලර් විමුක්තිකාමීන්ගේ කුමන්ත‍්‍රණයක්

ව්‍යවස්ථාවේ කොටසක් ලෙස පවතින ජාතික ගීය වෙනස් කිරීමේ ප‍්‍රයත්නය ඩොලර් මත යැපෙන ඊනියා විමුක්තිකාමීන්ගේ කුමන්ත‍්‍රණයක් බව මහජන එක්සත් පෙරමුණ අවධාරණය කරයි.

බෙදුම්වාදී රාජ්‍ය නොවන සංවිධාන හා අන්තවාදී ද්‍රවිඩ සංවිධානවල ඩොලර් මත යැපෙන ඊනියා විමුක්තිකාමීන් ලෙස තමන් විසින් හංවඩු ගසා ගන්නා පුද්ගලයින්ගෙන් තමන් ප‍්‍රශ්න කරන්නේ භාෂා කිහිපයකින් ජාතික ගීය ගායනා කරන රට කුමක්ද? යන්න බව මහජන එක්සත් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් කරුණාතිලක දිසානායක මහතා පවසති.

රටක ජාතික ගීය එක් එක් පුද්ගලයාට හිතෙන ආකාරයට වෙනස් කළ නොහැකි බවත් රටේ ව්‍යවස්ථාවට අනුව නීතිගත වූ ජාතික ගීය වෙනස් කරන්නේ නම් රටේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වී එය ජනමත විචාරණයකින්ද අන්මත විය යුතු බව ඒ මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡුාවට ලක් වූ බවද දිසානායක මහතා කීය.
http://lankacnews.com/sinhala/news/89573/

රටක නීතිගත ජාතික ගීය වෙනස්‌ කරනවා නම්
ජනමත විචාරණයකින් එය අනුමත විය යුතුයි
ඕමල්පේ සෝභිත හිමි

රටක ජාතික ගීය එක එක්‌කෙනාට හිතුන හිතුන විදියට වෙනස්‌ කරන්න පුළුවන් කමක්‌ නෑ. රටේ ව්‍යවස්‌ථාවට අනුව නීතිගත වුණ ජාතික ගීය වෙනස්‌ කරනවා නම් රටේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වී එය ජනමත විචාරණයකින් අනුමත විය යුතු යෑයි ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ අදහස්‌ පළකළේ පසුගියදා ගාල්ල නාගරික ක්‍රීඩා මණ්‌ඩපයේදී පැවැති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ නවවැනි සැමරුමට එක්‌ වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේද පැවසූහ.

ජාතික ගීයට දෙමළ වචන දමන්න කියලා දෙමළ ජනතාව මුස්‌ලිම් ජනතාව ඉල්ලුවේ නෑ. මේ කීප දෙනෙකුගේ උවමනාවට රටක ජාතික ගීය වෙනස්‌ කරන්න පුළුවන් කමක්‌ නෑ.

පෙබරවාරි හතර වැනි දින ත්‍රිකුණාමලයේ ජාතික දින සමරු උළෙල පැවැත්වෙනවා. එදාට ඔන්න අපි දමිළ සහෝදරවරුන්ට මහා ත්‍යාගයක්‌ ගෙනාවා කියලා කියන්නයි මේ කීප දෙනෙකු උත්සාහ කරන්නේ. අද වනවිට අපේ රට හමුවේ අභියෝග රාශියක්‌ තියෙනවා. මේ අලුතින් ආපු හලාල් අනුමැතියත් එවැනි එකක්‌. මේ රටේ බහුතරයක්‌ සිටින්නේ සිංහල ජනතාව. අපි අහනවා හලාල් සහතිකය ඇති භාණ්‌ඩ සිංහලයා ප්‍රතික්‍ෂේප කළොත් මුස්‌ලිම් අයට ඒවා විකුණන්න හලාල් සළකුණ වැළැඳ ගන්න වෙළෙඳ ආයතනවලට මොකද වෙන්නේ.

ගාල්ල සිංහල දෙමළ මුස්‌ලිම් ජනතාව ඉතා සමගියෙන් ජීවත් වෙන නගරයක්‌. අපි දෙමල මුස්‌ලිම් සහෝදරවරුන් සමග සාමයෙන් ජීවත්වෙන්න කැමතියි. අපි ඉල්ලා සිටිනවා අපේ රටේ මුස්‌ලිම් සහෝදරවරුන්ගෙන් ජිහාඩ් වැනි අන්තගාමී මුස්‌ලිම් සංවිධානවලට හසුවෙන්න එපා කියලා. මේ රටේ මුස්‌ලිම් සහෝදරයින්ට මැද පෙරදිග නෑදැයෝ නෑ. දුකට සැපට ඉන්නේ අල්ලපු වැටේ සිංහල දමිළ සහෝදරයායි. රිසානාගේ ඝාතනයේදී ආගම් ජාති භේද නොමැතිව මුළු රටම එකට දුක්‌ වුණා එයින් මෙය මනාව පැහැදිලි වෙනවා.

අපි සිංහල ජනතාවට කියනවා මුස්‌ලිම් අන්තවාදය තහවුරු කරන හලාල් සළකුණ සහිත භාණ්‌ඩ මිලදී ගැනීමෙන් වලකින්න කියලා. ඒවා මිලට ගත්විට ඔබේ මුදලින් කොටසක්‌ මෙම අන්තවාදී සංවිධානවලට යන බව හැමවිටම සිහි තබාගන්න.

මෙහිදී ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාද කතාකළ අතර ගිහි පැවිදි විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.
ගාල්ල එස්‌. කේ. කළුආරච්චි ගාල්ල විශේෂ ලලිත් චාමින්ද
http://www.divaina.com/2013/01/29/news18.html

ජාතික ගීය වෙනස්‌ නොවේ...
ශ්‍රී ලංකාවේ ජාතික ගීය කිසිම ආකාරයකින් වෙනස්‌ වන්නේ නැතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා "දිවයින" ට ඊයේ (27 දා) ප්‍රකාශ කළේය.

ජාතික ගීය වෙනස්‌ කිරීම අද මාතෘකාවක්‌ නොවන අතර එය වෙනස්‌ කිරීමෙන් ඇති ඵලය කුමක්‌දැයි හෙතෙම ප්‍රශ්න කළේය.

කවුරු කෙසේ කිව්වත් ජාතික ගීය කිසිම ආකාරයකින් වෙනස්‌ කරන්නෙත් නැහැ. වෙනස්‌ වන්නේත් නැතැයි ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැතිවරයකු වන වාසුදේව නානායක්‌කාර මහතා විසින් මෙම අදහස රජයට ඉදිරිපත් කර තිබූ අතර හෙළ උරුමය මීට මුලින්ම විරෝධය පළ කළේය.
නෝමන් පලිහවඩන
http://www.divaina.com/2013/01/28/news06.html

ජාතික ගීයට දෙමළ පද යෙදීමට යෝජනා කිරීම විමතියට කරුණක්‌
ජාතික ගීයේ තිබෙන ඇතැම් කොටස්‌ දමිළ පද හා සිංහල පද සහිතව ප්‍රතිනිර්මාණය කිරීමට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශය යෝජනා කර ඇති බවට 24 දින පළවූ මාධ්‍ය වාර්තා දැක විමතියට පත්වූයේ යෑයි ජාතික නිදහස්‌ පෙරමුණ නිකුත් කළ නිවේදනයක දැක්‌වේ.

එහි මෙසේද සඳහන්ය.

සිංහල හා දමිළ පද සහිතව ප්‍රතිනිර්මාණය වන මෙම නව ජාතික ගීය ලබන මස 04 වැනිදාට ත්‍රිකුණාමලයේදී පැවැත්වෙන ජාතික නිදහස්‌ උත්සවයේදී ගායනා කිරීමට නියමිත බවත් එය අනුමැතිය සඳහා ජනාධිපතිතුමන්ට ඉදිරිපත් කර ඇති බවත් විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්‌කාර මහතා එම මාධ්‍ය වාර්තා මගින් ප්‍රකාශ කර තිබිණි.

"ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය "ශ්‍රී ලංකා මාතා" ගීය වන්නේය. ජාතික ගීයෙහි පදමාලාව හා සංගීතය තුන්වන උපලේඛනයෙහි දැක්‌වෙන්නේය." යනුවෙන් මෙරට උත්තරීතර නීතිය වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 7 වන ව්‍යවස්‌ථාවෙහි පැහැදිලිව දක්‌වා ඇත.

එසේම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 83 ව්‍යවස්‌ථාවෙහි පැහැදිලිව සඳහන් කර ඇත්තේ ආණ්‌ඩුක්‍රම ව්‍යස්‌ථාවෙහි ඉතා වැදගත් ව්‍යවස්‌ථා එනම්, 1,2,3,6,7,8,9,10,11,83 මෙන්ම 30(2), 62(2) අනු ව්‍යවස්‌ථා සංශෝධනය කිරීමට හෝ පරිච්ජින්න කොට ප්‍රතියෝජනය කිරීමට හෝ පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්ද බලයක්‌ සහ ජනමත විචාරණයකදී අනුමැතිය ලබාගැනීම අත්‍යවශ්‍ය බවය.

එසේ තිබියදී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 7 වන ව්‍යවස්‌ථාවෙහි සඳහන් ජාතික ගීය මෙලෙස ප්‍රතිනිර්මාණය කිරීමට වාසුදේව නානායක්‌කාර අමාත්‍යවරයා කටයුතු කරන බව ඇසීමෙන් ජාතික නිදහස්‌ පෙරමුණේ අපි ඉමහත් විමතියට පත්වීමු.

ජාතික සංහිඳියාවට පාර කැපිය හැක්‌කේ මෙවැනි පටු ක්‍රියාවන් තුළින් නොවේ. ඒ සඳහා සිංහල, දෙමළ, මුස්‌ලිම් ජාතිකත්වයන් අතර අෙන්‍යන්‍ය විශ්වාසය තහවුරු කෙරෙන දිගු කාලීන වැඩපිළිවෙළක්‌ අවශ්‍යව තිබේ. ඒ තිබියදී මෙසේ වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් සිදුවන්නේ ජාතික සමගිය පළුදු වීම මිස අනෙකක්‌ නොවේ.
http://www.divaina.com/2013/01/28/news12.html


දෙමල පද එක් කිරීමක් නෙමෙයි, ජාතික ගී භාෂා දෙක කලවම් කර ගයන්න
තමන් යෝජනා කරනු ලැබුවේ ජාතික ගීයට ද්‍රවිඩ භාෂාව එක්කිරීමක් සම්බන්ධයෙන් නොවන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

තමා මෙම යෝජනාව ගෙන එනු ලැබුවේ සමාජ ඒකාබද්ධතාව සහ ජාතික එකමුතුකම සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් බවද ඒ මහතා පෙන්වා දෙයි.

‘අපි කිවුවෙ දමිළ පද එකතු කිරීමක් නෙමෙයි. ජාතික ගීය සිංහල හා දෙමළ බසෙන් දෙකෙන්ම තියෙනව ව්‍යවස්ථාවෙ. ඒ දෙබස එකට එකතු කරමින් එකම ගීතයක් ලෙස ගායනා කරන්න කියල අපි කියන්නෙ. ජාතික ගීය දෙබස එකට මුසු කරමින් එකට ගායනා කරන්න. එක ගීතයක් හැටියට… එක ජාතියක් හැටියට. මම මෙකෙ නීති ප‍්‍රශණය දිහා බැලූවෙ නෑ තාම. මම බලල තියෙන්නෙ දේශපාලන සමාජ ප‍්‍රශ්ණය ගැනත් ජාතික එකමුතුව ගැනත් තමයි. නීති ප‍්‍රශ්ණ බලල ඒකට ගැටෙලන විදිහට මේ කටයුත්ත කරන එක හොඳයි.’ යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කරයි.
http://lankacnews.com/sinhala/news/89243/

දෙමළෙන් ජාතික ගීය ගැයීම ව්‍යවස්ථානුකූලයි, ජාතික සමගිය වඩවයි
වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා විසින් යෝජනා කර ඇති පරිදි ජාතික ගීය භාෂා දෙකෙන්ම ගායනා කිරීම තුලින් ජාතික සමගිය නැංවීමට හැකියාව පවතින බව ද්‍රවිඩ ජාතික සන්ධානය පවසයි.



එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කලේ ජාතික ගීය භාෂා දෙකෙන්ම ව්‍යවස්ථාවේද ඇතුලත් වන බවයි.



‘වාසුදේව ඇමතිතුමා යෝජනා කලේ ජාතික ගීය සිංහල හා දෙමළ භාෂාවෙන් ගායනා කිරීමටයි. එක් ජාතික සමගියට හොඳ යෝජනාවක් ලෙස තමයි අපි දකින්නෙ. කවුහරි කියනවනම් මේක සිංහල භාෂාවෙන් පමණයි ගායනා කරන්න  ඕන කියල ඒක ව්‍යවස්තාවට අනුකූල නෑ. ඒ වගේ කතා කියන්නේ මේරට සිංහල අයට විතරයි අතියි කියල හිතන අයගෙ අදහසක්’ යයිද මන්ත‍්‍රීවරයා කියා සිටී.


ජාතික ගීයට දෙමළ පද කලවම් කිරීමට ජානිපෙ විරෝධය

ජාතික ගීයේ තිබෙන ඇතැම් කොටස් දමිළ පද හා සිංහල සහිතව ප‍්‍රතිනිර්මාණය කල යුතුයයි ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශය විසින් කර ඇති යෝජනාවට ජාතික නිදහස් පෙරමුණ විරෝදය පලකරයි.


එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.


එම නිවේදනය මෙසේය.


ජාතික ගීයට දමිළ පද එකතු කිරීමේ යෝජනාවක් ගෙන ඒම විමතියට කරුණක්…




ජාතික ගීයේ තිබෙන ඇතැම් කොටස් දමිළ පද හා සිංහල පද සහිතව ප‍්‍රතිනිර්මාණය කිරීමට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය යෝජනා කර ඇති බවට ඊයේ(24) පළ වූ මාධ්‍ය වාර්තා දැක අපි විමතියට පත් වීමු.



සිංහල හා දමිළ පද සහිතව ප‍්‍රතිනිර්මාණය වන මෙම නව ජාතික ගීය ලබන මස 04 වැනිදාට ත‍්‍රිකුණාමලයේදී පැවැත්වෙන ජාතික නිදහස් උත්සවයේදී ගායනා කිරීමට නියමිත බවත් එය අනුමැතිය සඳහා ජනාධිපතිතුමන්ට ඉදිරිපත් කර ඇති බවත් විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා එම මාධ්‍ය වාර්තා මගින් ප‍්‍රකාශ කර තිබිණි.



‘‘ශ‍්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ‘ශ‍්‍රී ලංකා මාතා’ ගීය වන්නේය. ජාතික ගීයෙහි පදමාලාව හා සංගීතය තුන්වන උපලේඛනයෙහි දැක්වෙන්නේය’’ යනුවෙන් මෙරට උත්තරීතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 7වන ව්‍යවස්ථාවෙහි පැහැදිලිව දක්වා ඇත.



එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවෙහි පැහැදිලිව සඳහන් කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි ඉතා වැදගත් ව්‍යවස්ථා එනම් 1, 2, 3, 6, 7, 8, 9, 10, 11, 83 මෙන්ම 30(2), 62(2) අනුව්‍යවස්ථා සංශෝධනය කිරීමට හෝ පරිච්ඡුින්න කොට ප‍්‍රතියෝජනය කිරීමට හෝ පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්ද බලයක් සහ ජනමත විචාරණයකදී අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍ය බවය.


එසේ තිබියදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 7වන ව්‍යවස්ථාවෙහි සඳහන් ජාතික ගීය මෙලෙස ප‍්‍රතිනිර්මාණය කිරීමට වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කටයුතු කරන බව ඇසීමෙන් ජාතික නිදහස් පෙරමුණේ අපි ඉමහත් විමතියට පත් වීමු.

ජාතික සංහිඳියාවට පාර කැපිය හැක්කේ මෙවැනි පටු ක‍්‍රියාවන් තුළින් නොවේ. ඒ සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්වයන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කෙරෙන දිගු කාලීන වැඩපිළිවෙළක් අවශ්‍යව තිබේ. ඒ තිබියදී මෙසේ වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් සිදු වන්නේ ජාතික සමගිය පලූදු වීම මිස අනෙකක් නොවේ.
පි‍්‍රයන්ජිත් විතාරණ | ප‍්‍රධාන ලේකම්, ජාතික නිදහස් පෙරමුණ

ජාතික ගීයට හෙට අරාබි වචනත් එක් වෙයි

ජාතික ගීයට අද දෙමළ වචන එක් කලහොත් හෙට දිනයේ මුස්ලිම් (අරාබි) වචනත් එක් වනු ඇතැයි ජාතික හෙළ උරුමය පවසයි. එම පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් පෙන්වා දෙන්නේ ලෝකයේ  ඕනෑම රටකට ඇත්තේ එක් ජාති ගීයක් පමණක් බවයි.


‘‘ලෝකයේ සෑම රටකම ජාතීන් විශාල පිරිසක් ජීවත් වෙනවා. හැබැයි රටකට තියෙන්නෙ එක ජාතික ගීයක් පමණයි. ඒක ඒ රටේ ජීවත්වෙන සෑම ජාතියක්ම පිළිගන්නවා. ගෞරව කරනවා.


හැබැයි ලංකාවේ ජාතික ගීය දැන් එක එක කතා කියලා කෑලිවලට කඩන්න සැලසුම් කර තිබෙනවා. අද දෙමළ භාෂාවේ කෑලි එකතු කළොත් හෙට මුස්ලිම් ජාතිකයනුත් ඔවුන්ගේ භාෂාවෙන් ජාතික ගීයට කොටස් එකතු කරන්න කියාවි’’ යයිද උන් වහන්සේ අදහස් දක්වති.


ජාතික ගීයට දෙමළ පද යෙදේ
ශ‍්‍රී ලංකා ජාතික ගීය සඳහා දෙමළ පද ඇතුලත් කර ප‍්‍රතිනිර්මාණය කල යුතු බවට වන යෝජනාවක් ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර තිබේ.

අදාල යෝජනාව එම අමාත්‍යංශ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවෙන්ද අනුමත වී ඇති අතර අවසන් තීරණය සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යොමු කර ඇත.

දැනට ජාතික ගීය සිංහල හා දෙමළ භාෂාවලින් වෙන වෙනම ගායනා කරන බවත් සිංහල හා දෙමළ පද සහිතව ප‍්‍රතිනිර්මාණය වන නව ජාතික ගීය ලබන 04 වන දිනට යෙදී ඇති ජාතික නිදහස් දින උත්සවයේදී ගායනා කල යුතු බවට යෝජනා කලේ යයි විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

එසේම ජාතින නොවන උත්සවවලදී ප‍්‍රාදේශීය වශයෙන් ජාතික ගීය ස්වකීය භාෂාවලින් ගායනා කල හැකි යයිද අමාත්‍යවරයා සඳහන් කරයි.
http://lankacnews.com/sinhala/news/89120/

0 comments: