Pages

Thursday, January 31, 2013

ජමාට් ඉස්ලාම් විරෝධතාකරුවෝ පොලීසියට ගල්, මුල්, බෝම්බ දමා ගසති

බංග්ලාදේශයේ විශාලම ඉස්ලාමීය පක්ෂයේ නායකයින්ට යුද අපරාධ සම්බන්ධ චෝදනා මත නඩු විභාගවලට පෙනීසිටීමට සිදුව තිබීමට එරෙහිව වීදි බට එම පක්ෂයේ ශිෂ්‍ය ක්‍රියාකාරින් පොලීසිය සමග ගැටී තිබේ .එහිදී ඔවුන් පොලිසියට පෙට්‍රෝල් බෝම්බ වලින් පහරදී ඇත.

පොලු මුගුරු රැගත් විරෝධතා කරුවන් මැඬලීමට පොලීසිය කඳුළු ගෑස් හා රබර් උණ්ඩ යොදා ගත්අතර ප්‍රධාන නගර 4 ක පමණ පැවති විරෝධතා වලදි පොලීසියේ සමහරුන්ද ඇතුළුව මිනිසුන් රැසක් තුවාල ලබා ඇත.

ධකා අගනගරයේදී ජමාට් ඉ ඉස්ලාම් පක්ෂයේ විරෝධතා කරුවන් 3000 කට වැඩි පිරිසක් බෝම්බ හා ගල් ගඩොල් වලින් පොලීසියට පහර දීම නිසා එය යුද පිටියක් බවට පත්ව ඇත. පොලීසිය පවසන්නේ මෙහිදී පොලීසියේ 25 දෙනකු පමණ තුවාල ලත් බව හා වාහන 15 ක් පමණ හානියට පත්ව ඇති බවය.

තවද වාහන 3ක් ගිනිබත් කර ඇති බවද ඔවුන් කියා ඇත. පසුව ස්වදේශ කටයුතු ඇමති විසින් ඔවුනට එරෙහිව පියවර ගන්නා ලෙස නි‍යෝග කිරීමෙන් පසු 55 දෙනකු අත්අඩංගුවට ගත් බවද පැවසී තිබේ. විරෝධතා කරුවන් බෝම්බ 50 ක් පමණ පොලිසියට එල්ල කළ බව සඳහන්ව ඇත. අගනගරය ට අමතරව රාජ්ෂාහි ,චිතගොං හා තවත් නගරවලද උද්ඝෝෂණ පැවැත්වී තිබිණ.
http://lankacnews.com/sinhala/foreign-news/89536/
January 31, 2013 at 3:25 am | lanka C news

0 comments: