Pages

Friday, January 25, 2013

බුද්ධ බාර් වැටලීම

"බුද්ධ බාර්” නමින් සාදයක් පැවැත්වූ බව කියන බේරුවල "Cinnamon Bey" හෝටලයේ කළමනාකරුවෝ දෙදෙනෙක් කළුතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අරුණ අලූත්ගේ මහතා විසින් ලබන විසි අට වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. 

එලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ එහි කළමනාකරුවන්වූ යු.ඒ.ඞී, සමන් කුමාර සහ මොහොමඞ් ෆලීල් යන දෙදෙනාය. එම සාදය පැවැත්වෙමින් තිබියදී විසි එක්වනදා වැනිදා රාත්‍රියේ එහි පැමිණි බොදු බල සේනා සංවිධානයට අයත් භික්‍ෂූන් වහන්සේලා සාදය වැළැක්වූහ.

වොකස් ටුවස් ආයතනය විසින් "Big Mat" නම් ප්‍රංශ ආයතනයට අයත් සංචාරකයන් පිරිසක් දින තුනක නිවාඩුවක් සඳහා බේරුවල "Cinnamon Bey" හෝටලට යොමුකර තිබෙන අතර අදාල සංචාරකයන්ගේ ඉල්ලීම මත මෙම ”බුද්ධ බාර්” රාත්‍රී කෑම සාදය පවත්වා තිබේ. 

එදින එම ආහාර ලේඛනය "නිර්වාණ" ලෙස හඳුන්වාදී තිබෙන අතර ”බුද්ධ බාර් ” සංගීතය පසුබිම් වාදනය ලෙස යොදා නෙලුම් මල් ස්වරුපයෙන් යුත් ඉටිපන්දම් සැරසිලි ලෙස යොදාගෙන තිබේ.මෙම සාදය සඳහා බුදු පිළිම හෝ බුද්ධ පින්තුර යොදාගෙන නොමැත. 

ජොන් කීල්ස් ආයතනයට අයත් මෙම හෝටලය තුල ”බුද්ධ බාර්” වැනි ඉසව් සංවිධානයවීම සහ ජොන් කීල්ස් ආයතනයට අයත් එලිෆන්ට් හවුස් ආයතනය 90.8 % වන මුස්ලිම් නොවන ජනතාවගේ ඉල්ලීම් පසෙකලා තම නිෂ්පාදනවලට හලාල් සහතිකය යෙදීම හේතු කොටගෙන, මෙම ආයතනය කුමන අරමුණක් සඳහා සුදානම් වන්නේද යන්න ජනතාව අතර ගැටලුවක් පවතීයි. 

අප ඒය හේතු කොටගෙන ජොන් කීල්ස් හෝටෙල්ස් හි ඉහල කළමණාකාරීත්වයෙන් මෙය පිලිබඳ විමසීමක් (නිල නොවන) කරන ලදී. එවිට ඔවුන් කියා සිටියේ මෙම ”බුද්ධ බාර්” යන සාදය සංවිධානය කිරීම පහල පෙළ කළමනාකරුවන් තම දෛනික රාජකාරි කිරීමේදී ගත් තීරණයක් බවත් මෙය සම්බන්ධයෙන් ඉහල කළමනාකාරිත්වය දැනුවත්ව නොතිබූ බවත්ය. මේ හේතුවෙන් එලෙස ක්‍රියාකළ (event oder එක ලබාදුන්) සේවකයන් සම්බන්ධයෙන් දැනටමත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ප්‍රකාශ කරණ ලදී. 

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ ජොන් කීල්ස් හෝටෙල්ස් කළමණාකාරීත්වය කිසිවිට බුද්ධ ධර්මයට හෝ රටේ සංස්කෘතියට හානිවන කිසිවක් නොකරන බවයි . තවද ඔවුන් සාංගමික සමාජ වගකීම්(CSR) යටතේ ඔවුන් විශාල වශයෙන් ශාසනික සහ සමාජ සේවා සිදුකරණ බවත් ප්‍රකාශ කරන ලදී.

එයට සාක්ෂි වශයෙන් සිදුකල වැඩසටහන් බොහොමයක විස්තර ඉදිරිපත් කරන ලද අතර, එලෙස සාක්ෂි වශයෙන් ඉදිරිපත් කල කරුණු වල සත්‍යයතාව අප සොයා බැලීමේදී ඔහු ඉදිරිපත් කල කරුණු සත්‍යය බව අනාවරණය විය. කුමන අය කෙසේ කීවද වරදක් කර ඇති බව පැහැදිලිය.

ශ්‍රී ලාංකික සමාජය මෙම දිනවල ආගම සහ සංස්කෘතිය පිලිබඳ වඩාත් සංවේදී වීම මත ව්‍යාපාර ආයතන මිට වඩා සැලකිලිමත් ලෙස ව්‍යාපාර කිරීමේ අවශ්‍යතාවය මතුව පවතින බව අවසාන වශයෙන් සඳහන් කලයුතුය.”බුද්ධ බාර්” පිලිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි ප්‍රකාශන තුලින් ඉදිරිපත් කිරීමට අප අපේක්ෂා කරයි. 
http://www.gossip9.com/2013/01/blog-post_25.html

[
සබැඳි ලිපි -
'බුද්ධ බාර්', 'නිර්වාණ', 'අල්ලා බාර්' සහ 'කුරාණ්'
http://denethharinna.blogspot.com/2013/01/blog-post_6491.html
තුන් ලොවට නයු වූ සම්මා සමිඳුන්ට අපහාස කළ 'බුද්ධ බාර්' හි 'නිර්වාණ' බුෆේ දුන් පාපතරයන් තවමත් නිදැල්ලේ
http://denethharinna.blogspot.com/2013/01/blog-post_23.html
බුදුදහම විශ්ව යථාර්ථය බවට පිළිගන්නා මෑත අනාගතය දක්වා එය ආරක්ෂා කර ගැනුම - දිවයින කතුවැකිය
http://denethharinna.blogspot.com/2013/01/blog-post_24.html
හෙළ බොදුනුවන්ගේ මෙත් කරුණාව ගැන තවත් සහතික කුමට අවැසිද?
http://denethharinna.blogspot.com/2012/10/blog-post_15.html

]

0 comments: