Pages

Monday, January 21, 2013

අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී


අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් යන ත‍්‍රස්ත සංවිධානවල සාමාජිකයන් සමඟ ශ‍්‍රී ලංකාව තුල සම්බන්ධ පිරිස් දැනටමත් උතුරු සහ නැගෙනහිර පළාත්වල...
සබඳකම් පවත්වන්නන්ට දෙවසරක සිර දඬුවමක් හා රුපියල් ලක්‍ෂයක් දඩ...

අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් යන ත‍්‍රස්ත සංවිධානවල සාමාජිකයන් සමඟ ශ‍්‍රී ලංකාව තුල සබඳකම් පවත්වන්නන්ට දෙවසරක සිර දඬුවමක් හා රුපියල් ලක්‍ෂයක නව නීති රීති පෙබරවාරි මාසයේ සිට පැනවීමට රජය තීරණය කර ඇත.


මෙම සංවිධානවලට සම්බන්ධ පිරිස් දැනටමත් උතුරු සහ නැගෙනහිර පළාත්වල සිටින්නේ යයි හෙළිව තිබේ. මෙම සංවිධාන සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරගත් යෝජනාවට එකඟත්වය පල කිරීමට රජය මෙම නව නීති රීති ගෙන ඒමට තීරණය කර තිබේ.

මේ යටතේ අදාල සංවිධාන සමඟ සබඳකම් පවත්වන්නන් විසින් පවත්වාගෙන යන මුදල් අරමුදල්ද තහනම් කෙරෙනු ඇත. ශ‍්‍රී ලංකාවේ මෙවන් නීති රීනි පනවන්නේ මුල්වරටය.



අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් ශ‍්‍රී ලංකාවේ තහනම් කිරීමට සූදානම්
January 19, 2013 at 12:51 pm | lanka C news

0 comments: