Pages

Tuesday, January 8, 2013

හැම අතින්ම මහ ජාතියට වින කටින ලොව එකම රට - ශ්‍රි ලංකාව


මෙම වසරේ පටන් සිදුකල විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනයේදී සිංහලයන්ට ආසාධාරණයක් සිදුවී ඇති බවද රටක සියලූ රටවැසියන්ට එකම නීතියක් යටතේ කටයුතු කළ යුතු බවද, රෙජිස්ට‍්‍රාල් ජනරාල්වරයා වෙත ලිපියක් යවමින් ජාතික සංඝ සම්මේලනය දන්වා ඇත.

විවාහ ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් පිටතදී විවාහයක් සිදු කිරීමේදී, මුස්ලිම් ජාතිකයකු විසින් කිසිදු මුදලක් ගෙවිය යුතු නැති බව අංක 5/2012 චක‍්‍රලේඛයෙහි සඳහන්ව ඇතැයි එම ලිපියෙහි දක්වා තිබේ.

සාමාන්‍ය විවාහයකදී, රෙජිස්ට‍්‍රාර්ට ගෙවිය යුතු මුදල රුපියල් 3500ක් බව එහි සඳහන්ය. ඒ අනුව සාමාන්‍ය විවාහයකදී රෙජිස්ට‍්‍රාර්ට ගෙවන මුදල සමඟ සිංහල ජාතික විවාහ අපේක්ෂකයා රු.5000ක් ගෙවිය යුතු අතර, මුස්ලිම් ජාතිකයා විසින් ගෙවිය යුතු වන්නේ රුපියල් 1500ක් බැවින් එම විසමතාව ගැන අවධානය යොමු කර වන ලෙස ලිපිය මගින් එම සම්මේලනයේ ජාතික සංවිධායක දයාවංස හිමියෝ ඉල්ලීමක් කර ඇත.

එම ලිපියෙහි පිටපතක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැතිවරයා වෙතද යොමු කර තිබේ.

http://lankacnews.com/sinhala/news/88363/

1 comments:

Amila Chathuranga said...

අර සීයට දෙකක ටැක්ස් එක හෙම පෙන්නෙ නැහැ නේ...