Pages

Thursday, January 31, 2013

ඉන්දීය නිවාස මුස්ලිම් ජනතාවට දීමට එරෙහිව දෙමළ ජනතාව උද්ඝෝෂණයක

වවුනියාව සෙට්ටිකුලම ප‍්‍රදේශයේ නැවත පදිංචිකළ දෙමළ ජනතාවට ලබාදීමට ඇති ඉන්දීය නිවාස බහුතරයක් වෙනත් ප‍්‍රදේශවල පදිංචි මුස්ලිම් ජනතාවට ලබා දීමට විරුද්ධව දෙමළ ජාතික සන්ධාන මන්තී‍්‍රවරුන් හා ස්ථීර නිවාස අහිමි වවුනියාව නැවත පදිංචි දෙමළ ජනතාව වවුනියාව දිසාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූහ.

ඇමැති රිෂාඞ් මුස්ලිම් ඇමැතිවරයකුද? ඉන්දීය නිවාස නැවත පදිංචි ජනතාවටද? ඇමැති රිෂාඞ්ගේ හෙංචයියන්ටද? ඉන්දියානු නිවාස හිමි මුස්ලිම් ජනතාවට පමණද? යනුවෙන් පුවරු ප‍්‍රදර්ශනය කරමින් ඔවුහු උද්ඝෝෂණයේ නියැළුණහ.

විරෝධතා ව්‍යාපාරයට එක් වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශිවශක්ති ආනන්දන් මහතා පැවසුවේ ඇමැති රිෂාඞ් බදියුදීන් උතුරු පළාතේ දෙමළ ජනතාවට ලැබෙන සියලූ පහසුකම් හිතවත් මුස්ලිම් ජනතාවට පමණක් ලබා දී උතුරු පළාතේ වෙසෙන දෙමළ ජනතාවට සිංහල ජනතාවට කිසිදු පහසුකමක් ලබා නොදී කටයුතු කරන බවය.

සෙට්ටිකුලම ප‍්‍රදේශයේ ඉන්දියානු නිවාස බෙදා දීම සාධාරණ බව පවසමින් වවුනියාවේ මුස්ලිම් ජනතාවද දෙමළ ජනතාවට එරෙහිව විරෝධතාවක් පැවත්වීමට ඊයේ (30දා) කටයුතු යොදා තිබුණද, වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණය මගින් මුස්ලිම් උද්ඝෝෂණ පැවැත්වීම අත්හිටුවීම් නියෝගයක් වවුනියාව මහෙස්ත‍්‍රාත් ඇලෙක්ස් ඞී. රාජා මහතා විසින් ලබා දෙනු ලැබ තිබිණි.
http://lankacnews.com/sinhala/news/89571/
January 31, 2013 at 1:00 pm | lanka C news

0 comments: