Pages

Monday, January 14, 2013

නිධන් හොරු ඇල්ලු පොලිස් නිලධාරියා මාරුකරලා...


නැගෙනහිර උරුමය වනසන්නට අනුබල දෙන රජයේ ප්‍රබලයා කව්ද?
සිහළ බොදු ඡන්දයෙන් බලයට පත්වූ ආණ්ඩුව අන්තවාදීන්ගේ බලයට යටද?
නැගෙනහිර පළාතේ චෛත්‍යයක් ඩෝසර් කිරීමට අදාළ සිද්ධියේදී වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට කි‍්‍රයාකළ පොලිස් නිලධාරිවරයා මාරු කිරීම සම්බන්ධව ජනාධිපතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට දැන්වීමට පියවර ගන්නා බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා සඳහන් කළේය.

කිසිවකුගේ හෝ බලපෑමකට එවැනි දෙයක් සිදුවී ඇත්නම් එමගින් නිලධාරීන් හා මහජනතාවගේ උදාසීනවීමක් සිදුවිය හැකි බැවින් මේ පිළිබඳ සොයා බැලීමේ අටියෙන් තමා එම ප‍්‍රදේශයේ සංචාරය කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා පැවසීය.

‘‘නැගෙනහිර පළාත් චෛත්‍යයක් ඩෝසර් කළ පිරිසක් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ ඉන්ස්පෙක්ටර් මහත්තයා මාරු කළ බවට ඒ ප‍්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා ලිපි මගින් මට දැනුම් දුන්නා. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් ඒක හරිම අපරාධයක්. මේ ගැන සොයා බලන්න එම ප‍්‍රදේශයට මම යනවා’’ යනුවෙන්ද ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

‘‘පුරාවස්තු මංකොල්ල කන අය අල්ලා දඩගැහුවාට පස්සේ එම වැටලීම් කළ නිලධාරියා මාරු කරනවා නම්, ඒ නිසා මහජනතාව වගේම අපේ නිලධාරීනුත් උදාසීන වෙන්න පුළුවන්. කාගේ හරි බලවේගයකට එම නිලධාරියා මාරු කරලා නම් ඒක ලොකු ප‍්‍රශ්නයක්. මම මේ ගැන ජනාධිපතිතුමාට හා ආරක්ෂක ලේකම්තුමාට දැන්වීමට පියවර ගන්නවා.’’ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
http://lankacnews.com/sinhala/news/88639/

0 comments: