Pages

Friday, January 25, 2013

ඉස්ලාම් ආගමට දරුවන් හැරවීමේ රචනා තරඟයක්


ඉස්ලාම් ආගමට මුස්ලිම් නොවන ළමයින් හරවා ගැනීමේ උපක‍්‍රමයක් කි‍්‍රයාත්මක වන්නේ යයි ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

පසුගිය සැප්තැම්බර් 18 සහ 19 යන දිනවල ජාතික පුවත්පත්වල මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කේන්ද්‍රය මගින් සංවිධානය කළ රචනා තරගයක පූර්ව දැන්වීමකින් මේ බව හෙළි වන්නේ යයි උන් වහන්සේ පෙන්වා දෙති.

‘මේ රචනාවෙ මාතෘකාව මිනිස්කමින් ලොව දිනූ උතුම් මහමුද් නබි තුමානෝ කියල. රචනාව ලියන්න ඉදිරිපත් කරපු පලමුවෙනි කොන්දේසිය තමයි සියලූම තරඟකරුවන් මුස්ලිම් නොවන සහෝදර සහෝදරියන් විය යුතුයි කියන එක.

මේ කොන්දේසියෙන්ම පේන්නෙ මේ අය මුස්ලිම් නොවන අය වෙතට තමන්ගෙ ආගම ලෙන යාම සඳහා කරන උපක‍්‍රමශීලී ව්‍යාපාරයක්.

මේ නිසා අපට හිතවත් මුස්ලිම් ආගමික නායකයන්ගෙන් අප ඉල්ලා සිටිනවා මේ වගේ දේවල් කිරීමෙන් අප අතර පවතින උතුම් වූ සමඟි සන්ධානය කඩා බිඳ දාන්න එපා කියල’

http://lankacnews.com/sinhala/news/89156/

0 comments: