Pages

Wednesday, November 27, 2013

ආශ්චර්යමත් සිදුහත් උපතේ පුරාවිද්‍යා සාක්ෂි මතුවේ. වසර 3000 ට එහා බෝධිඝරයක නටඹුන් බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයෝ සොයාගනිති

ලොව පැරණිතම බෞද්ධ විහාරයේ නටබුන් සිද්ධාර්ථ කුමරු උපන් ලුම්බිණි සල්උයනෙන් හමු වූ බව බ්‍රිතාන්‍යයේ ඩර්හැම් සරසවියේ පුරාවිද්‍යාඥ රොබින් කොනින්හැම් ප්‍රකාශ කරයි.

මේ විහාර නටබුන් හමුව ඇත්තේ වසර දහස්‌ ගණනක්‌ බෞද්ධයන්ගේ වන්දනාවට ලක්‌වුණ සිද්ධාර්ථ බෝසතාණන් මෙලොවට උපන් ස්‌ථානයේ පිහිටි මායාදේවි මධ්‍යයේ කරනු ලැබූ කැණීම්වලිනි.

මෙම පැරණි විහාරය හයවැනි සියවසේ ගොඩනගන ලද්දක්‌ විය හැකි බව බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයෝ පවසති. 

ලීයෙන් කරන ලද පැරණි විහාරයක නටබුන් මායාදේවි විහාරයේ මධ්‍යයේ කරනු ලැබූ කැණීම්වලදී හමුව ඇත. 

මේ නව සොයාගැනීම් නිසා සිද්ධාර්ථ කුමරු උපන් දිනය වසර සියයකින් පමණ පස්‌සට යා හැකි බව බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයෝ පවසති. සාමාන්‍ය පිළිගැනීම වන්නේ සිද්ධාර්ථ කුමරු උපන්නේ ක්‍රි.පු. 623 දී බවයි. නමුත් මේ සොයාගැනීම් අනුව එය ක්‍රි.පූ. 550 දී සිදුවන්නට ඇතැයි යන මතය පුරාවිද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරනු ලබයි.

අශෝක අධිරාජ්‍යයා ලුම්බිණි සල්උයනේ අශෝක ස්‌ථම්භය පිහිටුවනු ලැබුවේ ක්‍රි.පූ. 249 දීය. 

විනාශයට පත්ව තිබුණු මායාදේවි විහාරය ඉංග්‍රීසි පුරාවිද්‍යාඥයන් විසින් සොයාගනු ලැබුවේ 1896 දීය. එය වර්තමානයේ යුනෙස්‌කෝ ලෝක උරුම ස්‌ථානයක්‌ ලෙස ප්‍රකාශයට පත්කර ඇත. 

මේ පැරණි විහාරයේ බෝධිඝරයක්‌ තමන් සොයාගත් බව පුරාවිද්‍යාඥ රොබින් කොනින්හැම් පවසයි.

පුරාවිද්‍යාඥයන් වන බ්‍රිතාන්‍ය ජාතික රොබින් කොනින්හැම් හා කෝසාල් ප්‍රසාද් ආචාර්යා මේ කැණීම් නිරීක්‍ෂණය කරන අයුරු මුල් පිටුවේ ඡායාරූපයෙන් දැක්‌වේ.

චතුර පමුණුව
http://www.divaina.com/2013/11/27/news02.html

සිදුහත් කුමරුන් උපන් ස්ථානය සොයාගනී

මහාමායා දේවිය සිදුහත් කුමරුන් බිහිකරන අවස්ථාවේ අසල තිබූ බව සැලකෙන සල්ගස ආවරණය කර තැනූ විහාරය නේපාලයේ ලූම්බිණි සල් උයනෙන් සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ලූම්බිණියේ මහාමායා දේවි විහාරස්ථානය අසල සිදුකළ කැණීම්වලදී සොයාගෙන ඇති මෙය මෙතෙක් ලොව හමු වූ පැරණිතම බෞද්ධ සිද්ධස්ථානය ලෙස එම වාර්තා සඳහන් කරයි.

සිදුහත් කුමරුන්ගේ උපත පිළිබඳව මෙතෙක් පැවති මත භේදය මෙම නව සොයා ගැනීම මගින් නිරාකරණය වනු ඇති බව පුරා විද්‍යාඥයින් පවසති.

කි‍්‍රස්තු පූර්ව හයවන සියවසට අයත් මෙම විහාරයේ පියස්සක් නොමැති වීමෙන් එය සල් ගස ආවරණය කළ සැකිල්ල ලෙස විශ්වාස කෙරේ.

http://lankacnews.com/sinhala/main-news/105348/

සබැඳි ලිපි -
[
සිදුහත් කුමරුන් උපන් ස්ථානයේ ඉපැරණි රුක්ශමූලයක් වටකොට දැවයෙන් තැනූ විහාරයක නටඹුන් සොයාගනී!http://denethharinna.blogspot.com/2013/11/blog-post_5883.html
]

1 comments:

අහවලා said...

If the date goes back by 100 years from 623 BC, it should be 723 something (not 550)... And if they've found something older than 3000 years, it cannot be related to lord Buddha. Let me know if I'm wrong.