ශ්‍රී ලංකාව ජල සම්පතින් අනූන රටක් යෑයි හඳුන්වා දීම අතිශයෝක්‌තියක් නොවේ. එහෙයින් අපගේ මුතුන් මිත්තෝ එම ජල සම්පතින් මෙපමණකැයි කිව නොහැකි තරමට ඵල ප්‍රයෝජන ලබා ගත්හ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් අපට ජල සම්පතත් ඉන් ලැබිය හැකි ප්‍රයෝජනත් අමතකව ගියේය. "වළාකුලෙන් බැස සමන් ගිරත් සිඹ එලෝ බලා යනවා.... මගෙන් වැඩක් අර ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා..." යෑයි කවියෝ, ගීත රචකයෝ අපතේ යන ජල සම්පත පිළිබඳ කනගාටුවෙන් යුතුව අපට මතක් කළේ ඒ නිසා වන්නට ඇත. එහෙත් බොහෝ මෑතක සම්මානනීය ඉංජිනේරුවරයකු වූ ඩී. ෙ-. විමලසුරේන්ද්‍ර මහතාට පින්සිදුවන්නට අප රට හඬ හඬා එලෝ බලා ගිය ජල බිඳුවෙන් රටම ඒකාලෝක කිරීමේ මුල් පියවර තැබුවේය. ඒ ජල විදුලි නිපැයුමයි.
එසේ ආරම්භ කළ ජල විදුලි නිපැයුම 1950 දී ලක්‌ෂපානෙන් මුල් පියවර තබා අද වන විට බ්‍රොaඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරය දක්‌වා නොනවතින දිගු ගමනක පැමිණ ඇත. එදා මෙදාතුර ජාතික විදුලිබල සැපයුමට ජල විදුලිය මහඟු දායකත්වයක් ලබාදී තිබේ. ඊට අමතරව අපගේ විදුලිබල අවශ්‍යතාව පිරිමසන්නට තාප විදුලිබලය ද උපයෝගී කරගන්නා බව අප දන්නා කරුණකි.
විදුලිබලය යනු රටක සංවර්ධනය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයකි. රටක සංවර්ධනය ආර්ථික අංශයෙන් පමණක් සංවර්ධනය වේ නම් එය නාමමාත්‍රික සංවර්ධනයකි. සියලු පරිසර පද්ධතීන්ද රටේ ශ්‍රමිකයන් ද සූරා කෑමෙන් ලද හැකි සංවර්ධනයකින් රටකට ඵලක් නැත. රටක ජනතාවගේ ජීවන තත්ත්වය ද නගා සිටුවීමක් එහි ඇති නම් එහිදී එම සංවර්ධනය තරමක් දුරට පිළිගත හැකි යෑයි අපි එකල සිතා සිටියෙමු. එහෙත් කිසියම් රටකට තම ආර්ථිකය ද ගොඩනගා ගනිමින් ජනතාවගේ ජීවන තත්ත්වයද නගා සිටුවමින් පරිසර සම්පත ද රැක ගත හැකි නම් එය නියමාකාරයේ සංවර්ධනයක් යෑයි අපි දැන් පිළිගන්නෙමු. එසේ පරිසරයට මුල්තැන දෙමින් ලබා ගන්නා සංවර්ධනය දක්‌වා යන ගමනේදී පරිසර හිතකාමී බල උත්පාදනයද වැදගත් සාධකයක් ලෙස සැලකිය යුතුව ඇත. නැවත නැවත ජනනය වන, එසේ නැත්නම් පුනර්ජනනීය බලශක්‌තිය පිළිබඳව අපේ අවධානය යොමු විය යුත්තේ එබැවිනි. මුළු මහත් ලෝකයේම අවධානය මෙම පුනර්ජනනීය බලශක්‌තිය වෙත යොමුව ඇති වර්තමානයේ අප ද ඒ පිළිබඳව වඩාත් සිතිය යුතු කාලය දැන් එළඹ තිබේ.
පුනර්ජනනීය බල ශක්‌තිය ලෙස හඳුනාගෙන ඇති ජල විදුලිය, සූර්ය ශක්‌තිය, සුළං බල ශක්‌තිය, උදම් රළ බල ශක්‌තිය, ජීව වායුව වැනි දැ අතුරින් වඩාත් ශ්‍රී ලංකාවට යෝග්‍ය වන්නේ ජල විදුලි බලයයි. ඊට හේතු ලෙස එහි ඇති පරිසර හිතකාමී බව, අවම පාරිසරික බලපෑම් සහිත බව, අප රටේ ආයෝජකයන් සඳහා වඩාත් තාක්‍ෂණික හා මූල්‍යමය සාධනීය බව යන අංශ ඉදිරිපත් කළ හැකිය. මෙහිදී මහා පරිමාණ ජල විදුලි බලාගාර පිහිටුවීම මෙන්ම ශ්‍රී ලංකාවේ ජල විදුලි විභවයන් හඳුනා ගනිමින් දියත් කළ හැකි කුඩා පරිමාණයේ ජල විදුලි උත්පාදන හැකියාවන් සොයා බලා ඒවායින් උත්පාදනය වන බල ශක්‌තිය ජාතික විදුලිබල සැපයුමට එක් කිරීම ද සැලකිය යුතු කරුණකි. මෙහිදී පෞද්ගලික අංශයේ මැදිහත්වීම ඉතා වැදගත් කරුණක් බව පෙනී යන අතර ලංකා විදුලිබල මණ්‌ඩලයට අනුව අද වන විට මෙගා වොට් 255 ක් පමණ කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාර හරහා ජාතික විදුලිබල සැපයුමට ලබාදී ඇති අතර එම මෙගා වොට් 255 උත්පාදනයේදී කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාර 120 ක් සඳහා ආයෝජකයන් විසින් රුපියල් බිලියන 49 ක් වැය කර තිබේ. මෙම විදුලි බලාගාරවලින් වාර්ෂිකව ගිගා වොට් පැය 900 ක් පමණ ජාතික විදුලිබල සැපයුමට එක් කරන අතර එමගින් පවුල් 745,000 ක ගේ පමණ විදුලිබල අවශ්‍යතාව පිරිමැසෙයි. එමෙන්ම එමගින් ස්‌ථිර රැකියා 4800 ක් ද අප රටේ ශ්‍රම බලකායට එකතු වී ඇත.
යම් හෙයකින් මෙම ජල විදුලි බලාගාර පිහිටුවීම පමා වූයේ නම් හෝ අත්හැර දමන ලද නම් ඉහත කී විදුලිබල ප්‍රමාණය ජනනය කිරීමට තාප විදුලිය වැනි පුනර්ජනනීය නොවන බල ශක්‌ති ප්‍රභවයන් භාවිතා කිරීමට සිදුවේ. එසේ සිදුවී නම් ඒ සඳහා වාර්ෂිකව දහනය කිරීමට සිදුවන ඩීසල් ප්‍රමාණය ලීටර් මිලියන 179 ක් වන අතර ඒ සඳහා දළ වශයෙන් වාර්ෂිකව රුපියල් බිලියන 21.6 ක විදේශ විනිමය වැයවීමක් සිදුවේ. එසේ තාප විදුලිය ජනනය කළහොත් වාර්ෂිකව කාබන්ඩයොක්‌සයිඩ් ටොන් 549,000 ක් පමණ සහ සල්ෆර් ඩයොක්‌සයිඩ් ටොන් 11,000 ක් පමණ පරිසරයට මුදා හැරෙනු ඇත. එබැවින් ජල ශක්‌තිය වැනි පුනර්ජනනීය බල ශක්‌ති ප්‍රභවයන් යොදා ගැනීමෙන් විශාල පරිසර හානියක් වළක්‌වා ගත හැකි බව පැහැදිලිය.
මේ නිසාම ශ්‍රී ලංකා රජය ජල විදුලි බල නිෂ්පාදනය සහ කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාර පිහිටුවීම යන කරුණු පිළිබඳ ඉහළ අවධානයකින් පසුවන අතර පුනර්ජනනීය බල ශක්‌ති උත්පාදනයන් සඳහා දිරිගැන්වීම් සහ සහයෝගය ලබා දීමට ද ක්‍රියාකරනු දැකිය හැකිය. පුනර්ජනනීය බල ශක්‌ති උත්පාදනය සඳහා ආයෝජකයන් දිරිගැන්වීමට සහ ඔවුන්ට සහය දැක්‌වීමට ජාතික බල ශක්‌තිය පිළිබඳ ප්‍රතිපත්තියක් රජයෙන් ඉදිරිපත් කර ඇති අතර එහිදී රටෙහි විදුලිබල සුරක්‍ෂිතතාව සඳහා පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘතිවල අවශ්‍යතාවය හඳුන්වා දී ඇත.
පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති සඳහා පහසුකම් සැලසීම පිණිස ව්‍යවස්‌ථානුකූලව බලතල පවරන ලදුව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය (Sමිඒසබ්ඉකැ Eබැරටහ Aමඑයදරසඑහ - SEA) පිහිටුවා ඇත. ඊට අමතරව ලංකා විදුලිබල මණ්‌ඩලය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව යන ආයතන විසින්ද වැදගත් කාර්යභාරයක් කරගෙන යනු ලැබේ. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය පිහිටුවීමට පෙර ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්‌තිය සඳහා මාර්ගෝපදේශනය ලබාදී ඇත්තේ ලංකා විදුලිබල මණ්‌ඩලය මගිනි. එහිදී පුහුණු කිරීම්, ශක්‍යතා අධ්‍යයනයන්, සම්පත් කළමනාකරණය වැනි කාර්යයන් ලංකා විදුලිබල මණ්‌ඩලය හරහා සිදුකරනු ලැබිණි.
ලංකා විදුලිබල මණ්‌ඩලයෙන් ලද දායකත්වය සලකා බලන කල, පිහිටුවා ඇති කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාර 120 න් 116 ක් ම සඳහා මූලාරම්භය ලබා ඇත්තේ ඒ හරහාය. එයින් මෙගා වොට් 250 ක පමණ ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක්‌කර ඇත. එහෙත් 2007 ඔක්‌තෝබර් මස ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය ඇරඹීමත් සමගම අද දක්‌වා ඒ හරහා මූලාරම්භය ලබා ඇති ව්‍යාපෘති 4 ක් පමණ නිම කර ඇත. මෙහිදී වඩාත් සැලකිල්ලට ගත යුතු කරුණක් නම් බල ශක්‌ති අවසරපත නිකුත් කරන ලද මෙගා වොට් 208 ක ධාරිතාවෙන් යුතු ව්‍යාපෘති 116 ක් සහ තාවකාලික අවසරපත ලබා ඉන්පසු ලබා ගත යුතු අනුමැතීන් සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති තවත් මෙගා වොට් 234 ක ව්‍යාපෘති 154 ක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරියේ අකාර්යක්‍ෂමතාව මත ප්‍රමාදයට ලක්‌වීමය. ඊට අමතරව අවසරපත් අවලංගු වූ මෙගා වොට් 25 ක ධාරිතාවෙන් යුතු ව්‍යාපෘති 28 කට ද එම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දීමට සිදුවී ඇත. තවද තවත් ව්‍යාපෘති ගණනාවක්‌ම තාවකාලික අවසරපත ලබා ගැනීමට පෙළගැසී බලා සිටිනු දැකිය හැකිය. මේ නිසා වටිනා ව්‍යාපෘති රටට අහිමිව යැමද, ආරම්භ කරන ලද ව්‍යාපෘති පසුගාමී තත්ත්වයකට පත්වීම ද නොවැළැක්‌විය හැකි කරුණක්‌ව තිබේ.
ව්‍යාපෘති ආයෝජකයන්ගේ දෘෂ්ටිකෝණයෙන් ව්‍යාපෘති ප්‍රමාදය පිළිබඳව සලකා බලන කල ප්‍රධාන බාධක කිහිපයක් හමුවේ. ඒ අතරින් රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක ඉතා දීර්ඝ වූත් පීඩාකාරි වූත් අනුමැති ලබා ගැනීමේ ක්‍රියාදාමයන් විශාල ගණනක් හා සම්බන්ධ වීමට සිදුවීම ප්‍රධානතම බාධකය ලෙස හඳුන්වාදිය හැකිය. ඉඩම් හා සම්බන්ධ ගැටලු, සදාචාරසම්පන්න නොවන දේශපාලන මැදිහත් වීම ආදිය ව්‍යාපෘති ආයෝජකයන් මුහුණ දෙන අනෙකුත් ගැටලු අතර ප්‍රධාන වේ. මෙම ගැටලුවලට ව්‍යාපෘති ආයෝජකයන් මුහුණ දෙන විට ඒ සඳහා රජයේ බලයලත් ආයතනය ලෙස පෙනී සිටිය යුතු ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය එම ගැටලු නොදුටුවාක් මෙන් මගහැර සිටීම කනගාටුවට කරුණකි. ව්‍යාපෘති කඩිනම් කර ගැනීම සඳහා පිහිටුවන ලද ආයතනයක් වූ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය මගින් ලබාගත යුතු අනුමැතීන් සහ ඒ සම්බන්ධ ක්‍රියාපටිපාටිය ද ඉතා ගැටලුකාරී වී ඇත. තාවකාලික අනුමැතිය මාස 6 කට ද ඉන්පසු එහි දීර්ඝ කිරීම තවත් මාස 6 කටද ලබා දී ඇත්තේ සියලු රාජ්‍ය ආයතනවල අනුමැතීන් ලබා ඉන්පසු බල ශක්‌ති අවසරපත ලබා ගැනීම සඳහාය. බලශක්‌ති අවසරපත ලබාගත් පසු වසර දෙකක් තුළ ව්‍යාපෘතිය ඉදිකිරීම් නිමකළ යුතුය. එනම් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරියේ මාර්ගෝපදේශනය යටතේ තාවකාලික අනුමැතිය ලබාදුන් දින සිට වසර තුනක් එක් ව්‍යාපෘතියක් සඳහා ලබාදී ඇත. එහෙත් එම ආයතනයේ සහයෝගයෙන් දැනට නිම කර ඇති ව්‍යාපෘති ගණන 4 ක් පමණක් වීම කනගාටුවට කරුණකි.
ඉහත කරුණු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර බලන කල ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය මැදිහත් වීමට ව්‍යාපෘති නිම කිරීමේ විශාල බාධාවක්‌ව ඇති බව පැහැදිලිs වන කරුණකි. මෙම ප්‍රමාදයන්ට ප්‍රධාන හේතු ලෙස ආයතනයේ නිලධාරීන්ගේ පසුගාමී ආකල්ප සහ එමගින් අවසරපත් ලබා දීමේදි ඇති නොසැලකිල්ල සහ දූෂණ වංචා ගෙනහැර දැක්‌විය හැකිය. ඊට අමතරව සදාචාර සම්පන්න නොවන ලෙස සිදුවන දේශපාලන මැදිහත් වීම ද ව්‍යාපෘතිවලට බාධාවක් වී ඇත.
තවත් වැදගත් කරුණක් ලෙස සෑම වසරක් සඳහා නිකුත් කළ යුතුව ඇති පුනර්ජනනීය බලශක්‌තිය මිලදී ගැනීම සඳහා වූ අයක්‍රමය (ඒරසෙෙ) 2012 වසරේ සිට නිකුත් කර නොමැති හෙයින් සමහර ආයෝජකයන් ව්‍යාපෘති නිමකර විදුලි බලය නිපදවමින් පැවතිය ද මේ වන විට ඔවුනට කිසිදු මුදලක් ලබා ගැනීමට නොහැකි වීම දැක්‌විය හැක. එවන් ගැටලුවලටද විසඳුම් සෙවීමට ව්‍යාපෘති ආයෝජකයන්ටම සිදුවී ඇති අතර එහි වගකීම ලබා ගැනීමට කිsසිදු ආයතනයක් ඉදිරිපත් වී නොමැත.
ව්‍යාපෘති ආයෝජකයන් දිරිමත් කිරීමට සහ ඔවුනට මුහුණ දීමට සිදුවන බාධාවන් නිරාකරණය කරගැනීම සඳහා රාජ්‍ය අංශයෙන් සහයෝගය ලබා දීමට අවශ්‍ය බලතල නිසියාකාරව පවරා ඇති ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය එම ගැටලුකාරී අවස්‌ථාවන්හි දී මුනිවත රැකීම ඉතා ශෝචනීය තත්ත්වයකි.
සියලු කරුණු විග්‍රහ කර බැලීමේදී අවසන් වශයෙන් අප සලකා බැලිය යුතු කරුණ වන්නේ පුනර්ජනනීය බල ශක්‌ති ව්‍යාපෘති නගා සිටුවීමට පිහිටුවා ඇති ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය එම ව්‍යාපෘති නගාසිටුවීමට ක්‍රියා කරනු වෙනුවට එම ව්‍යාපෘති ආයෝජකයන් තවත් අපහසුතාවයට පත් කරමින් ව්‍යාපෘති පමා කරමින් සිටින්නේ ඇයි ද යන්නයි.
(විශේෂ ලියුම්කරුවෙකු විසිනි)
http://www.divaina.com/2013/11/05/feature03.html

0 comments:
Post a Comment