Pages

Thursday, November 28, 2013

සුන්නි-ෂියා මුස්ලිම් කුල භේදය මැදපෙරදිග උග‍්‍ර අතට

මැදපෙරදිග කලාපයේ සුන්නි සහ ෂියා ඉස්ලාමික නිකාය භේදය උග‍්‍ර අතට පත්වී ඇතැයි වාර්තා වේ. පසුගිය මස ලෙබනනයේ ඉරාන තානාපති කාර්යාලයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දෙකකින් 25 දෙනෙකු මියගිය අතර එය අල් කයිඩා සංවිධානයට සම්බන්ධ පිරිසක් විසින් සිදුකළ බව පැවසිණි.

ඉරාකය තුළද ගැටුම් ඇවිළි යමින් තිබේ. සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ මැදපෙරදිග ආයතනයේ පර්යේෂක ෆනාර් හඩාඞ් පවසන්නේ ඉරාකයේ දසවසරක යුද්ධයෙන් අනතුරුවත් තත්වයන් වඩ වඩාත් නරක අතට හැරෙමින් ඇති බවයි.  ලෝකයේ මුස්ලිම්වරුන්ගෙන් බහුතරයක් සුන්නි නිකායිකයන් වන නමුදු ඉරානය, ඉරාකය, බහරේනය යන රටවල බහුතරයක් වැසියන් ෂියා ලබ්ධිකයන් වේ.

මේ වන විට ක‍්‍රියාත්මක වන අෂුරා සහ අර්බායින් උත්සවයන් තුළ සුන්නි-ෂියා භේදය වඩාත් උද්දීපනය වී ඇති අතර උත්සවයන් මගින් යාසිඞ් කාලිෆ්වරයාගේ හමුදාවන් අතින ෂියාවරුන් විසින් ගෞරවනීය ලෙස සලකනු ලබන ඉමාම් හුසේන්ගේ මරණය සමරනු ලබයි.

දිගුකලක් පුරා පවතින සුන්නි-ෂියා අර්බුදය 2003දී ඉරාකය ඇමරිකාව විසින් ඉරාකය ආක‍්‍රමණය කර සුන්නි මුස්ලිම් නායක සදාම් හුසෙන් බලයෙන් පහකර ෂියා බලයක් ස්ථාපිත කිරීම සමග ඇවිළ ගිය බව පැවසේ.  ලෙබනන විශ්ලේෂිකා සහාර් අල්-අට‍්‍රාච් පවසන්නේ 2005දී ලෙබනනයේ හිටපු අගමැති රාෆික් හරිරි ඝාතනය කරනු ලැබීමෙන් පසුව නිකායික ගැටුම් තවත් වර්ධනය වූ බවයි.

සිරියානු ජනාධිපති බෂාර් අසාද් ෂියා නිකායේ ශාඛාවක් වන ඇලවයිට් නිකායිකයෙකු වන අතර සිරියානු රජයට එරෙහි කැරලිකරුවන් සුන්නි නිකායිකයන් වේ.  සහාර් පවසන්නේ කැරලිකරුවන්ට මුහුණදීම සඳහා සිරියානු රජයේ පාර්ශ්වය වෙත ලෙබනන හිස්බුල්ලා සංවිධානයෙන් ලැබෙන සහයෝගයට ප‍්‍රධාන හේතුව වන්නේ හරිරි ඝාතනය බවයි.

2014 අපේ‍්‍රල් මස පැවැත්වීමට නියමිත ඉරාක මැතිවරණය තුළද මෙම නිකායික අර්බුදය තවත් ඉහළ යනු ඇතැයි පැවසෙන අතර ඉරාකයේ ක‍්‍රියාත්මක වන දේශපාලන පක්ෂ දේශපාලන දෘෂ්ඨීන් මත නොව නිකාය භේදය මත ක‍්‍රියාත්මක වන බව දේශපාලන විචාරකයන් පවසති.

http://lankacnews.com/sinhala/foreign-news/105447/

1 comments:

Anonymous said...

මොක්කු හරි කමක් නෑ තම්බි අඩුවෙනවනම් හොඳයි.