මෙරට පරිගණක තොරතුරුවල ආරක්ෂාව හා අංකිත අත්සන් රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජාතික සහතිකකරණ අධිකාරියක් පිහිටුවයි.
විශේෂ ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මෙම අධිකාරිය වශයෙන් කටයුතු කරන බවත් මෙම අධිකාරිය පිහිටුවීම කලක සිට පැවැති අවශ්‍යතාවක් ඉටුවීමක් බවත් නියෝජි තායතනයේ සභාපති හා පේරාදෙනිය විශ්වවිද්‍යාල කුලපති මහාචාර්ය පී. ඩබ්ලිව්. ඈපාසිංහ මහතා පවසයි.
ඉලෙක්ට්‍රොනික ගනු දෙනු පනතේ 18 වෙනි වගන්තිය යටතේ පැනවී ඇති නියෝගයන්ට අනුව මෙම ජාතික සහතිකකරණ අධිකාරිය පිහිටුවනු ලැබූ බව ශ්‍රී ලංකා තොරතුරු හා...