Pages

Tuesday, December 31, 2013

පරිගණක තොරතුරුවල ආරක්‍ෂාවට ජාතික සහතිකකරණ අධිකාරියක්‌

මෙරට පරිගණක තොරතුරුවල ආරක්‍ෂාව හා අංකිත අත්සන් රාමුව තවදුරටත් ශක්‌තිමත් කිරීම සඳහා ජාතික සහතිකකරණ අධිකාරියක්‌ පිහිටුවයි. විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ මගින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය මෙම අධිකාරිය වශයෙන් කටයුතු කරන බවත් මෙම අධිකාරිය පිහිටුවීම කලක සිට පැවැති අවශ්‍යතාවක්‌ ඉටුවීමක්‌ බවත් නියෝජි තායතනයේ සභාපති හා පේරාදෙනිය විශ්වවිද්‍යාල කුලපති මහාචාර්ය පී. ඩබ්ලිව්. ඈපාසිංහ මහතා පවසයි. ඉලෙක්‌ට්‍රොනික ගනු දෙනු පනතේ 18 වෙනි වගන්තිය යටතේ පැනවී ඇති නියෝගයන්ට අනුව මෙම ජාතික සහතිකකරණ අධිකාරිය පිහිටුවනු ලැබූ බව ශ්‍රී ලංකා තොරතුරු හා...

බුදුදහමට අන්‍යාගමික බලවේගවලින් තවදුරටත් බලපෑම් එල්ල වෙමින් පවතිනවා - භික්‍ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති හිමි

බුදු දහමට එරෙහිව තවදුරටත් විවිධ අන්‍යාගමික බලවේගවල බලපෑම එල්ල වෙමින් පවතින බව අනුරාධපුර ශ්‍රී ලංකා භික්‌ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති අග්ගමහා පණ්‌ඩිත මහාචාර්ය තුඹුල්ලේ ශ්‍රී සීලක්‌ඛන්ධ නාහිමිපාණන් වහන්සේ පැවසුහ. "නව බෞද්ධ ප්‍රවණතා සහ ශ්‍රී ලාංකේය ථෙරවාද බුදු දහම සවිබල ගැන්වීම" යන මැයෙන් ශ්‍රී ලංකා භික්‌ෂු විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කළ ජාතික බෞද්ධ සම්මන්ත්‍රණය අමතමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ. එම සම්මන්ත්‍රණය ඉකුත් 27 සහ 28 යන දෙදින උසස්‌ අධ්‍යාපන...

බලශක්‌ති අර්බුදයට මොරටු සරසවි සිසුවාගෙන් විසඳුමක්‌ - එකම ජල ධාරිතාවකින් වසර පුරාම විදුලිය!

බලශක්‌ති අර්බුදයට විසඳුමක්‌ ලෙස එකම ජල ධාරිතාවකින් වසර පුරා විදුලිය නිපදවිය හැකි ක්‍රමවේදයක්‌ මොරටුව විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවකු වන ඩබ්ලිව්. එම්. අමිල සුරේෂ් ඉන්දික ශිෂ්‍යයා සොයාගෙන ඇත. මෙම ක්‍රමවේදය බොරතෙල් සඳහා විකල්පයක්‌ ලෙසද භාවිත කළ හැකි බව ඔහු පවසයි. එමෙන්ම එකම ජල ධාරිතාවකින් වසර පුරා විදුලිය නිෂ්පාදනය කිරීම මගින් කලින් කලට විදුලිය නිෂ්පාදනය කිරීමට ඇති බාධා මග හැරෙනු ඇත. මේ වන විට අමිල සුරේෂ් ඉන්දික ශිෂ්‍යයා විසින් විදුලිය නිෂ්පාදනය...

ජයලලිතාගේ අගමැති සිහිනය

65 හැවිරිදි ජයලලිතා ජයරාම් ගැන අපට යළිත් කතාකරන්නට සිදුව ඇත. සමස්‌ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්‍ෂයේ නායිකාව ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක්‌ එල්ල කරන ඉන්දීය මහ ඇමැතිවරිය බවට විවාදයක්‌ නැත. සිය පක්‍ෂ සාමාජිකයන් අතරේ 'අම්මා' නමින් දේවත්වයෙන් අදහන ඇය තව මාස පහකින් පැවැත්වෙන ඉන්දීය මැතිවරණය දෙස උනන්දුවෙන් බලා සිටින්නේ එක්‌ පරමාර්ථයක්‌ මුදුන් පත්කර ගැනීම සඳහාය. ඒ අන්කවරක්‌වත් නොව ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ අගමැති පදවිය දරන පළමු දෙමළ...

Monday, December 30, 2013

ෆෝර්මියුලා ශූරතාව 7 වතාවක් දිනූ මයිකල් ෂූමාකර් හිම මත ලිස්සීමේදී හදිසි අනතුරකින් කෝමා තත්වයේ.. මොළයේ සැත්කමක්

ෆෝර්මියුලා ශූරතාව 7 වතාවක් ජය ගෙන සිටින සුපිරි ෆෝමියුලා ධාවරන ශූර ජර්මන් ජාතික මයිකල් ෂූමාකර් හදිසි අනතුරක් නිසා රෝහල්ගත කර තිබේ. කෝමා තත්ත්වයෙන් පසුවන ඔහුට බරපතළ බවත් මොලයේ ශල්‍යකර්මයක් සඳහා යොමු කර ඇති බවත් රෝහල් බලධාරීහු පවසති. 44 හැවිරිදි ෂූමාකර් ඊයේ දිනයේ සිය පුත්‍රයා සමග  ප්‍රංශයේ ඇල්ප්ස් කඳු ප්‍රදේශයේ හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරත ව සිටියදී ලිස්සා ගොස් හිස ගලක හැපීමෙන් අනතුර සිදුව ඇත. http://lankacnews.com/sinhala/foreign-news/107509/ Pic...

බි‍්‍රතාන්‍යයේ මුස්ලිම් විරෝධී ප‍්‍රහාරයන් වාර්තාගත ලෙස ඉහළට

එංගලන්තයේ සහ වේල්සයේ මුස්ලිම්වරුන්ට එරෙහි අපරාධයන් සංඛ්‍යාව 2013 වසර තුළ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.  පසුගිය මැයි මස ලන්ඩනයේදී මුස්ලිම් අන්තවාදීන් දෙදෙනෙකු විසින් ලී රිග්බි නම් සෙබළෙකු ඝාතනය කිරීම සමග මෙලෙස මුස්ලිම් විරෝධී ප‍්‍රහාරයන් ඉහළ ගොස් ඇතැයි පැවසේ. ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිස් වාර්තා පවසන්නේ 2013 වසරේ ලන්ඩනයේදී සිදුවූ මුස්ලිම් විරෝධී ප‍්‍රහාරයන් ප‍්‍රමාණය ඊට පෙර වසරේ වාර්තාවූ 336සිට 500 තෙක් වර්ධනය වී ඇති බවයි.  මැන්චෙස්ටර් නගරය තුළදී මෙය 75 සිට 150 තෙක් දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. කෙසේවෙතත් සමහර ප‍්‍රදේශවල...

පොලිසියේ නොහොඹිනා වැඩ ගැන කෙලින්ම ඉහලට කියන්න අංකයක්

පොලිස් නිලධාරීන් විසින් සිදු කරන අකටයුතුකම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා මහජනයාට සෘජු දුරකතන අංකයක් හඳුන්වා දුන් බව ජාතික පොලිස් කොමිසම කියයි. ඒ අනුව අංක 0710361010 ඔස්සේ එම පැමිණිලි ලබාදිය හැකි බව පොලිස් කොමිසමේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා පවසයි. http://lankacnews.com/sinhala/news/10753...

අපි අන්තර් ජාලය භාවිතා කරන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවේ නිවෙස් වලින් සියයට 11.4 කට අන්තර් ජාල පහසුකම් තිබෙන බවත් තවත් සියයට 9.2 ක ප්‍රමාණයක් සන්නිවේදන මධ්‍යස්ථාන වැනි පහසුකම් භාවිතා කරමින් අන්තර් ජාලයට පිවිසෙන බවත් නවතම දත්ත මගින් අනාවරණය වේ. මේ අනුව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වලට අනුව වැඩිම අන්තර් ජාල භාවිතාවක් තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර කොළඹ නිවෙස් තුළදී අන්තර් ජාලය භාවිතා කරන ප්‍රමාණය සියයට 26.9 ක්ද නිවෙසින් පිට වෙනත් ස්ථාන වලදී අන්තර් ජාලය භාවිතා කරන ප්‍රමාණය...

කල්මුණේ සම්පත් මුසලුවන්ට පමණයි. සුනාමි ගෙවල් 180, සුනාමියට අහුනොවූ පිටපළාත් මුසලුවන්ටත් බෙදලා... සිහල, දෙමළ කාටවත් නැහැ!

කල්මුණේ දකුණු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරී කටයුතු මුස්ලිම් අමාත්‍යවරුන්ගේ බලපෑම මත සිදුකිරීම නිසා එම ප‍්‍රදේශවල සිංහල දෙමළ ජනතාව විශාල අසාධාරණයක් සිදුවන බැවින් කල්මුණේ උතුරු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ප‍්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය ලෙස උසස් කරන ලෙස  කල්මුණේ සිවිල් සමාජ එකමුතුව ඉල්ලයි. මෙම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත් එය උසස් කිරීම තවම සිදුවී නොමැති බවද පවසන ඔවුන් කල්මුණේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය...