Pages

Friday, March 20, 2015

13 එපා: අපට ඕනෑ ප්‍රාන්ත ස්‌වයං පාලනයක්‌ - ටී. එන්. ඒ. මන්ත්‍රී සේනාධිරාජා

ශ්‍රී ලංකා රජයෙන් බලාපොරොත්තු වන්නේ ප්‍රාන්ත ස්‌වයං පාලන ක්‍රමයක්‌ යයි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී මාවයි සේනාධිරාජා යාපනයේ එලාලෙයි ප්‍රදේශයේ පැවති රැස්‌වීමක්‌ අමතා ප්‍රකාශ කර ඇත.

එම විසඳුම ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවට ප්‍රකාශ කර ඇති බවද හෙතෙම තවදුරටත් සඳහන් කර තිබේ. 13 වන සංශෝධනය ගැන විවිධ පුද්ගලයන් සාකච්ඡා කරමින් සිටින බවත් එම සංශෝධනය ද්‍රවිඩ සන්ධානය සහ දෙමළ ජනතාව ප්‍රතික්‍ෂේප කර ඇති අතර එකී සංශෝධනය ගැන සාකච්ඡා කර කල්ගත කිරීම වැඩක්‌ නැති ක්‍රියාවක්‌ බවත් මාවයි සේනාධිරාජා තවදුරටත් ප්‍රකාශ කර ඇත.

දෙමළ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ තමන් විසින්ම පාලනය කරන පාලන ක්‍රමයක්‌ වූ ප්‍රාන්ත ස්‌වයං පාලන ක්‍රමය බවද ඔහු දක්‌වා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2015/03/20/news10.html

Pic Source

1 comments:

ප්‍රතිවාදියා said...

ඔය ටික කරගන්න තමයි මෛත්‍රීපාලව ජනාධිපති කරගන්න වලි කෑවෙ