Pages

Wednesday, November 13, 2013

කුඩා ළමුන් නිවස තුළදීම වස වර්ග 20 කට ගොදුරුවීමේ අවදානමක්‌ - ළමා රෝග විශේෂඥ වෛද්‍ය

තම නිවස තුළදී කුඩා ළමුන් වස විස වර්ග 20 කට අධික සංඛ්‍යාවකට ගොදුරුවීමේ අවදානමක්‌ පවතින බව පොළොන්නරුව මහ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය උදය ඩී. සිල්වා මහතා පවසයි.

මේ හේතුවෙන් ගෘහස්‌ථ මට්‌ටමින් විවිධ වස විස අඩංගුවන ද්‍රව්‍ය භාවිතය අඩුකිරීමට සෘජුවම උත්සහගත යුතු බවත් එවැනි දේවල් භාවිතයට ගන්නේ නම් ඒවා ඉතාමත් ආරක්‍ෂාකාරී ලෙස ගබඩා කිරීමත් දරුවන් ගැවසෙන තැන්වලින් ඒවා ඈත් කර තැබීමට වැඩිහිටියන් සැලකිලිමත් විය යුතු යෑයි පෙන්වා දෙයි.

ජාතික විස නිවාරණ සතිය යෙදී තිබූ ඔක්‌තෝබර් මස 28 වැනිදා සිට නොවැම්බර් මස 03 වැනිදා දක්‌වා වූ වැඩපිළිවෙළ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට එක්‌වෙමින් වෛද්‍ය සිල්වා මහතා මේ බව පැවැසීය. 

භූමිතෙල් හා පැරසිටමෝල් කුඩා දරුවන්ට බලපෑම් කරන සුලභ විෂ වර්ග 2 ක්‌ බවට හඳුනාගෙන ඇතැයිද කපුරුබෝල, මදුරු දඟර, විවිධ ආලේපන, රූපලාවන්‍ය ද්‍රව්‍ය, සේදුම් ආලේපන, මීපාසානම්, කුඩා බැටරි, විවිධ විස පැලෑටි හා ඒවායේ කොටස්‌ යනාදියද දරුවන් විපතට පත්කිරීමේ ඉඩ ඇති විස සහිත ඒවා බව පෙන්වා දිය හැකි යෑයි වෛද්‍ය උදය ඩී. සිල්වා මහතා සඳහන් කරයි. හදිසියේම වස විස ශරීරගතවූ විටකදී විස තැවරුණ ඇඳුම් ආදිය ඉවත්කර ශරීරයේ පිටත හොඳින් සෝදා කඩිනමින් එම රෝගියා ළඟම රෝහලට ගෙන යා යුතු බවද පොල් කිරි ආදිය පොවමින් ශරීරගත වුණ වසවිසවල සැර බාල කිරීමට හෝ වමනය කරවා ඒවා ශරීරයෙන් ඉවත් කිරීමට උත්සාහ නොකළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

ජයන්තිපුර - උඩගෙදර
http://www.divaina.com/2013/11/13/provin04.html

1 comments:

webmaxterlk said...

හොඳ දැනුවත් කිරිමක්.