Pages

Wednesday, November 13, 2013

මිණී ඔළුවේ ආන්‍යාගමික මධ්‍යස්ථානයට විරෝධය

කණ්ඩලම ග‍්‍රාම නිලධාරී වසමට අයත් මිණිඔළුව වල්අරඹ නැමති ඉඩමේ කුලි නිවසක ආගමික ස්ථානයක ස්වරූපයෙන් ආගමික නොවන මුලධර්මවාදී ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන් විරෝධය පල කරති.

ඔවුන් විසින් සංවිධානය කොට තිබු උත්සවයකට සහභාගී වෙමින් මීරිගම ප‍්‍රාදේශීය ලේකම් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේ ‘ආගමක් විදියට රජය පිළිගත් ආගමක් විය යුතු බවත් ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතා කරන්න ලියාපදිංචි වෙන්න අවහ්‍ය බවත් තමන් එහෙම බලපත‍්‍ර නිර්දේශ කරලත්, කරන්නෙත් නැති බවත්ය. අදාල ස්ථානයේ කිසිම අවස්ථාවක ආගමික මධ්‍යස්ථානයක් පවත්වන්න කියලා උසාවියෙන් නියෝගයක් දීලා නැති බවත් ඔහු කීය.

2012 වර්ෂයේදී පිටස්තරින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙන්දේසි ඉඩමේ නිවසක් කුලියට ගෙන එහි පදිංචිව සිට ඇත.පසුකාලීනව එම නිවසට පිටස්තර ජනයා ගෙන්වාගෙන ආගමට හරවා ගැනීමේ හා යාච්ඤා මෙහෙයුම්ද කි‍්‍රයාත්මක කොට ඇත. එම අවස්ථාවේ දී ගම්වාසීන්ගේ විරෝධතාවය නිසා එය ඉෂ්ඨ කර ගැනීමට නොහැකිව ඇත.

එහෙත් නැවත වතාවක් මහ ජනතාවට පීඩාවක් වන අයුරින් එකී කටයුතු නැවත ආරම්භ කිරීමට පටන් ගැනීමත් සමග ප‍්‍රදේශවාසීන් අතර මහත් කළකිරීමක් හටගෙන ඇත. මෙකී ස්ථානය ආසන්නයේ බෞද්ධ පන්සල් 3ක් හා පාසලක්ද පිහිටා ඇති නිසා එහි වෙසෙන සියලූ ජනකොටසක්ම බෞද්ධයෝය. කිසිම ලියාපදිංචියක් හෝ වෙනත් ආගමකට සම්බන්ධයක් නොමැති මෙම මුලධර්මවාදී ආගම පතුරුවා හැරීම සදහා පිටතින් පුද්ගලයන් ගෙන්වාගෙන ඔවුන් ආගමට හරවා ගැනීමේ කූට උපක‍්‍රමයක් සිදුවන නිසා ප‍්‍රදේශවාසීන් ඊට විරෝධය පළ කරති.

http://lankacnews.com/sinhala/news/104436/

0 comments: