Pages

Wednesday, November 13, 2013

රාජ්‍ය නායක සහභාගිත්වයේ වෙනසක් නෑ. යුද අපරාධ පරීක්‍ෂණ යෝජනාව ප‍්‍රායෝගික නෑ – කම්ලේෂ් ශර්මා

යුධ සමයේ ශ‍්‍රී ලංකාවේ සිදු වූ බව කියන මානව හිමිකම් පිරිහීම හා යුද අපරාධ පිළිබදව චෝදනා විභාග කිරීමට ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සදහා එක්සත් ජාතීන් විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව ප‍්‍රායෝගික නොවන බව පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ශර්මා ප‍්‍රකාශ කරයි.

එවැනි ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම ප‍්‍රායෝගිකව කළ හැකි දෙයක් නොවන බවත්, ප‍්‍රායෝගික නොවන දෙයක් සම්බන්ධයෙන් ස්ථාවරයක් නොගන්නා බවත් ශර්මා මහතා ප‍්‍රකාශ කර ඇත.

වෙනත් සමුළුවාර සමග සසදා බලද්දී මෙවර සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකයන්ගේ සංඛ්‍යාවේ වෙනසක් නොමැති බවද මහ ලේකම් ශර්මා මහතා සදහන් කර ඇත.

http://lankacnews.com/sinhala/news/104394/

0 comments: