Pages

Tuesday, November 12, 2013

කෞතුකාගාරයක් වියුයුතු, නමුත් හෝටලයක් වූ, බණ්ඩාරණායකවරුන්ගේ රොස්මිඩ් වලව්වේ පැවැත්වෙන 'චාල්ස්ගේ' 65 වන උපන්දින සාදය

මේ සතියේදී ශ්‍රී ලංකාවේ ඇරැඹෙන පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවට බ්‍රිතාන්‍යයේ 2 වැනි එලිසබෙත් මහ රැජන වෙනුවෙන් සහභාගි වන ඇයගේ පුත් බ්‍රිතාන්‍යයේ කිරීටය හිමි චාල්ස්‌ කුමරු ශ්‍රී ලංකාවේදී නවාතැන් ගනු ලබන්නේ කොළඹ හතේ රොස්‌මීඩ් පෙදෙසේ පිහිටි මෙම සද්දන්ත මන්දිරයේය. 

එය දැන් "ටින්ටජල්" නමින් තරු පන්තියේ සුපිරි හෝටලයක්‌ ලෙස පවත්වාගෙන යනු ලැබේ.

බණ්‌ඩාරනායකවරුන්ගේ කොළඹ පිහිටි මහ ගෙදර වූයේ මෙම රොස්‌මීඩ් වලව්වයි. එවකට එජාප ආණ්‌ඩුවෙන් ඉවත් වී බණ්‌ඩාරනායක මහතා ශ්‍රී. ල. නි. ප. ය ආරම්භ කරන්නට තීරණය ගත්තේද, 1956 වසරේදී අගමැති ධුරය ලබා දිව්රුම් දීමට පිටත් වූයේද, 1959 දී බණ්‌ඩාරනායක මහතා ඝාතනය වූයේද, හේන්පිටගෙදර ඥනසිහ හිමියන් විසින් සිරිමාවෝ මැතිනිය දේශපාලනයට ගෙන එන්න කැමති කරවාගෙන ඇත්තේද, චන්ද්‍රිකා මහත්මිය මහ ඇමැති පදවියේ සිට රජ ගෙදරට ගියේද මෙම රොස්‌මීඩ් වලව්වේ සිටියදීය.

මේ සතියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන චාල්ස්‌ කුමරුගේ 65 වැනි උපන් දිනය යෙදී ඇත්තේ මේ අතරතුරදීය. චාල්ස්‌ කුමරුගේ උපන් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉස්‌තරම් වර්ගයේ කැවුම් කොකිස්‌වලින් යුත් සාදයක්‌ පැවැත්වීමට බලාපොරොත්තු වේ.

කොළඹ හතේ රොස්‌මීඩ් පෙදෙසේ පිහිටි බණ්‌ඩාරනායක වලව්ව දැන් තරු පන්තියේ සුපිරි හෝටලයක්‌ බවට පත් කර තිබේ. මේ එහි ඊයේ (10 වැනිදා)ගත් පින්තූරයකි. 

පින්තූරය - නිමල් දයාරත්න
http://www.divaina.com/2013/11/11/news31.html

1 comments:

Unknown said...

මම නම් කියන්නෙ මෙවගේ දේවල් නොවියයුතුයි. එවා අපේ අභිමනය