බොදු බල සේනා සංවිධානයේ ස්වාමින්වහන්සේලා ඊයේ (30) සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා මුනගැසී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.
එහිදී උන්වහන්සේලා කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ගතයුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට අනුශාසනය කරනු ලැබීය.
ප්‍රථමයෙන් දුම් බීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන යන වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය ලබාදෙන බව සහ එම වැඩසටහනට දැඩි ප්‍රසාදයත් උන්වහන්සේලා විසින් පළ කරනු ලැබීය.
එමෙන්ම කාන්තාවන්ගේ වන්ධ්‍යාකරණය පිළිබඳව දැනට රට තුළ නීති විරෝධී ලෙස කටයුතු කෙරෙන බව සහ විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාවගේ ජනගහනය පාලනය පිළිබඳව අමාත්‍යංශයේ දැඩි අවධානය යොමු කළ යුතු බවද උන්වහන්සේලා ප්‍රකාශ කරනු ලැබූහ.
මෙහිදී කාන්තා වන්ධ්‍යාකරණය සම්බන්ධයෙන් ඉදිරියේදී ඊට අදාළ වෛද්‍යවරුන්, ප්රමුඛ නිලධාරීන් කැඳවා බොදු බල සේනා සංවිධානය සමඟ සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙළක් යෙදීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා එකඟතාව පළ කළේය.
http://www.divaina.com/2013/11/01/news19.html

0 comments:
Post a Comment