පවතින ආණ්‌ඩුව විසින් උතුර පළාතෙහි විශාල සංවර්ධනයක් සිදුකර තිබියදී පසුගිය උතුර පළාත් සභා මැතිවරණයෙන් දෙමළ සන්ධානයට විශාල ජයක් අත්වීම දකුණේ බොහෝ දෙනාගේ මවිතයට හේතු විය. එහෙත් එවැනි තත්ත්වයක් ඇතිවීමට බලපෑ කරුණු බොහෝය. අප එදෙස විමර්ශනශීලීව බලන්නේ නම් ඔවුන් එම ලබාගත් ජයග්‍රහණය සංඛ්‍යාත්මක වශයෙන් දෙමළ සන්ධානයේ ජයග්‍රහණයක් වුවද සමස්‌තයක් වශයෙන් ගත්කල එය පවතින ආණ්‌ඩුවේ මෙන්ම රට ලැබූ විශාල ජයග්‍රහණයකි. අප එසේ දකින්නේ වසර ගණනාවක් තිස්‌සේ කැකෑරෙමින් තිබූ ප්‍රශ්න ගණනාවක් හේතුවෙන් ශ්‍රී ලංකාව දෙකඩ වී යා හැකි තරම් උග්‍රවූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී අරගලය නිමාවුණේ සාමකාමීව හෝ සාකච්ඡා මාර්ගයෙන් නොව විශාල යුද මෙහෙයුමකින් වීමෙනි. එකම රටේ ජනතාව දෙකට බෙදී දේශය බෙදා ගැනීමේ එම යුද්ධය හේතුවෙන් රටේ සංවර්ධනය බොහෝ දුරට අඩාල විය. මානව හා භෞතික සම්පත් මෙන්ම යටිතල පහසුකම් විශාල වශයෙන් විනාශ වූ අතර එදිනෙදා ජන ජීවිතයටද මහත් තර්ජන ඇති විය. මෙම ත්‍රස්‌තවාදී සංවිධානය මුළුමනින්ම පරාජයට පත්වීම නිසා රට දෙකඩ කිරීමේ බලාපොරොත්තුවෙන් සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානය නොයෙක් ආකාරයෙන් ආධාර උපකාර කළ බටහිර රටවල් මෙන්ම ඉන්දියාවද මහත් සේ නොසතුටට පත්විය. ඒ නිසා ශ්‍රී ලංකාව අස්‌ථාවර කිරීමේ අරමුණෙන් නොයෙකුත් මානව හිමිකම් ප්‍රශ්න ඇති කරන ලද අතර ඒ සියලු දේට මුහුණ දීමට ආණ්‌ඩුවට සිදු විය. යුද්ධය අවසන් වුවද එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිතවත් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවත් රාජ්‍යයන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ලවා යුද්ධය අවසාන කාලයේ දී රට තුළ මානව හිමිකම් කඩවූවාය යන මතය ගොඩනඟමින් තවදුරටත් ශ්‍රී ලංකාව අස්‌ථාවර කිරීමේ ප්‍රයත්නයක යෙදී සිටී.
ඒ වගේම මොවුන් තිස් වසරකට අධික කාලයක් වෙනම දෙමළ නිජබිම් සංකල්පයක් සහිතව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආයුධ සන්නද්ධ පාලනය යටතේ සිටි ජනතාවකි. එම බැඳීම් හා දෙමළ ජාතිකත්වය නිසා දකුණේ අප කෙරෙහි ඔවුන් විශ්වාසය තබාවි යෑයි එක්‌වරම සිතිය නොහැක. එවැනි හේතුන් පසුගිය පළාත් සභා මැතිවරණයේ දී නිතැතින්ම ඔවුන්ට බලපෑ බව අප සැලකිය යුතුය. ඒ සඳහා තවදුරටත් දෙමළ ඩයස්‌පෝරාව මෙන්ම ඔවුන්ගේ ත්‍රස්‌තවාදී අරගලයට නොයෙකුත් ආකාරයෙන් ආධාර උපකාර කළ බටහිර බලවත් ජාතීන්ගේ හිතවත්කමද එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්‌ඩලය හා ඉන්දියාව ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ මාවතේ තවමත් සිටීමද, දෙමළ සන්ධානයේ ජයග්‍රහණයට විශේෂයෙන්ම බලපෑ බව පෙනේ. උතුරු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කර සිටි අපේක්‍ෂකයන් දෙමළ සන්ධානයේ හා කොටි සංවිධානයේ හිතවතුන් බැවින් හා ඔවුන්ගේ නායකත්වය දැනටමත් ලංකා පාර්ලිමේන්තුව නියෝජනය වන හෙයින් දෙමළ ජනතාව ආණ්‌ඩුවට වඩා ඔවුන් කෙරෙහි වැඩි විශ්වාසයක් තැබුවා විය හැකිය. විශේෂයෙන්ම දෙමළ ජනතාව තම දේශපාලන අරමුණු කරා ඈඳා ගැනීම සඳහා මැතිවරණයේ මුල් අවධියේ සිටම දෙමළ සන්ධානය විසින් අතීතය මතක් කර ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයෙන් වෙනම රාජ්‍ය ලක්‌ෂණ හා එල්.ටී.ටී.යේ බලාපොරොත්තු සඳහන් කිරීමත් ඒ අවධියේම එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මණ්‌ඩලයේ ප්‍රධානී නවනීදන් පිල්ලේ මහත්මියගේ පැමිණීමත් උතුරේ දෙමළ ජනතාවගේ වෙනම රාජ්‍ය සංකල්ප මතයට දිරිගැන්වීමක් විය. ඒ තුළින් එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනම රාජ්‍යයක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළාය යන මතයද ඉදිරිපත් කිරීමෙන් දෙමළ ජනතාවගේ අනුකම්පාව, විශේෂයෙන්ම දෙමළ සන්ධානය වෙත ඇදී ගොස් ඇති බව පැහැදිලිව පෙනේ. මෙවැනි නොයෙකුත් හේතු කාරණා නිසා පවතින ආණ්‌ඩුව කෙතරම් දුරට උතුර සංවර්ධනය කළා යෑයි කීවද එම මතය දෙමළ ජනතා හදවත් තුළට කාවැදී නොමැති බව උතුර පළාත් සභා මැතිවරණයේ දී පැහැදිලිව පෙනිණි.
මේ අනුව සැලකීමේදී එල්.ටී.ටී.ඊ. හිතවත් දෙමළ සන්ධානයට උතුර පළාත් සභාවේ බලය ලැබීම සාමාන්‍ය දෙයකි. මේ සඳහා දෙමළ සන්ධානයේ මැතිවරණ ප්‍රචාරණය උතුරේÊජනතාවගේ බසින් ඔවුන්ගේ හදවත් වලට දැනෙන ආකාරයෙන් සිදුවීමත්, ආණ්‌ඩුවේ ප්‍රචාරණය එතරම් දුරට දෙමළ ජනතාවගේ හදවතට නොදැනීමත් යන කරුණුද මෙම ජයග්‍රහණයට බලපාන්නට ඇත.
පළාත් සභා මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව උතුරේÊදෙමළ සන්ධානය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන පිළිවෙත අවිනිශ්චිතය. එම තත්ත්වයට දෙමළ ඩයස් පෝරාව, ඉන්දියාව මෙන්ම ජාත්‍යන්තරයේ ඇඟිලි ගැසීම් බොහෝ සේ බලපා ඇත. එය එසේ හෙයින් ඉහත සඳහන් කළ පරිදි කවුරුන් අකැමැති වුවත්, ආණ්‌ඩුවේ උතුරු වසන්තය දිගටම ක්‍රියාත්මක කළ යුතුය. ඒ වාගේම ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතීන් හා විදේශ ආයෝජනයන් තුළින් හැකිතාක් දුරට උතුරේ ජනතාවට
රැකියා අවස්‌ථා ඇති වන ආකාරයේ කර්මාන්ත ඇති කිරීමෙන්, කාලාන්තරයක් තිස්‌සේ උතුරේ ජනතාව දකුණේ ජනතාව කෙරෙහි පවතින වෛරය හා අවිශ්වාසය ක්‍රමයෙන් තුනීවී විශ්වාසය ගොඩනැඟෙනු ඇත. මෙම තත්ත්වය දවසින් දෙකින් සිදු නොවූවත් එය රටේ අනාගත ජාතික සමගියට බෙහෙවින් උපකාර වනු ඇත. එය එසේ වුවද තිස් වසරක් පමණ පැවති උග්‍ර ත්‍රස්‌තවාදී අරගලය නිමා වූයේ දරුණු යුද මෙහෙයුමකින් බැවින් ජාතීන් අතර ඇති වූ සැකය හා අවිශ්වාසය දුරු වී ජාතීන් අතර සමගිය නැවත තහවුරු වීමට නම් තවත් ශතවර්ෂ භාගයක්‌වත් ගතවනු ඇත.
රටක වැඩවර්ජන, උද්ඝෝෂණ, ජනතා නැගිටීම් ආදිය ඇති වන්නේ රටේ සම්පත් හා සේවාවන් ජනතාව අතර සාධාරණව බෙදී නොයැම හේතුවෙන් ආර්ථික හා සාමාජික අපහසුතාවන් ජනතාවට ඇතිවන අවස්‌ථාවලදී, ඒ අයිතීන් දිනා ගැනීමට යැම හේතුවෙනි. පවතින ආණ්‌ඩුව එවැනි අවස්‌ථාවලදී කරුණු හරි හැටි විමර්ශනය කර නිසියාකාරව ක්‍රියා කරන්නේ නම් හා ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් ලබාදී එදිනෙදා ජීවිතය ගෙන යැම සඳහා ප්‍රමාණවත් විය හැකි අත්‍යවශ්‍ය භාණ්‌ඩ මිල අඩු කිරීම, වැටුප් වැඩිකිරීම හා අනෙකුත් ව්‍යාපාර කටයුතු නිෂ්පාදනය, ප්‍රවාහනය හා අලෙවිය මෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍ය කටයුතු නිසියාකාරව ලබාදීමට කටයුතු සැලසෙන්නේ නම් උද්ඝෝෂණ, වැඩවර්ජන, ජනතා නැගිටීම් සඳහා ජනතාව ඒකරාශී කිරීම එතරම් පහසු නොවනු ඇත. එය යථාර්ථයයි. එහෙත් උතුරේ ප්‍රශ්නය එසේ නොවේ. එය ජාති, ආගම්, භාෂා, නිජබිම් සංකල්පය යනාදී නොයෙකුත් ප්‍රශ්න එකට ගැටගැසී සංකීර්ණ වූ ප්‍රශ්නයකි. එම ප්‍රශ්නය කාලාන්තරයක් තිස්‌සේ කැකෑරෙමින් තිබී අවසානයේ විශාල යුද මෙහෙයුමකින් සමනය වූ ප්‍රශ්නයකි. එහෙත් තවමත් එම ප්‍රශ්නය මුළුමනින්ම විසඳී ඇති බවක් නොපෙනේ. ඊට අමතරව ජාත්‍යන්තර ඇඟිලි ගැසීම්, මානව හිමිකම් ප්‍රශ්න යනාදිය හේතුවෙන් ජාත්‍යන්තරය තුළ ඉන්දියාව ශ්‍රී ලංකාව අපහසුතාවට පත් කිරීම සඳහා කිසියම් මාවතකට පැමිණ ඇත. කරුණු මෙසේ හෙයින් එම සංකීර්ණ ප්‍රශ්නයට අතගැසීමේදී ශ්‍රී ලංකා ආණ්‌ඩුව රටේ ඒකීය භාවය රැකෙන ප්‍රතිපත්ති මත පිහිටා ඉතා ප්‍රවේශම්ව පළාත් සභා ක්‍රමය තුළ පවතින අයිතීන් ඒ ඒ පළාත් සභාවට විමධ්‍යගත කිරීමේදී සමාන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය. විශේෂයෙන්ම ඉන්දියානු බලපෑම් මත ඇතිවූ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය තුළින් බිහිවූ උතුර පළාත් සභා මැතිවරණයේ දී දෙමළ සන්ධානය ලබාගත් ජයග්‍රහණය හේතුවෙන් තාවකාලිකව උතුර නිහඬ වුවද එම නිහඬතාව කොතෙක් දුරට ර¹ පවතී දැයි කිව නොහැක. පවතින ආණ්‌ඩුව ශක්‌තිමත්ව පවතින තාක්‌කල් උතුරේ පළාත් සභාව නිහඬව සිටියද එම පාලනය දුර්වල වූ හෝ තුනෙන් දෙකක බලය පාර්ලිමේන්තුව තුළින් ලබා ගැනීමට ආණ්‌ඩුව අපොහොසත් වූ වහාම උතුර පළාත් සභාව 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ අන්තර්ගත රටේ ඒකීය භාවයට තර්ජනයක් විය හැකි බලතල පවා ඉල්ලනු නියතය. එසේ ඉල්ලීමෙන් පමණක් නොනැවතී ජාත්‍යන්තර බලවේගවල සහාය ලබා ගැනීමටද පෙළඹෙනු ඇත. මේ අවස්‌ථාව වන විට ආණ්‌ඩුව තවත් අසීරු තත්ත්වයකට පත් කිරීම සඳහා එකම භාෂාවක් කතා කරන නැගෙනහිර මුස්‌ලිම් ජනතාවද උතුර පළාත් සභාවට සහාය දීම සඳහා අනිවාර්යයෙන්ම ඔවුන් සමග එකතු වනු ඇත. එයට පෙරනිමිති දැනටමත් මතුවෙමින් පවතී. ඒ අනුව උතුර නැගෙනහිර පළාත් සභා දෙකද, ඉන්දියාව හා බටහිර බලවතුන්ද එකතු වූ පසු ශ්‍රී ලංකා ආණ්‌ඩුව නිරායාසයෙන්ම අසරණ තත්ත්වයට පත්වනු ඇත. එම තත්ත්වය අතීතයේ දී ජාත්‍යන්තරය විසින් සූඩානයට කළ දේ සිහි ගැන්වීමකි. එමනිසා තවදුරටත් කල් නොයවා අද අදම අනාගතයේදී විය හැකි බැරෑරුම් තත්ත්වය ගැන හොඳින් සිතා බලා ගත යුතු පියවර ඉක්‌මනින් ගැනීම රටේ ඒකීය භාවයට වඩා ආරක්‍ෂිතය.
ශ්‍රී ලංකාව පාලනය කිරීම, එහි අභ්‍යන්තර හා බාහිර ආරක්‌ෂාව සැපයීමේ වගකීම රටේ පවතින ආණ්‌ඩුව සතුය. ඒ හැර රට පාලනය කළ යුතු ආකාරය හමුදාව ස්‌ථානගත කළ යුත්තේ කොතැනද කොයි ආකාරයන්ද කියා ශ්‍රී ලංකාවට උපදෙස් දීමට හෝ බලපෑම් කිරීමට හෝ වෙනත් කිසිදු රටකට කිසිම අයිතියක් නැත. ඉන්දියාව විසින් ලංකාවට බලෙන් පටවන ලද 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධන නැතිවාට රටේ ඒ ඒ පළාත්වලට පැවරිය යුතු බලතල ජනතාවගේ මතය අනුව දේශයට ඔබින සේ පිළියෙල කරන ලද පළාත් පාලන ක්‍රමයක් රට තුළ පවතී. ඒ පළාත් පාලන ක්‍රමය ජනතා සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා හොඳටම ප්‍රමාණවත්ය.
තවද ඉන්දියාව පෙන්වා දුන් පරිදි 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිගත්තේ නැතිවා මෙන්ම එම ක්‍රියාවලිය හේතුවෙන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය සමථයකට පත්වූයේ වත් ඉන්දියානු හමුදාවට මෙම ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීමට හැකියාවක් වූයේවත් නැත. එවැනි හේතූන් නිසා ඉන්දියාව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය හා ඒ තුළින් නිර්මාණය වූ පළාත් සභා ක්‍රමය ලත් තැනම අකර්මණ්‍ය විය. එයින් ශ්‍රී ලංකාවේ ඒකීය භාවයට කිසියම් තර්ජනයක් වූවා මිස ශ්‍රී ලංකාවට කිසිදු යහපතක් සිදු වී නැත. ඒ අනුව 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ශ්‍රී ලංකාව තුළ හිස් වගන්තියක් බවට පත්ව ඇත. ඒ වාගේම උතුරේ එදා පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය නිමකළේ ඉන්දියාව හඳුන්වාදුන් පරිදි 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් නොව ලංකාව වැනි රටවල් දෙකක් පමණ සංවර්ධනය කිරීමේ හැකියාවක් තිබූ විශාල ධනස්‌කන්දයක් යුද ආයුධ වෙනුවෙන් වැයකර දස දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කිරීමෙන් හා එවැනිම සංඛ්‍යාවක් ආබාධිතයන් කරන ලද විශාල යුද මෙහෙයුමකිනි. ඒ බව ඉන්දියාව මෙන්ම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්‌ඩලයද නොදන්නවා නොවේ. එහෙත් අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන දෙමළ සන්ධානයද, ඉන්දියාව ද එදා සිටියේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමගය. ඒ නිසා ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය ගැන හෝ මානව හිමිකම් ගැන කතා කිරීමට කිසිම අයිතියක් නැත.
ශ්‍රී ලංකාව එදා මුහුණ පෑ ත්‍රස්‌තවාදී අරගලයේදී බටහිර බලවතුන් මෙන්ම අද එල්.ටී.ටී.ඊ. මානව හිමිකම් වෙනුවෙන් කඳුළු හෙලන රටවල් එල්.ටී.ටී.ඊ. සංවිධානයට උදව් කළා මිස
ශ්‍රී ලංකාව වෙනුවෙන් මධ්‍යස්‌ථ පිළිවෙතක් අනුගමය කළේ නැත. ඒ අවධියේදී මෙන්ම අදත් ශ්‍රී ලංකාවට උපකාර කළේ හා කරන්නේ රුසියාව, චීනය, පකිස්‌තානය, ඉරානය වැනි රටවල් මිස අද මානව හිමිකම් ගැන කතා කරන රටවල් නොවේ.
මෙවැනි දහසකුත් කරුණු කාරණා සැලකිල්ලට ගෙන ඉන්දියාව විසින් උතුරේÊප්‍රශ්නය විසඳීම සඳහා යෑයි පවසමින් ලංකාවට බලෙන් පටවන ලද 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් රටේ මෙතෙක් පැවති ඒකීය භාවයට තර්ජනයක් වූවා මිස වෙනත් කිසිම ප්‍රයෝජනයක් රටට සිදුවී නැත. ඉන්දියාව කියන ආකාරයට 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ දක්‌වා ඇති කාරණා ඒ ආකාරයන්ම ක්‍රියාත්මක කළහොත් අනිවාර්යෙන්ම උතුර පළාත වෙන් කෙරෙන ත්‍රස්‌තවාදී අරගලයකට නැවතත් රට ගමන් කළ හැකිය යන මතය පසුගිය පළාත් සභා මැතිවරණයේ දී දෙමළ සන්ධානය විසින් ඉදිරිපත් කරන ලද මැතිවරණ ප්‍රකාශනයෙන්ම සනාථ වේ. එවැනි ප්‍රකාශ නිකුත් කිරීමෙන් දෙමළ සන්ධානය බලාපොරොත්තු වන්නේ රටේ ඒකීය භාවය සුරක්‌ෂිත කිරීම නොව ජාතිවාදී මානසිකත්වයෙන් අන්තයට ගිය එල්.ටී.ටී.ඊ. සංවිධානයට යුද්ධයෙන් ලබාගත නොහැකි වූ දෙය ඉන්දියාව හා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්‌ඩලය ලවා
ශ්‍රී ලංකාවට බලපෑම් කර ලබා ගැනීමයි. ඒ අනුව පැවති හා අද පවතින කරුණු හොඳින් සලකා බලා ඓතිහාසික පදනමින් වුවද එක් රටක්‌ව පැවති ලංකාව ජාතීන් වශයෙන් කොටස් කිරීම සඳහා වක්‍ර මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය හා ඒ තුළින් නිර්මාණය වූ පළාත් සභා ක්‍රමය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් හෝ ජනමත විචාරණයක් තුළින් හෝ අහෝසි කිරීමට පියවර ගැනීමයි. එහෙත් අද පළාත් සභා ක්‍රමය එක්‌තරා දුරකට ස්‌ථාපනය වී ඇති බැවින් එසේ කිරීමට අපහසුතාවක් ඇත්නම් පමණක් පළාත් සභා ක්‍රමය තුළ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා කටයුතු කිරීමට අවශ්‍ය වන බලතල සියලු පළාත් සභාවලට එක හා සමානව විමධ්‍යගත කර රටේ ඒකීය භාවය රැකෙන ආකාරයට ආණ්‌ඩුක්‍රම පනත සංශෝධනය කිරීමයි.
බී. ඒ. ඊ. කුරේ
http://www.divaina.com/2013/11/01/feature01.html

0 comments:
Post a Comment