Pages

Wednesday, November 6, 2013

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් නව සොයාගැනීමක්‌ | ඩෙංගු මර්දනයට ඉස්‌ගෙඩියන්ගේ පිහිට

අපේ රටේ වටිනා ජීවිත රැසක්‌ මරු තුරුළට කැඳවූ ඩෙංගු මදුරු වසංගතය තුරන් කරන්නට පරිසර හිතකාමී ස්‌වාභාවික ක්‍රමවේදයක්‌ යොදා ගත හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යා අංශය මගින් සිදු කළ පරීක්‍ෂණයකින් තහවුරු වී තිබේ. එම අධ්‍යයන අංශයේ ආචාර්ය මාධව මීගස්‌කුඹුර මහතාගේ මගපෙන්වීම යටතේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් වන ගයාන් බෝවත්ත, පියුමාලි පෙරේරා, ගයනි සෙනවිරත්න, සුයාමා මීගස්‌කුඹුර යන අයගේ පූර්ණ නිරීක්‍ෂණ දාය කත්වයෙන් මෙම පර්යේෂණය සිදු කෙරිණි.

ඔවුන්ගේ මෙම පර්යේෂණයට අනුව ඩෙංගු මදුරු බිත්තර විනාශ කිරීම සඳහා උභයජීවී ඉස්‌ගෙඩියන් (ගෙම්බන්ගේ මූලික ජීවී අවස්‌ථාව) යොදාගත හැකි බව තහවුරු වී තිබේ. ඩෙංගු මදුරුවන් තම බිත්තර දැමීම සඳහා ඉස්‌ගෙඩියක්‌ සිටින ජල පද්ධති වෙත වැඩි ආකර්ෂණයක්‌ දක්‌වන බවත්, එම ආකර්ෂණය ප්ලාස්‌ටික්‌, ටින් ආදී බඳුන් හා ටයර් මත රැඳි වතුරේ බිත්තර දැමීමේ ප්‍රවණතාව අභිබවා යන්නක්‌ බවත් මෙම පර්යේෂණයෙන් තහවුරු වී තිබේ. වැඩි උනන්දුවකින් හා ආකර්ෂණයකින් යුතුව ඉස්‌ගෙඩියන් සජීව ලෙස ජීවත්වන වතුරේ ඩෙංගු මදුරුවන් බිත්තර දමන නමුත් එම මදුරු බිත්තර ඉස්‌ගෙඩියන් විසින් ආහාරයට ගනු ලබන බැවින් මදුරුවන් බෝවීම ඉතා අඩු මට්‌ටමක පවතින බවද තහවුරු වී ඇත.

ඉස්‌ගෙඩියන්ට මග හැරෙන බිත්තරවලින් මදුරු කීටයන් දෙතුන් දෙනෙක්‌ හැදුණත් එම වතුරේ මාළු සිටී නම් (විශේෂයෙන්ම ගප්පි මාළු) එම මාළුන්ගේ රසවත් ආහාරයක්‌ බවට මදුරු කීටයන් පත්වන බැවින් මදුරුවෙකු බිහිවීම එයින් ද වළකිනු ඇත. මෙම පරීක්‍ෂණය සඳහා උභයජීවි විශේෂ හතරක ඉස්‌ගෙඩියන් යොදාගෙන තිබිණි. එම වර්ග හතර වන්නේ ඊමදෙ Rමප්බැකක්‌ල Eමචයකහජඑසජ සහ Hදචකදඉaඑර්ජයමි යන්නයි. මොවුන් විවිධ ක්‍රම ආහාර ගැනීමේදී භාවිත කරන නමුත් එම සෑම ක්‍රමයකින්ම අඩු වැඩි වශයෙන් මදුරු බිත්තර ආහාරයට ගන්නා අයුරු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා රසායනාගාරයේදී තහවුරු කර ගැනීමට මෙම පර්යේෂකයන් කණ්‌ඩායම සමත් විය. කුඩා පොකුණු, දිය කඩිති, වළවල් ආදිය ඉස්‌ගෙඩියන්ගේ සජීව වාසස්‌ථාන වේ. නිවෙස්‌වල පවත්වාගෙන යන දිය පොකුණුවල ගප්පි මාළු සමග ඉස්‌ගෙඩියන්ද බෝවීම මේ අනුව බැලීමේදී පෙනී යන්නේ ඩෙංගු මදුරු මර්දනයට ඉවහල් වන බවය.

පසුගිය කාලයේදී නිවෙස්‌වල පොකුණු හෝ ගෙම්බන් නිසි පරිදි වර්ධනය වන ගෙඹි වාසස්‌aථාන විනාශ කරනු ලැබූවේ ඩෙංගු මදුරු උවදුර නැසීම සඳහා නමුත් නිසි පරිදි පවත්වාගෙන යන ගප්පි මාළුවන් සහිත පොකුණු විනාශ කිරීම මේ අනුව බැලීමේදී ඩෙංගු මර්දනයට හිතකර නොවන බව පැහැදිලි වේ. ඇතැම්විට විශාල ගස්‌, පඳුරු ශාක ආදිය ද ඩෙංගු මදුරුවන් බෝවන බව කියමින් විනාශ කර දැමුවද එවැනි ස්‌ථාන වඩාත් හිතකර ගෙඹි වාසස්‌ථාන බව පර්යේෂණ කණ්‌ඩායම විසින් හෙළිදරව් කරනු ලැබීය.

ඩෙංගු මදුරු බිත්තර දැඩි වියළි බිමක මාස හයකට වැඩි කාලයක්‌ වූවද නොනැසී පවතින අතර වැසි සමග යළි ඒවා සක්‍රීයවීමෙන් මදුරුවන් ව්‍යාප්ත වේ. එබැවින් මදුරුවන් විනාශ කිරීමට පෙර එම භයානක මදුරුවන් බිත්තර අවස්‌ථාවේදීම විනාශ කළ යුතුව ඇත. මෙම පර්යේෂණය මගින් එම ක්‍රියාවලිය සක්‍රීය කරවීමට සහායක්‌ සැපයේ.

මෙම නවතම පර්යේෂණය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරමින් ඩෙංගු මර්දන වැඩපිළිවෙලට අවශ්‍ය සහයෝගය දැක්‌වීමට පියවර ගන්නා බවද ආචාර්ය මීගස්‌කුඹුර මහතා අප සමග පැවසීය.

තුෂාරී කළුබෝවිල
http://www.divaina.com/2013/11/05/thotamuna01.html

0 comments: