Pages

Tuesday, October 1, 2013

සෝරත නාහිමියන් සසුනට කළ මෙහෙය විශිෂ්ටයි - අමරපුර සංඝ සභාව

කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපතිව වැඩ විසූ ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයේ කුලපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නායක ස්‌වාමීන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ බලවත් සංවේගය පුද කර සිටි.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ බලවත් සංවේගය පුදනමෙන් එම සංඝ සභාවේ සභාපති මහෝපාධ්‍යාය දොඩම්පහල චන්ද්‍රසිරි මහානාහිමියන් නිකුත් කළ ශෝක පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

ස්‌වකීය කිරිවෙහෙර විහාරගණය පිළිබඳව කැප වී ක්‍රියා කළ උන්වහන්සේ මැනවින් ඒවා සංරක්‌ෂණය කර පෝෂණයද කරමින් පාරිසරික ආකර්ෂණයට නතුවන අයුරින් හා පැමිණෙන කවරමවුව ශ්‍රද්ධා භක්‌තිකයකුට සිය ශ්‍රද්ධාව වැඩි දියුණු වන පරිදි සකස්‌කරවන්ට තරම් පොහොසත් වූහ.

ශාස්‌ත්‍රීය අතින් ද සුවිශාල සේවාවක නිතර වූ උන්වහන්සේ ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය දරමින් අප්‍රමාණ ශාස්‌ත්‍රීය සේවාවක නිරත වූහ. මේ සියලු ක්‍රියාවනට වඩා උන්වහන්සේ අතින් සිදුවූ වැදගත්ම සේවාව වනුයේ මේ ශාසනය පවත්වාගෙන යැම සඳහා සුදුසු ප්‍රතිඵල සම්පන්න සිසු පිරිසක්‌ තනා තිබීමයි.

දශක හයකට අධික කාලයක්‌ සම්බුද්ධ ශාසනයේ විරස්‌ථීතිය උදෙසා අප්‍රමාණ ආගමික, ශාසනික ශාස්‌ත්‍රීය හා සමාජ සේවාවක නිරත වී වදාළ පූජ්‍ය පාද ආචාර්ය අලුත්වැව සෝරත නායක ස්‌වාමීන් වහන්සේට උතුම් අමාමහ නිවන් සුව ලැබේවායි සමස්‌ත අමරපුර මහා සංඝ සභාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි.

http://www.divaina.com/2013/10/01/news17.html

සබැඳි ලිපි -
[
සෝරත නාහිමියන්ට ගෞරව දැක්‌වීමට ජන ගඟක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_7367.html
]

0 comments: