Pages

Tuesday, October 1, 2013

'ටෙලිමේල්' නීත්‍යානුකූල පිළිගැනීමක්‌ අවශ්‍යයි

විකල්ප වැඩපිළිවෙළක්‌ නොමැතිව තැපැල් විදුලි පණිවුඩ සේවාව (ටෙලිග්‍රෑම්) අද (1 දා) සිට අහෝසි කිරීම හේතුවෙන් දාහතර ලක්‍ෂයක්‌ පමණ වන රජයේ සේවකයන්ට අත්‍යවශ්‍ය අවස්‌ථාවලදී සේවයට වාර්තා කිරීමට නොහැකි බව නිල වශයෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දීමට තිබූ අවස්‌ථාව අහිමිව තිබෙන බව තැපැල් වෘත්තීය සමිති චෝදනා කරයි.

මෙය සමස්‌ත රජයේ සේවකයන්ට එල්ල කළ කම්මුල් පහරක්‌ ලෙස තමන් සලකන බව ලංකා තැපැල් සේවක සංගමයේ ලේකම් ජයන්ත විෙ-සේකර මහතා "දිවයින" ට ඊයේ පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ ජයන්ත විෙ-සේකර මහතා, විදුලි පණිවුඩ සේවාව අහෝසි කොට ඒ සඳහා විකල්පයක්‌ ලෙස ටෙලිමේල් සේවාව හඳුන්වා දීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. නමුත් විදුලි පණිවුඩයට තිබෙන නීත්‍යානුකූල පිළිගැනීම ටෙලිමේල් සේවාවට නැහැ.

දුරකථන ඇමතුමක්‌ දීලා නැත්නම් එස්‌. එම්. එස්‌. එකක්‌ ගහලා හදිසි අවස්‌ථාවකදී රජයේ සේවකයන්ට නීත්‍යානුකූල ලෙස නිවාඩු වාර්තා කිරීමට හැකියාවක්‌ නැහැ. නීත්‍යානුකූල ලියවිල්ලක්‌ ලෙස අධිකරණය පිළිගන්නෙත් විදුලි පණිවුඩ සේවාව විතරයි. එනිසා රජය වහාම විදුqලි පණිවුඩයට තිබූ නීත්‍යානුකූල පිළිගැනීම ටෙලිමේල් සේවාව සඳහා ද ලබාදිය යුතුයි.

ප්‍රියදර්ශන ලියනගේ
http://www.divaina.com/2013/10/01/news12.html

සබැඳි ලිපි -
[
ටෙලිග්‍රෑම් වෙනුවට 'ටෙලිමේල්' හෙට සිටhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_3961.html
]

0 comments: