ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (29 දා) අංගොඩ ටී. බී. ඉලංගරත්න ක්‍රීඩාංගණයේ ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් පැවැති උත්සවයේදීය.
වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරමින් ඇය මෙසේද කියා සිටියාය. දුම්වැටිය, මද්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් විනාශ වන්නේ මුදල් පමණක් නොවෙයි. මේ රට සංවර්ධනය කරන්න ඉන්න ශ්‍රම බළකාය වගේම අනාගතයේ ඒ ශ්‍රම බළකායට එකතු වෙන්න ඉන්න පාසල් වයසේ ඉන්න මේ අපේ දරුවෝ ටිකත් මේ නිසා විනාශ වෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාගේ මතට තිත වැඩපිළිවෙළට අනුව ලබන වර්ෂයේ මේ ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම මේ මත් රකුසා නැති කරන්න අපි සැවොම එකමුතුව වැඩ කළ යුතුයි. ඒකයි අපි මේ දරුවන්ට දෙන ආදර්ශය විය යුත්තේ,
දරුවන්ගේ සුන්දර ලෝකය ආරක්‍ෂා කරන වගකීsම දෙමාපියන් තම පවුල තුළින් ඇති කර ගත යුතු මෙන්ම පාසල, දහම් පාසල තුළින් රටට වැඩදායී මෙන්ම ලෝකයට වැඩදායී දරුවකු බිහි කිරීම දෙමාපියන්, වැඩිහිටියන් හා ගුරුවරුන්ගේ වගකීම බව අමතක නොකළ යුතුයි.
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි හේමසිරි අමරසිංහ මහතා විසින් සංවිධානය කර තිබුණු මෙම අවස්‌ථාවට කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි, මන්ත්‍රී ඉඳුනිල් ජගත් කුමාර, මන්ත්‍රී ඉසුරු උමයංග යන මහත්වරු සහ වොන්ගම ඡේ. එම්. සී. අධ්‍යාපන ආයතනයේ විදුහල්පති හා මනේකා අධ්‍යාපන ආයතනයේ විදුහල්පති ඇතුළු ගුරු මණ්‌ඩලය හා සම්භාව්‍ය පිsරිසක් සහභාගි වූහ.
සටහන සහ ඡායාරූප -කොලොන්නාවේ රත්නමාලි නූපේආරච්චි
http://www.divaina.com/2013/10/04/news35.html






0 comments:
Post a Comment