Pages

Sunday, November 10, 2013

ගැටුමෙන් හකීම් දිනයි. කල්මුණේ නගරාධිපති ඉල්ලා අස්‌වෙයි. නව නගරාධිපති නිසාම් කාරියප්පර්

කල්මුණේ මහ නගර සභාවේ නගරාධිපති ශිරාස්‌ මීරා සාහිබ් මහතා ඊයේ (8 දා ) සිය ධුරයෙන් ඉල්ලා අස්‌විය.

ඉල්ලා අස්‌වීමේ ලිපිය ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රාවුෆ් හකීම් මහතා වෙත ඊයේ (08 දා) භාරදී ඇත. ඒ අනුව පුරප්පාඩු වන නගරාධිපති ධුරයට නියෝජ්‍ය නගරාධිපති හා මුස්‌ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතා පත්කරන බව පක්‍ෂ නායක ඇමැති රාවුෆ් හකීම් මහතා පැවසීය. කාරියප්පර් මහතා ලබන 21 දායින් පසුව දිවුරුම් දෙන බවද එතෙක්‌ අද සිට ඔහු නගරාධිපති ධුරයේ වැඩ බලන බවද ඇමැතිවරයා ඊයේ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේය.

කල්මුණේ නගරාධිපති ධුරය වසර දෙක බැගින් ශිරාස්‌ මීරා සාහිබ් මහතාට හා නිසාම් කාරියප්පර් මහතාට ලබාදීමට එකඟතාවට පැමිණි නමුත් සාහිබ් මහතා පළමු වසර දෙක අවසානයේ ඉල්ලා අස්‌නොවීම නිසා ඔහු පක්‍ෂයෙන් නෙරපා හැරීමට පක්‍ෂ නායකත්වය තීරණය කර තිබිණි. ඉන් පසුව දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව ඊයේ හෙතෙම නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්‌වීමේ ලිපිය නායකට භාරදී තිබිණි.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/11/09/provin02.html

සබැඳි ලිපි -
[
හකීම් - කල්මුණේ නගරාධිපති 'සායිබු' ගැටේhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_127.html
]

0 comments: