Pages

Friday, November 8, 2013

පූජකයෙක් හොඳටම සූර් වී රිය පදවා යුවලක් හප්පයි. පූජකයා කූඩුවේ!

බොරැල්ල ප‍්‍රදේශයේ පල්ලියක පූජකවරයෙක් බීමතින් මෝටර් රථයක් පදවා අනතුරක් සිදු කළේ යැයි අත්අඩංගුවට ගත් බව කැලණිය පොලීසිය පවසයි.

මෙම පූජකවරයා ඊයේ රාත‍්‍රී 7.30 ට පමණ මෝටර් රථය පදවාගෙන කැලණිය දෙසට එමින් සිටියදී කොහොල්විල විරුද්ධ මංතීරුවේ රථය ධාවනය කරවා හන්දියේ දී විරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැවි පොලිසිය කියයි.

අනතුරට ලක්වු මෝටර් රථයේ ගමන් ගත් යුවළ බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට ඇති අතර සැකකාර පූජකවරයාද තුවාල ලබා ඇති අතර ඔහුගේ දත් කිහිපයක් කැඞී ඇතැයි කැලණිය පොලීසියේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ පූජකවරයා අධික බීමතින් සිටි බවද ඔහුගේ වාහනයේ තිබී තවත් මත්පැන් බෝතලයක් සොයාගත් බවද පොලිසිය සඳහන් කරයි.

http://lankacnews.com/sinhala/news/104271/

0 comments: