Pages

Friday, November 8, 2013

ආණ්ඩු ලොරියේ අඩය අපියි. ඉවත් වුනොත් ලොරිය පාතාලයේ - JHU

ශ‍්‍රී ලංකාව තුළ බුද්ධ විරෝධී කටයුතු වල නිරත වීමට සැබෑ බුද්ධ පුත‍්‍රයන්ගේ පණ නළ තිබෙන තුරු ඉඩ නොතබන බව ජාතික හෙළ උරුමයේ නායක  ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

කැසිනෝ පනතට විරෝධය පල කරමින් කොළඹ නව නගර ශාලාවේ පැවති ජන හමුවේදී උන් වහන්සේ මේ බව පැවසීය.

ඕමල්පේ සෝභිත හිමිගෙන් උත්සවය අමතමින් මෙසේද කීහ.

‘ජේම්ස් පැකර්ට බදු නොගෙන දෙන පින්කමේ අරමුණ ඒ බදු මුදල යටින් කොමිස් ලෙස කවුරුන් හෝ ගැනීමයි. රජයට බදු ගන්නෙත් නැතිව ජේම්ස් පැකර්ට වරදාන දීමේ යම් අරමුණත් තිබෙනවා. රජයට සල්ලි නැතිව ණයෙන් ජීවත් වෙනවා නම් බදු ගැනීමයි කළ යුත්තේ.

මේ ආණ්ඩුව විශාල වටිනා බඩු පටවා ගත් නවීන පන්නයේ ලොරියක් වගෙයි. පල්ලමේ නවත්තලා තියන ලොරියට තියලා තියන ජාතික හෙළ උරුමය කියන පුංචි අඩය ඉවත් කළොත් අනිවාර්යෙන් පාතාලයට වැටෙනවා. ජාතික හෙළ උරුමය කියන්නේ මන්ත‍්‍රීධූර 2ක් නොවෙයි. ජාතික මාමක බලවේග සියල්ලේ පෙනී සිටීමයි.

මහින්ද චින්තනය හරහා බලාපොරොත්තු වූ දේවල් ඉටු කර ගැනීමට නම් මේ පුංචි අඩය තිබිය යුතුයි. ඒ අවස්ථාවල පැන නගින ප‍්‍රශ්න හමුවේ අපේ මතය අපි ප‍්‍රකාශ කරනවා.ගණිකා වෘත්තිය නීතිගත කරන්න පනතක් ගෙනාවොත් එයටත් අපි විරුද්ධයි. පංච මහ බල කේන්ද්‍රය සකස් වන්නේ කැසිනෝ, ගණිකා, මත් කුඩු, නිල් චිත‍්‍රපට හා කසිප්පු මගින්. මේවාට රජය යොමු වුණොත් රට මරන්න කලින් අපි මැරෙන්න සූදානම්’

http://lankacnews.com/sinhala/news/104243/

0 comments: